28.9 C
Colombo
Saturday, April 27, 2024

අත්අඩංගුවට ගැනීමෙන් වැළකීම හැමෝටම තියෙන අයිතියක්ද? නීතියේ තියෙන සිදුරක්ද ?

- Advertisement -

තමන්ගේ මූලික අයිතිවාසිකමක් කඩවන බව හැඟේ නම්, ඊට එරෙහිව ඕනෑම පුරවැසියෙකුට අධිකරණයට යෑමේ අයිතියක් තිබේ. එහෙත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 10, 11, 12, 13, 14 යන වගන්ති පහ යටතේ ඇති මූලික අයිතිවාසිකම් පහළොවෙන් එකක් කඩවන බව ඔප්පු කළ යුතුය. මෙම කරුණ සම්බන්ධයෙන් අදාළ වන්නේ 11 වැනි වගන්තියයි. වධහිංසාවලට එරෙහිව මෙන්ම තමන්ට සිදුවන අසාධාරණයක් සම්බන්ධයෙන් මෙම හිමිකම පුරවැසියන් සතු ය. එහෙත් වැදගත් වන්නේ එය ඔප්පු කිරීමට ඇති හැකියාවයි.

නඩුවක් පැවරෙන්නේ ඇයි ?

තමන්ට නඩුවක් පවරා තිබියදී, එමගින් මූලික අයිතිවාසිකම් කඩවන බව පවසමින් කිසිම පුරවැසියෙකුට අධිකරණය ඉදිරියට යෑමේ සදාචාරමය අයිතියක් නැත. අනෙක් පුරවැසියන්ගේ අයිතිවාසිකමක් උල්ලංඝනය කිරීම හෝ කඩකිරීම නිසා ය, කිසිවකුට නඩුවක් පැවරී ඇත්තේ. නීති සකස් කර ඇත්තේ සියලු පුරවැසියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට ය. එහිදී කිසිවකුට විශේෂත්වයක් දැක්විය නොහැකිය. සියල්ලන් නීතිය ඉදිරියේ සමාන ය. එම නිසා තමන්ගේ අයිතිවාසිකම කඩවන බැවින්, තවත් අයෙකුගේ හෝ කණ්ඩායමකගේ හෝ අයිතිවාසිකම් කඩවීම නොසලකා හරින ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටිය නොහැකිය.

නීතියේ සිදුරක් !

කෙසේ වෙතත් මෙසේ චෝදනා එල්ල වූ විට අත්අඩංගුවට ගැනීමෙන් වළක්වාගැනීම සඳහා පෙත්සම් ඉදිරිපත් කිරීමේ සදාචාර විරෝධී තත්ත්වයක් පෙනෙන්නට තිබේ. එය නීතියේ ඇති සිදුරක් ලෙස ද ඇතැමෙකුට හැඳින්විය හැකිය. නීතිමය පැත්තෙන් මෙහි ගැටළුවක් තිබේ. මෙරට නීති පොත්වල කිසිදු තැනක මේ කාරණය සම්බන්ධයෙන් කිසිදු විධිමත් සඳහනක් නැත. එය නීතිය අර්ථනිරූපණය කිරීමේ ප්‍රශ්නයකි. එවිට අදාළ විනිශ්චයකාරවරුන්ට අවශ්‍ය ආකාරයට නීතිය අර්ථනිරූපණය කොට තීන්දුවක් ලබාදීමේ අවස්ථාව තිබේ.

තීන්දුව ප්‍රශ්න කිරීමේ හැකියාව

මෙහිදී එක් පුද්ගලයෙකුගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා බහුතරයකගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට නීතියෙන් ඉඩක් හදා ඇතැයි කිසිවෙකුට තර්ක කළ හැකිය. විනිශ්චයකාරවරුන්ගේ තීන්දු පිළිනොගැනීමට නීතියෙන්ම හදා දී ඇති ඉඩ පෙන්වා දිය හැකිය. පහළ අධිකරණවල තීන්දු සම්බන්ධයෙන් ගැටළුවක් තිබේ නම්, ඉහළ උසාවිවලට යෑමේ අවස්ථාව ඕනෑම පුරවැසියකුට හිමි ය. එහෙත් මෙහිදී යෑමට ඇත්තේ ඉහළ ම අධිකරණයට ය. එතැනින් එහාට යෑමට තැනක් නැත. මේ ආකාරයේ පෙත්සමක තීන්දුවක් ලබාදුන් පසු, එම තීන්දුවෙන් තමන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය වන බව පවසමින් පුරවැසියකුට යෑමට තැනක් නීතියේ නැත.‍

බහුතරය වෙනුවෙන්

අධිකරණයට බහුතරයේ අයිතිවාසිකම් කඩකරමින් තනි පුද්ගලයෙකුගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනීසිටිය නොහැකිය. දේශපාලන පළිගැනීමක් වුවද, නොවූවද නීතියේ පවතින ආකාරයට නිවැරදිව චෝදනා පත්‍ර ගොනුකොට අත්අඩංගුවට ගැනීමක් සිදුවන්නේ නම්, ඊට අවනත වීමට පුරවැසියන්ට සිදු වේ. ඕනෑම පුද්ගලයෙකුට තමන්ගේ නිර්දෝෂීභාවය ඔප්පු කිරීමට අධිකරණයේ අවස්ථාව තිබේ. ඒ සඳහා මුදල් විශාල වශයෙන් වියදම් වීම වෙනම කතාවකි. එම නිසා අධිකරණය ඉදිරියේ තමන්ගේ නිර්දෝෂීභාවය ඔප්පු නොකොට, අයිතිවාසිකම් කඩවන බව පැවසීමට කිසිවෙකුට හැකියාවක් නැත. එසේ පැවසුවද, එහිදී බහුතරයේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් සලකාබැලීම විනිශ්චයකාරවරුන් විසින් සිදු කරයි.

