33 C
Colombo
Sunday, May 5, 2024

මානසිකව වට්ටන්න එපා..!

- Advertisement -

වගකීම් අමතක කොට අයිතිවාසිකම් ගැන පමණක් කතා කිරීම සුදුසු නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

ඒ, අද (04) දින කොළඹ නිදහස් චතුරඝ්‍රයේදී සංවිධානය කර ඇති 74 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙල අමතමින්.

අන් අයව මානසිකව වට්ටන කිසිවෙක් මේ අවස්ථාවේ සමාජයට කරන්නේ යහපතක් නොවන බවත් විවේචන කරන්නට පමණක් පුරුදුවී ඇති අයට අනාගතය ගැන දැක්මක් නොමැති බවත් ඔහු පෙන්වා දෙනවා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා,

“නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී රටක වැසියන් ලෙස අප සියලු දෙනාටම අයිතිවාසිකම් මෙන්ම වගකීම් ද තිබෙනවා. වගකීම් අමතක කොට අයිතිවාසිකම් ගැන පමණක් කතා කිරීම සුදුසු වන්නේ නෑ.”

“රටක් නිසි ලෙස මෙහෙයවීමේදී රටේ සියලුම දෙනාගේ සහය බලාපොරොත්තුවිය නොහැකි බව අපි දන්නවා. වෙනස්විය නොහැකි අය ගැන සිතා අතහැර දැමීමට අපි සූදානම් නෑ.

අනාගතය දෙස සුබවාදීව බලන ධනාත්මක චින්තනයකින් පමණයි අපේ ඉදිරි ගමන සාර්ථක කරගන්න පුළුවන්.”

“විවේචන කරන්නට පමණක් පුරුදුවී ඇති අයට අනාගතය ගැන දැක්මක් නෑ. යම් කාරණාවලදී දේශීය මෙන්ම විදේශීය බලවේගත් අපට එරෙහිව සංවිධානය වෙනවා.”

“ජනතාව නායකයෙකුගෙන් බලාපොරොතු වන්නේ ප්‍රශ්නවලින් පළායෑම නෙමෙයි. රට මුහුණදෙන ඕනෑම අභියෝගයක් ජයගත හැකි නායකත්වය ලබාදීමට මම හැමවිටම සූදානම්. ලෝකය වෙනස් කරන්නේ අනාගතය දෙස සුබවාදීම සිහින දැකපු අයයි.”

“අන් අයව මානසිකව වට්ටන කිසිවෙක් මේ අවස්ථාවේ සමාජයට කරන්නේ යහපතක් නොවෙයි. ධනාත්මක චින්තනය රට තුළ ගොඩනගන්න ඕනේ.”

“පාසල් අධ්‍යාපනය අවසන් කරන සෑම දරුවෙක්ම රටේ ආර්ථිකයට දායකත්වයක් ලබාදිය හැකි ශිල්පීය ක්‍රමයක් ප්‍රගුණ කිරීමට උත්සාහ කළ යුතුයි.”

“දහදිය හෙලන වැඩකරන ජනතාව රටේ ආර්ථිකයට සක්‍රීය දායකත්වයක් ලබාදෙනවා.”

“විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් අපිට විශාල සම්පතක්. අවශ්‍ය විටදී ඔවුන් රට වෙනුවෙන් පෙරට පැමිණියා.”

“මම ආරාධනා කරනවා සියලුම විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට උපන් බිමේ ආයෝජනය කරන ලෙස.”

“විචාර බුද්ධියෙන් කටයුතු කරන්න කියා මම මේ රටේ සෑම පුරවැසියෙකුගෙන්ම ඉල්ලා සිටිනවා. දත්ත මත තීන්දු තීරණ ගන්න.”

“මා ලබාදුන් ප්‍රතිඥාව සැමවිටම සුරකිනවා කියා යළිත් මතක් කරනවා.”

“මොනම හේතුවක් නිසාවත් මේ රට තුළ යළි අන්තවාදය හිස එසවීමට ඉඩ තබන්නේ නෑ.”

“මගේ ඉදිරි ධූර කාලය තුළ තිරසාර සංවර්ධනයක් උදෙසා සියලු අරමුණු සැලසුම් කර තිබෙනවා. මට රට භාරගැනීමට සිදුවූයේ ඉතා දුෂ්කර කාලයක් තුළ.”


RECENT ARTICLES - SINHALA

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

2022 සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (04) රාත්‍රී නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නැවත සමීක්ෂණය සඳහා අයදුම්කරුවන්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...