31 C
Colombo
Saturday, May 4, 2024

ITC Ratnadipa අද විවෘත කෙරේ

- Advertisement -

ගාලුමුවදොර අලංකාරය තවත් වැඩි කරන ITC රත්නදීප හෝටල් සහ සුපිරි නිවාස ව්‍යාපෘතිය අද (25) විවෘත කෙරෙනවා.

ඩොලර් මිලියන 400 ක ඉන්දියානු ආයෝජනයක් ලෙස ක්‍රියාත්මක මෙම ගොඩනැගිල්ල කීර්තිමත් ඉන්දියානු සමාගමක් වන ITC Ltd හි පූර්ණ අනුබද්ධිත සමාගමක් වන WelcomHotels Lanka Ltd විසින් මෙම හෝටලය ඉදිකර තිබෙනවා.

ගාලු මුවදොරට අලංකාරයක් එක් කරමින් අක්කර 5.6ක වපසරියක ඉදිකර ඇති මෙම ව්‍යාපෘතියේ උසම ගොඩනැගිල්ල තට්ටු 48කින් සමන්විත වන අතර එහි උස මීටර් 224ක්.

එය අධි සුඛෝපභෝගි කාමර 352කින් සමන්විතයි.

එහි සුවිශේෂතාව වන්නේ, මෙම ගොඩනැගිලි ද්විත්වය මීටර් 55ක දිගකින් යුත් ස්කයි බිරජ් හෙවත් අහස් පාළමකින් යා කර තිබීම හේතුවෙන් මෙය දකුණු ආසියාවේ එකම සහ පළමු අහස් පාළමයි.

මෙම අහස් පාලමේ අති සුඛෝපභෝගි පිහිනුම් තටාක දෙකක්ද ඉදිකර තිබෙනවා.

රත්නදීප ව්‍යාපෘතිය අති නවීන අංගෝපාංග වලින් සමන්විත අලංකාර උත්සවශාලා 5කින්ද සමන්විතයි.

RECENT ARTICLES - SINHALA

ඇල්ල – කරඳගොල්ල ගැන අලුත් අනාවරණයක්

උමා ඔයේ බලපෑමක් හේතුවෙන් ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයෙන් නාය යෑමේ තත්ත්වය සක්‍රීය වී නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා...

පොහොට්ටුවේ උප නගරාධිපතිට මත්ද්‍රව්‍ය ලබාදුන් කාන්තාවක් අත්අඩංගුවට

පසුගිය දින සීදූව කටුනායක ප්‍රදේශයේ හිටපු උප නගරාධිපතිවරයෙක් වන ලලිත් රොහාන් සිල්වා නැමැති පුද්ගලයා බඩල්ගම පොලිසිය විසින් පසුගිය දින හෙරොයින් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට...

හෙට උණුසුම ගැන නිවේදනයක්

හෙට (05) දිනයේ උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් අද (04) කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයේ දැක්වෙන්නේ හෙට දිනයේ උතුරු, උතුරුමැද,...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...