29 C
Colombo
Thursday, May 16, 2024

රුපියල් මිලියන 130 ක් වැයකර අභිමානවත් 74 වන නිදහස සැමරේ

- Advertisement -

අදට යෙදී ඇති 74 වන ජාතික නිදහස් දිනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නිදහස් චතුරඝ්‍රයේදී පැවැත්වෙනවා.

මෙවර උළෙලේ තේමාව වන්නේ ‘අභියෝග ජයගත් ඉසුරුමත් හෙට දිනක් – සෞභාග්‍යමත් මව්බිමක්’ යන්නයි.

උත්සවයේ ත්‍රිවිධ හමුදා පෙළපාලි සඳහා 6,500ක භට පිරිසක් සහ සන්නද්ධ රථ 111ක් සහභාගී කරගැනුනා.

එමෙන්ම ගුවන් හමුදා සංදර්ශනයක්ද පැවැත්වෙන අතර ඊට ගුවන් යානා 26ක් යොදාගන්නා බව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා පවසනවා.

නාවික හමුදාව විසින් ගාලු මුවදොර පිටියේදී දේශය වෙනුවෙන් ආචර වෙඩි මුර 25ක් පිරිනැමීම දහවල් 12ට සිදුකරන බව නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා සඳහන් කරනවා.

උත්සවයේ ආරක්ෂක කටයුතු සඳහා පොලීසිය සහ ත්‍රිවිධ හමුදාවේ 3,000ක් පමණ පිරිසක් යොදවා ඇති අතර සංස්කෘතික අංග සදහාද විශාල පිරිසක් සහභාගී වනවා.

මෙවර නිදහස් දිනය සඳහා රථවාහන ඉන්ධන ඇතුළු සියලුම වියදම් සඳහා ආසන්න වශයෙන් රුපියල් මිලියන 130 ක් වැයකෙරෙන බවයි වාර්තා වන්නේ.

RECENT ARTICLES - SINHALA

ධාවනය වෙමින් තිබු ලංගම බසයේ රියදුරු අසුනේදි මිය ගිහින්

නුවරඑළිය සිට නාවලපිටිය දක්වා ධාවනය වෙමින් තිබූ නාවලපිටිය ලංගම ඩිපෝවට අයත් බස් රථයක රියදුරා, එම බස් රථයේ රියදුරු අසුන මත ජිවිතක්ෂයට පත්විමේ පුවතක් වාර්තා...

අදානි එක්ක ගහපු සුළං බලාගාර ගිවිසුමෙන් බිලියන11ක පාඩුවක්

ඉන්දිය සමාගමකින් සුළං බලාගාර දෙකකින් විදුලිය මිලදී ගැනීමට අත්සන් කර තිබෙන මිල ගණන් පිළිබඳ ගිවිසුම් වෙනස් නොකළ හොත් වසරකට රුපියල් බිලියන11කට අධික මුදලක් රටට...

තාත්තා සිහි කරන්න කෞතුකාගාරයක් අපි ඉල්ලුවේ නැහැ – අමන් අෂ්රෆ්

තම පියා ඉටු කළ සේවය අගය කරමින් ‘අෂ්රෆ් අනුස්මරණ කෞතුකාගාරයක්’ ඉදිකිරීමට තමා හෝ තමාගේ මව කිසිදු ඉල්ලීමක් නොකළ බව පවසමින් එම්.එච්.එම්. අෂ්රෆ් මහතාගේ පුතු...

POPULAR ARTICLES

කුලී කාමරවලට පනින්නත් දේශබන්දුගෙන් සුදානමක්

දිවයින පුරා ඇති නිවාස සහ කාමර කුලියට ගෙන පදිංචිව සිටින අය පිළිබඳව සොයා පොලිසිය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.නිවෙස් සහ කාමරවල...

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

යුධ පිටියක් වු කටුගස්තොට

කටුගස්තොට නගරය ආසන්නයේ විවෘත කිරීමට නියමිතව තිබූ මත්ස්‍ය වෙළෙඳ සැළකට කඩා වැදුණු අවිගත් කණ්ඩායමක් ගොඩනැගිල්ලට සහ වාහන දෙකකට පහර දී දැඩි අලාභහානි සිදුකර තිබෙන...