29.4 C
Colombo
Friday, April 26, 2024

මාව අයින් කරා කියලා දැනගත්තේ මාධ්‍යයෙන් – මිල්කෝ සභාපති

- Advertisement -

මිල්කෝ ආයතනයේ වත්මන් සභාපති ලසන්ත වික්‍රමසිංහ මහතා එම ධුරයෙන් ඉවත් කර ඇති බවට මාධ්‍ය වාර්තා රැසක් අද (19) අනාවරණ කර තිබූ නමුත් නව සභාපතිවරයෙකු පත්කර ඇතැයි තමන්ද දැනගත්තේ මාධ්‍ය හරහා බව‍යි අද පෙරවරුවේ මාධ්‍ය හමුවක් කැඳවූ මිල්කෝ සභාපති ලසන්ත වික්‍රමසිංහ මහතා සඳහන් කළේ.

ඒ සම්බන්ධයෙන් විමසීමට තමන් විෂයභාර අමාත්‍යවරයා ඇමතීමට උත්සාහ කළද එයද ව්‍යර්ථ වූ බවයි සභාපතිවරයා සඳහන් පවසන්නේ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ලසන්ත වික්‍රමසිංහ මහතා,

“ඒ සම්බන්ධයෙන් මට කිසිම දැනුම්දීමක් කරලා නැහැ. මමත් දැනගත්තේ මාධ්‍යයෙන්. නමුත් මටත් ආරංචි වුණා රේණුක පෙරේරා මහතාට ලිපියක් නිකුත්කරලා තියෙනවා කියලා. කෙසේනමුත් එතුමත් අපේ හිතවතෙක්. එතුමා මෙතනට වැඩ භාරගන්න තුරු ඒ රාජකාරී ධුරයේ ඉදිරියට කරගෙන යනවා. ඉතින් සතුටුවෙනවා අපි මිල්කෝ සමාගම තුළ ජනාධිපතිතුමා භාරදුන් වගකීම පසුගිය අවුරුදු දෙක තුළ නොපිරිහෙලා ඉටුකරන්න අපිට හැකියාව ලැබුණා. හැමෝම ලේසි ඒවා ඉල්ලනවා අමාරු එකක් අරගෙන කරන්න කියන එක තමයි අපිට අභියෝගය භාර දුන්නේ. අපි ඒ අභියෝගය භාරගෙන වසර දෙකක් තුළ වැහෙන්න ගිය ආයතනය ලාභ ලබන ආයතනයක් බවට පත්කරලා පසුගිය අවුරුද්දේත් මිලියන 400ක ලාභ ලබන ආයතනයක් බවට පත්වුණා. ඊට කලින් අවුරුද්දෙත් මිලියන 400ක ලාභ යක් ලැබුවා.”

මාධ්‍යවේදියා –

“දේශපාලනික වශයෙන් තියෙන ප්‍රශ්නයක් නිසාද ඔබතුමා ඉවත්කරලා තියෙන්නේ ?”

සභාපතිවරයා –

“ඒක ඉතින් මගෙන් නෙමෙයි අහන්න ඕනේ අයින්කරපු අයගෙන් ඒ අහන් ඕනේ. මම හොයලා බලපු විදිහට හැමෝම දන්නේ නැහැ කියන එක තමයි කියන්නේ. හැබැයි ලියුම ගිහිල්ලා තියෙනවා.”

මාධ්‍යවේදියා –

“ජනාධිපතිතුමා විසින්ද ? “

සභාපතිවරයා –

“ඒක මම දන්නෙ නැහැ. එහෙම මට තාම කිසිකෙනෙක් කථා කරලා නැහැ. මහින්දානන්ද ඇමතිතුමා මට කිව්වේ ජනාධිපතිතුමා දන්නෙ නැහැ කියන කාරණය.”

RECENT ARTICLES - SINHALA

කළුතර පොලිස් නිළධාරින් බලා සිටියදී පිරිසක් කාන්තාවකට ආයුධ වලින් පහරදිලා

කළුතර නාගොඩ රෝහලේ ප්‍රධාන දොරටුව අසල පොලිස් නිලධාරීන් සහ ආරක්ෂක නිලධාරීන් බලා සිටියදී රෝහලට පැමිණි කාන්තාවකට තියුණු ආයුධවලින් පහර දී තිබෙනවා. පහරදීම සිදුකර ඇත්තේ කළුතර,...

ඇල්ල – වැල්ලවාය මාර්ගයත් නායයාමේ අවදානම් තත්ත්වයක

ඇල්ල, කරදගොල්ල, දහය කණුව ප්‍රදේශයේ මේ වන විට නායයෑමක් සක්‍රීය වී තිබෙනවා. ඇල්ල - වැල්ලවාය මාර්ගයටද බලපෑම් ඇතිවිය හැකි බැවින් රියැදුරන් ඒ පිළිබඳව සැළකිලිමත් වීම...

මෛත්‍රීගේ පාස්කු මහමොළකරු කතාවට ටිරාන්ගෙන් උත්තර

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාස්කු ඉරු දින ප්‍රහාරයට මේ රටේ පුරවැසියකු ගැන හෝ මේ රටේ පුරවැසියෙකුගේ සම්බන්ධතාවක් ගැන හෝ කිසිදු තොරතුරු හෙළි කර...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...