26 C
Colombo
Monday, April 29, 2024

ජේකොබ් සූමා රිය අනතුරකට ලක්වෙලා

- Advertisement -

දකුණු අප්‍රිකානු හිටපු ජනාධිපති ජේකොබ් සූමා රිය අනතුරකට ලක්ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ බීමත් රියදුරෙකු විසින් ධාවනය කරන ලද මෝටර් රථයක් හිටපු ජනාධිපතිවරයාගේ මෝටර් රථයේ ගැටීමෙන් අනතුර සිදුව ඇති නමුත් ඉන් ඔහුට අනතුරක් සිදුව නොමැති බවයි.

මෙම අනතුර හදිසි අනතුරක් ලෙස වාර්තා වුව ද එය කිසියම් සැලසුමක් අනුව ක්‍රියාත්මක වූවක් බවට සූමාගේ එම්කේ පක්ෂ ජ්‍යේෂ්ඨ නියෝජිතයින් චෝදනා කරන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

2009 වසරේ සිට 2018 වසර දක්වා දකුණු අප්‍රිකානු ජනාධිපති ධුරයේ කටයුතු කළ 81 හැවිරිදි ජේකොබ් සූමා, ඉදිරි මහ මැතිවරණයට තරග කිරීමට සැලසුම් කර තිබුණ ද ඔහුට ඒ සඳහා ඉදිරිපත් විය නොහැකි බවට එරට මැතිවරණ කොමිසම ඊයේ (28) නිවේදනය කර තිබුණා.

RECENT ARTICLES - SINHALA

මෙරට ශ්‍රම බලකාය ගැන අනාවරණයක්

පසුගිය වසරේ දී මෙරට ශ්‍රම බළකාය පහත ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත්කළ නවතම වාර්තාවකින් පෙන්නුම් කර තිබෙනවා. ඒ අනුව 2022 වසරේ දී...

ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන් අද වර්ජනයක

වැටුප් විෂමතා ගැටලුවට විසඳුම් ඉල්ලා වෘත්තීය සමිති ක්‍රියාර්ගයකට එළැඹීමට තීරණය කළ බව සමස්ත ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන්ගේ සංගමය පවසනවා.  එහි ලේකම් ධම්මික මිරිහාන මහතා...

හත්දහසකට හිමිවු පොදු සමාව

නිවාඩු ලබා නොගෙන සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයින් 7,000කට අධික පිරිසක් පොදු සමා කාලයේ පළමු සතිය තුළ ඉවත් කර තිබෙනවා. අප්‍රේල් මස 20...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

රනිල් අවුරුදු කුමාරියන්ට තෑගි දෙන්න ගිහිල්ලා

මැද කොළඹ - සුදුවැල්ල බක්මහ උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වී තිබෙනවා. මෙම වාර්ෂික බක්මහ උළෙල සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත්...