32 C
Colombo
Sunday, June 4, 2023

ජනතාව දංගෙඩියට ගෙනියන්නද ජනාධිපති හදන්නේ? – අනුර (VIDEO)

- Advertisement -

රජය රට වසාදමන තෙක් නොසිට තමන්ම තීරණයක් ගෙන නිවෙස් වලට වී සිටින ලෙස ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පවසනවා.

වත්මන් ජනාධිපතිවරයා යනු තමන් නොදන්නා බව නොදන්නා පුද්ගලයෙකු බවත් තමන් ඇසීමට අකමැති දේවල් නොඇසීම නිසා වත්මන් තත්වය සම්බන්ධයෙන් ඔහුට නිසි අවබෝධයන් නොමැති බවත් ඒ මහතා පවසනවා.

එබැවින් තමන්ගේ ආරක්ෂාව තමන් සලසා ගැනීමට කටයුතු කරන ලෙසයි ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

එමෙන්ම, එන්නත්කරණයේදී වයස 60ට වැඩි අයට ප්‍රමුකත්වය ලබාදෙන්නැයි නිර්දේශ කර තිබියදී ඊට පිටින් ගොස් වයස 30-60 අතර අයට ප්‍රමුඛත්වය දුන්නේ කාගේ උපදෙස් මතදැයි ඔහු විමසා සිටිනවා.

එමෙන්ම, මෙරට සම්පූර්ණ‍ රෝහල් ධාරිතාවයෙන් 50% කොවිඩ් රෝගීන් සඳහා වෙන් කිරීම හේතුවෙන් අනෙකුත් රෝගීන්ගේ ජීවිත පිළිබඳවද දැඩි අවදානමක් මතුව ඇති බවයි ජනතා විමුක්ති පෙරමුණේ නායකයා පෙන්වා දෙන්නේ.

තවද, මෙරට‍ රෝහල් පද්ධතිය රෝගීන්ට ප්‍රමාණවත් නොවන තත්වයක් තිබූ බව පෙන්වා දෙන ඔහු වැඩිදුරටත් පවසන්නේ එසේ තිබියදී දැනට තිබෙන ධාරිතාවයෙන් හරි අඩක් කොවිඩ් රෝගීන් වෙනුවෙන් වෙන් කිරීමට සිදුවීමත් සමග නිධන්ගත රෝග ඇතුළු රෝගවලින් පෙළෙන පුද්ගලයන් මියයාමද ඉහළ යා හැකි බවයි.

මීට අමතරව සෞඛ්‍ය සේවකයන් ඉතා වේගයෙන් කොවිඩ් වෛරසයට ගොදුරු වීමේ තත්තවයක් වාර්තා වන බවත්, රෝගීන්ට අවශ්‍ය බෙහෙත් පවා නොමැති තත්වයක් උද්ගත වී ඇති බවත් දිසානායක මහතා සඳහන් කරනවා. මෙම තත්වය හමුවේ කොවිඩ් වසංගත තත්වය ඉතා කඩිනමින් පාලනය කිරීමට අසමත් වුවහොත් එය සමස්ත සෞඛ්‍ය පද්ධතියේම බරපතල කඩාවැටීමකට හේතුවිය හැකි බවයි ඔහු අවධාරණය කරන්නේ.

RECENT ARTICLES - SINHALA

මැතිවරණ කොමිසමෙන් විරෝධයක්

පළාත් පාලන ආයතන අධීක්ෂණය වෙනුවෙන් ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපතිවරයාගේ නියෝජිතයෙකු පත් කිරීමේ තීරණයට විරෝධය පළ කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඇගළුම් කම්හලක සේවකයෙක් හදිසි අනතුරකින් මරුට

කළුතර උතුර සමඟිපුර ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක මුද්‍රණ යන්ත්‍රයකට හසුවීමෙන් එම කර්මාන්ත ශාලාවේ සේවකයෙකු ඊයේ (03) මියගොස් තිබෙනවා. මෙලෙස...

මුදල් විශුද්ධිකරණයට එරෙහිව ජනපතිගෙන් විශේෂ තීන්දුවක්

මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීම පිළිබඳව ශ්‍රී ලංකාවේ මීළඟ ප්‍රවේශය නුදුරේදීම ක්‍රියාවට නංවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

RECENT ARTICLES - ENGLISH

සිසුන් 31කට යාපනය විශ්වවිද්‍යාලය තහනම් වෙයි

යාපනය විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන් 31 දෙනෙකුට එම විශ්වවිද්‍යාලයට ඇතුළුවීම තාවකාලිකව තහනම් කර තිබෙනවා. ඒ, එම විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන...

Breaking: Litro gas prices reduced

0
Prices of Litro domestic LP gas cylinders will.be reduced with effect from midnight today (4), the Litro Chairman said.

Odisha train accident: Coromandel express train collides with goods train, many feared dead

0
In a major train accident in Odisha, an express train collided with a goods train in which many are now feared dead.