28.9 C
Colombo
Saturday, April 27, 2024

දේශසීමා අර්බුදය ගැන ඉන්දු චීන විදේශ ඇමතිවරු අතර සාකච්ඡාවක්

- Advertisement -

ලඩාක් ප්‍රදේශය කේන්ද්‍ර කරගෙන පවතින දේශසීමා අර්බුදය සම්බන්ධයෙන් ඉන්දීය සහ චීන විදේශ අමාත්‍යවරු පැයක පමණ කාලයක් සාකච්ඡාවක නිරත වී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ තජිකිස්තානයේ ඩුෂන්බේ අගනුවර පැවැත්වෙන ෂැංහයි සහයෝගීතා රටවල විදේශ අමාත්‍යවරුන්ගේ සමුලුව අතරවාරයේ ඉන්දු සහ චීන විදේශ අමාත්‍යවරුන් දෙදෙනා අතර වෙනම සාකච්ඡාවක් පවත්වා ඇති බවයි.

අර්බුදකාරී දේශසීමාව චීනය විසින් තනිව ⁣තීරණය කිරීම පිළිගත නොහැකි බව ඉන්දීය විදේශ අමාත්‍ය එස් ජයිශංකර් මෙහිදී ප්‍රකාශ කර ඇතැයි සදහන් වේ.

දේශසීමාවේ සාමය සහ ස්ථාවරත්වය පවත්වාගෙනයාම චීන විදේශ අමාත්‍ය වැන්ග් යී ද මෙහිදී පිළිගෙන ඇති බව සදහන් වේ.

දෙදහස් විස්ස වසරේ, ජූනි මාසයේදී ලඩාක්හි,ගල්වාන් මිටියාවතේ හටගත් ගැටුමින් චීන සහ ඉන්දීය යන දෙපාර්ශවයටම හානි සිදුවූ අතර එහිදී මතුවූ දේශසීමා අර්බුදය තවමත් ස්ථිර ලෙස නිරාකරණය වී නොමැත.

RECENT ARTICLES - SINHALA

හරක් කටා අධිකරණයෙන් තවත් සහන ඉල්ලලා

මේ දිනවල දැඩි රස්නයක් පවතින නිසා තමා රඳවා සිටින කුටියේ සිටීමට අපහසු බැවින් තමාට විදුලි පංකාවක් ලබාදෙන්නැයි ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරමකරුවකු වන නඳුන් චින්තක නොහොත්...

ජයශ්‍රී ට එරෙහි නඩුවට දින නියම කෙරේ

අරුණ ලියාන් මහතා සිය බුද්ධිමය දේපළ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ජයලත් සහෝදරයින්ට එරෙහිව ගොනු කර ඇති නඩුව ගරු වාණිජ මහාධිකරණය ඉදිරියේ අද (26) දින...

කළුතර පොලිස් නිළධාරින් බලා සිටියදී පිරිසක් කාන්තාවකට ආයුධ වලින් පහරදිලා

කළුතර නාගොඩ රෝහලේ ප්‍රධාන දොරටුව අසල පොලිස් නිලධාරීන් සහ ආරක්ෂක නිලධාරීන් බලා සිටියදී රෝහලට පැමිණි කාන්තාවකට තියුණු ආයුධවලින් පහර දී තිබෙනවා. පහරදීම සිදුකර ඇත්තේ කළුතර,...

POPULAR ARTICLES

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් ගැන සුසිල්ගෙන් දැනුම් දිමක්

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් සඳහා 60,000ක් ඉල්ලුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. එහි කටයුතු ලබන සතිය වන විට අරඹන බවත් විද්‍යාපීඨ...