33 C
Colombo
Monday, April 29, 2024

ඉතිහාසයේ වැඩිම ලකුණු රැස්කළ අයර්ලන්තය

- Advertisement -

ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ කාසිය වාසිය දිනා ගාල්ල තණතීරුවේ පළමුව පන්දුවට පහර දුන් අයර්ලන්ත කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 492ක් ලබා ගත්තා.

සිය මංගල ටෙස්ට් ශතක සම්පූර්ණ කරමින් Paul Stirling ලකුණු 103 ක් සහ Curtis Campher ලකුණු 111ක් ලබා ගැනීමට සමත් වුණා.

ඊට අමතරව අයර්ලන්ත ඉනිම වෙනුවෙන් Andy Balbirnie ලකුණු 95ක් සහ Lorcan Tucker ලකුණු 80ක් වශයෙන් අර්ධ ශතක වාර්තා කළා.

අයර්ලන්තය ටෙස්ට් ඉනිමක වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසද මෙය ඉතිහාසයට එක්වනවා.

ටෙස්ට් තරග 7ක් තුල හයවැනි වරටත් කඩුලු 5ක් බිඳ දැමූ ප්‍රභාත් ජයසුරිය ශ්‍රී ලංකාව වෙනුවෙන් හොඳම පන්දු යැවීම සටහන් කර ගත්තා.

ඊට අමතරව විශ්ව ප්‍රනාන්දු සහ අසිත ප්‍රනාන්දු කඩුලු 2 බැගින් දවා ගැනීමට සමත් වුණා.

පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට කිසිවෙකු නොදැවී ලකුණු 52ක් ලබා ගෙන සිටිනවා

RECENT ARTICLES - SINHALA

මෙරට ශ්‍රම බලකාය ගැන අනාවරණයක්

පසුගිය වසරේ දී මෙරට ශ්‍රම බළකාය පහත ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත්කළ නවතම වාර්තාවකින් පෙන්නුම් කර තිබෙනවා. ඒ අනුව 2022 වසරේ දී...

ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන් අද වර්ජනයක

වැටුප් විෂමතා ගැටලුවට විසඳුම් ඉල්ලා වෘත්තීය සමිති ක්‍රියාර්ගයකට එළැඹීමට තීරණය කළ බව සමස්ත ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන්ගේ සංගමය පවසනවා.  එහි ලේකම් ධම්මික මිරිහාන මහතා...

හත්දහසකට හිමිවු පොදු සමාව

නිවාඩු ලබා නොගෙන සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයින් 7,000කට අධික පිරිසක් පොදු සමා කාලයේ පළමු සතිය තුළ ඉවත් කර තිබෙනවා. අප්‍රේල් මස 20...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

රනිල් අවුරුදු කුමාරියන්ට තෑගි දෙන්න ගිහිල්ලා

මැද කොළඹ - සුදුවැල්ල බක්මහ උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වී තිබෙනවා. මෙම වාර්ෂික බක්මහ උළෙල සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත්...