28.9 C
Colombo
Friday, April 26, 2024

කැනඩාවේ ෆෙඩරල් මැතිවරණයෙන් ජස්ටින් ටෲඩෝට ජය

- Advertisement -

කැනඩාවේ ෆෙඩරල් මැතිවරණයෙන් ජස්ටින් ටෲඩෝ ජය ලබා ඇතැයි එරට පුවත් සේවා වාර්තා කර යි.

පාර්ලිමේන්තුවේ බහුතරයක් අපේක්ෂාවෙන් නියමිත කාලයට වසර දෙකකට පෙර මහ මැතිවරණය පැවැත්වීමට කැනේඩියානු අග්‍රාමාත්‍යවරයා ඉකුත් අගෝස්තු මාසයේ දී තීරණය කළේ ය.

මෙවර මැතිවරණය කැනඩාවේ 44 වැනි මහ මැතිවරණය යි.

කැනඩාවේ පාර්ලිමේන්තුව ආසන 338කින් සමන්විත අතර ඊට සභිකයන් තෝරාගැනීම සඳහා මෙම මහ මැතිවරණය පැවැත්විණි.

කෙසේ නමුත් අපේක්ෂා කළ පරිදි බහුතරය තහවුරු කරගැනීමට කැනඩාවේ අග්‍රාමාත්‍යවරයා අසමත් වී ඇත.

අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ කැනඩාවේ ලිබරල් පක්ෂය නියෝජනය කරන අතර දැනට ප්‍රකාශිත ඡන්ද අනුව අග්‍රාමාත්‍යවරයාගේ පක්ෂය ආසන 338න් ආසන 156ක බලය දිනාගැනීමට සමත්ව ඇත.

කැනඩාවේ පාර්ලිමේන්තු මැතිවරණය එනම් සැප්තැම්බර් 20, එනම් ඊයේ පැවැත්විණි.

මේ වනවිට ඡන්ද සියයට 80කට ආසන්න ප්‍රමාණයක් ගණනයක් කර ඇතැයි ද කැනේඩියානු මාධ්‍ය වාර්තා කරයි.

පාර්ලිමේන්තුවේ බහුතරය දිනාගැනීමට නම් ආසන 170ක බලය තහවුරු කරගත යුතු වේ.

RECENT ARTICLES - SINHALA

ජයශ්‍රී ට එරෙහි නඩුවට දින නියම කෙරේ

අරුණ ලියාන් මහතා සිය බුද්ධිමය දේපළ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ජයලත් සහෝදරයින්ට එරෙහිව ගොනු කර ඇති නඩුව ගරු වාණිජ මහාධිකරණය ඉදිරියේ අද (26) දින...

කළුතර පොලිස් නිළධාරින් බලා සිටියදී පිරිසක් කාන්තාවකට ආයුධ වලින් පහරදිලා

කළුතර නාගොඩ රෝහලේ ප්‍රධාන දොරටුව අසල පොලිස් නිලධාරීන් සහ ආරක්ෂක නිලධාරීන් බලා සිටියදී රෝහලට පැමිණි කාන්තාවකට තියුණු ආයුධවලින් පහර දී තිබෙනවා. පහරදීම සිදුකර ඇත්තේ කළුතර,...

ඇල්ල – වැල්ලවාය මාර්ගයත් නායයාමේ අවදානම් තත්ත්වයක

ඇල්ල, කරදගොල්ල, දහය කණුව ප්‍රදේශයේ මේ වන විට නායයෑමක් සක්‍රීය වී තිබෙනවා. ඇල්ල - වැල්ලවාය මාර්ගයටද බලපෑම් ඇතිවිය හැකි බැවින් රියැදුරන් ඒ පිළිබඳව සැළකිලිමත් වීම...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...