28.2 C
Colombo
Saturday, April 27, 2024

පළාත් අතර බස්, දුම්රිය යළිත් ඇරඹෙයි (වීඩියෝ)

- Advertisement -

නොවැම්බර් මස පළමුවනදා සිට පළාත් අතර බස් සහ දුම්රිය සේවාවන් යළිත් ක්‍රියාත්මක කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසන්නේ මේ අනුව දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට කොළඹට පැමිණෙන කාර්යාල සේවකයින් සඳහා විශේෂ බස් රථ සේවා ද ක්‍රියාත්මක කිරීමටද පියවර ගෙන ඇති බවයි.

දැනට ක්‍රියාත්මක පළාත් අතර සංචරණ සීමා ඔක්තෝබර් මස 31 වනදා පෙරවරු 04 න් පසු ඉවත් කිරීමට ඊයේ (29) රැස්වූ කොවිඩ් මර්දන විශේෂ කමිටුවේදී තීරණය කළා.

ඒ අනුව නොවැම්බර් මස පළමුවැනිදා සිට පළාත් අතර දුම්රිය සේවාවන් ක්‍රියාත්මක කිරීමට නියමිත බව දුම්රිය දෙපාර්තමේන්තුවද පවසනවා.

මීට පෙර පැවති ආකාරයෙන්ම ප්‍රවේශ පත්‍ර කවුළු හරහා මගීන්ට දුම්රිය ප්‍රවේශ පත්‍ර ලබා ගැනීමේ හැකියාවද පවතින බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා සදහන් කරනවා.

කෙසේ වෙතත් මීට පෙර අවස්ථාවක වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කළේ පළාත් අතර දුම්රිය ධාවනය සීසන් ටිකට් පත් හිමියන්ට පමණක් සිදුකරන බවයි.

RECENT ARTICLES - SINHALA

ජයශ්‍රී ට එරෙහි නඩුවට දින නියම කෙරේ

අරුණ ලියාන් මහතා සිය බුද්ධිමය දේපළ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ජයලත් සහෝදරයින්ට එරෙහිව ගොනු කර ඇති නඩුව ගරු වාණිජ මහාධිකරණය ඉදිරියේ අද (26) දින...

කළුතර පොලිස් නිළධාරින් බලා සිටියදී පිරිසක් කාන්තාවකට ආයුධ වලින් පහරදිලා

කළුතර නාගොඩ රෝහලේ ප්‍රධාන දොරටුව අසල පොලිස් නිලධාරීන් සහ ආරක්ෂක නිලධාරීන් බලා සිටියදී රෝහලට පැමිණි කාන්තාවකට තියුණු ආයුධවලින් පහර දී තිබෙනවා. පහරදීම සිදුකර ඇත්තේ කළුතර,...

ඇල්ල – වැල්ලවාය මාර්ගයත් නායයාමේ අවදානම් තත්ත්වයක

ඇල්ල, කරදගොල්ල, දහය කණුව ප්‍රදේශයේ මේ වන විට නායයෑමක් සක්‍රීය වී තිබෙනවා. ඇල්ල - වැල්ලවාය මාර්ගයටද බලපෑම් ඇතිවිය හැකි බැවින් රියැදුරන් ඒ පිළිබඳව සැළකිලිමත් වීම...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...