දේශපාලන පළිගැනීම්

දේශපාලන පළිගැනීමක් සඳහා ම තමන්ට එරෙහිව චෝදනා ගොනුකර ඇතැයි කිසිවෙකුට තර්ක කළ හැකිය. එහෙත් එහිදීද වඩා වැදගත් වන්නේ මෙහි පළිගැනීමක් ඇති බව ඊළඟ නඩු වාරයේදී ඔප්පු කිරීමයි. සාක්ෂි සහිතව එය සිදුකිරීමට අධිකරණයේ ඉඩ ඇත. ඇතැම් අවස්ථාවලදී අපට මතුවන ගැටළුවක් වන්නේ එසේ නිවැරදිභාවය ඔප්පු කිරීමේ අවස්ථාව තිබියදී, වෙනත් මාර්ගවලින් ගොස් මූලික අයිතිවාසිකම් කඩවීමේ කාරණය ඉදිරිපත් කරන්නේ ඇයි ද යන්න ය.

අධිකරණයේ වරදක් ?

කෙසේ වෙතත් අධිකරණය මෙහිදී යම් වරදක් කරන බවට ද ඇතැමෙකුට තර්ක කළ හැකිය. එහෙත් අධිකරණය පාර්ශ්වයෙන් යම් නීතියක් මෙහිදී කඩකර ඇතැයි පැවසිය නොහැකිය. මුලදී සඳහන් කළ ආකාරයට එය නීතිය අර්ථනිරූපණය කිරීමේදී සිදු වූ අඩුවකි. එය සදාචාරය පිළිබඳ බරපතළ ප්‍රශ්නයක් මතු කරයි. කෙසේ වෙතත් අධිකරණය පාර්ශවයෙන් මෙවැනි තීන්දු ගැනීමේදී රටේ පවතින තත්ත්වය ද සලකා බැලිය යුතුය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 126 වගන්තියේ පැහැදිලිව සඳහන් වන්නේ පවතින තත්ත්වයන් සලකා බලා මූලික අයිතිවාසිකම් නඩු තීන්දු ලබාදෙන ලෙසයි. රටේ තත්ත්වය නැත්නම් නඩුවේ කරුණුවල ස්වභාවය ගැඹුරින් බැලිය යුතුය. එනම් ඔහුට එරෙහි චෝදනා අසත්‍ය බව පැහැදිලිව, ප්‍රමාණවත් කරුණු සහිතව ඔප්පු කර තිබිය යුතුය.

(මානව හිමිකම් පිළිබඳ දශක ගණනාවක අත්දැකීම් ඇති ක්‍රියාකාරිකයකු වන, තොරතුරු කොමිසමේ හිටපු සාමාජික, ජ්‍යෙෂ්ඨ නීතිඥ එස්.ජී.පුංචිහේවා සමග කරන ලද සංවාදයක් ඇසුරින් සකස් කරන ලද ලිපියක කොටසකි.)

RECENT ARTICLES - SINHALA

හරක් කටා අධිකරණයෙන් තවත් සහන ඉල්ලලා

මේ දිනවල දැඩි රස්නයක් පවතින නිසා තමා රඳවා සිටින කුටියේ සිටීමට අපහසු බැවින් තමාට විදුලි පංකාවක් ලබාදෙන්නැයි ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරමකරුවකු වන නඳුන් චින්තක නොහොත්...

ජයශ්‍රී ට එරෙහි නඩුවට දින නියම කෙරේ

අරුණ ලියාන් මහතා සිය බුද්ධිමය දේපළ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ජයලත් සහෝදරයින්ට එරෙහිව ගොනු කර ඇති නඩුව ගරු වාණිජ මහාධිකරණය ඉදිරියේ අද (26) දින...

කළුතර පොලිස් නිළධාරින් බලා සිටියදී පිරිසක් කාන්තාවකට ආයුධ වලින් පහරදිලා

කළුතර නාගොඩ රෝහලේ ප්‍රධාන දොරටුව අසල පොලිස් නිලධාරීන් සහ ආරක්ෂක නිලධාරීන් බලා සිටියදී රෝහලට පැමිණි කාන්තාවකට තියුණු ආයුධවලින් පහර දී තිබෙනවා. පහරදීම සිදුකර ඇත්තේ කළුතර,...

POPULAR ARTICLES

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් ගැන සුසිල්ගෙන් දැනුම් දිමක්

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් සඳහා 60,000ක් ඉල්ලුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. එහි කටයුතු ලබන සතිය වන විට අරඹන බවත් විද්‍යාපීඨ...