29.4 C
Colombo
Friday, April 26, 2024

පොළොන්නරුවේ ඇවිදින මංතීරුව කඩාකප්පල් කළේ මෛත්‍රිපාල – ඇමති රොෂාන් රණසිංහ

- Advertisement -

රජයේ සංවර්ධන ව්‍යාපෘතියක් ලෙසින් ආරම්භ කළ පොළොන්නරුවේ පරාක්‍රම සමුද්‍රය වටා ඉදිකිරීමට ගිය ඇවිදින මංතීරු ව්‍යාපෘතිය කඩාකප්පල් කරන ලද්දේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බව පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා චෝදනා කරනවා.

මෙම ව්‍යාපෘතිය පිළිබදව කරුණු පැහැදිළි කිරීම සඳහා ‍ඊයේ (20) අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වෙඬරුවේ උපාලි නා හිමියන් බැහැදුටු අවස්ථාවේදී ඔහු මේ බව සඳහන් කළා.

පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්ම මත ඇවිදින මංතීරුවක් ඉදිකිරීම කිසිසේත්ම සිදු නොකළ යුතු බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය 19 වනදා මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදුකර තිබුණා.

ඔහු මාධ්‍ය වෙත එලෙස කීවද අදාළ ව්‍යපෘතිය ක්‍රියාත්මක කළ යුතුයැයි තමා සමඟ පෞද්ගලිකව පවසා තිබීම නිසා ඔහු කියනා දේ පිළිබදව ගැටළු මතුව ඇතැයි රොෂාන් රණසිංහ මහතා පවසනවා.

අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වෙඬරුවේ උපාලි නා හිමියන් සඳහන් කරන්නේ මෙම ව්‍යෘපෘතිය භයානක එකක් බවට තමන්වහන්සේ නොදකින බවයි.

RECENT ARTICLES - SINHALA

කළුතර පොලිස් නිළධාරින් බලා සිටියදී පිරිසක් කාන්තාවකට ආයුධ වලින් පහරදිලා

කළුතර නාගොඩ රෝහලේ ප්‍රධාන දොරටුව අසල පොලිස් නිලධාරීන් සහ ආරක්ෂක නිලධාරීන් බලා සිටියදී රෝහලට පැමිණි කාන්තාවකට තියුණු ආයුධවලින් පහර දී තිබෙනවා. පහරදීම සිදුකර ඇත්තේ කළුතර,...

ඇල්ල – වැල්ලවාය මාර්ගයත් නායයාමේ අවදානම් තත්ත්වයක

ඇල්ල, කරදගොල්ල, දහය කණුව ප්‍රදේශයේ මේ වන විට නායයෑමක් සක්‍රීය වී තිබෙනවා. ඇල්ල - වැල්ලවාය මාර්ගයටද බලපෑම් ඇතිවිය හැකි බැවින් රියැදුරන් ඒ පිළිබඳව සැළකිලිමත් වීම...

මෛත්‍රීගේ පාස්කු මහමොළකරු කතාවට ටිරාන්ගෙන් උත්තර

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාස්කු ඉරු දින ප්‍රහාරයට මේ රටේ පුරවැසියකු ගැන හෝ මේ රටේ පුරවැසියෙකුගේ සම්බන්ධතාවක් ගැන හෝ කිසිදු තොරතුරු හෙළි කර...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...