26 C
Colombo
Friday, December 8, 2023

ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා බලාපොරොත්තුව අද සවස 5 ට

- Advertisement -

චීනයේ පැවැත්වෙන 19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 400 පිරිමි සහ මීටර් 400 කාන්තා අවසන් වටය අද (30) පැවැත්වෙනවා.

මෙම තරඟ අතුරින් කාන්තා අවසන් මහා තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 5.30 ටද පිරිමි අවසන් මහා තරඟය පස්වරු 5.40 ටද පැවැත්වීමට නියමිතයි.

මෙම තරඟවල සජීවී විකාශය Sony Live සහ Ten Sports යන නාළිකා ඔස්සේ නැරඹිය හැකියි.

ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා මීටර් 400 ඉසව්වේ දෙවන මූලික තරඟය ඊයේ පැවැත්වුණු අතර තත්පර 52.67ක දක්ෂතාවයක් දැක්වූ නදීශා රාමනායක එහි දෙවන ස්ථානය දිනා ගනිමින් අවසාන තරගයට සුදුසුකම් ලබා ගත්තා.

පැවති මූලික තරඟ තුනේ දක්ෂතාවය අනුව අවසාන තරඟයට සුදුසුකම් ලද ක්‍රීඩිකාවන් අතර නදීශා තෙවන ස්ථානයේ පසු වෙනවා.

මේ අතර, ඊයේ පැවැති මීටර 400 පිරිමි මුලික වටයේ පළමු තරඟයට එක් වුණු කාලිංග කුමාරගේ ඊයේ ඉන් පළමු ස්ථානය හිමි කරගත්තා.

ඒ තත්ත්පර 45.57කින් තරඟය නිමා කරමින්.

තුන්වැනි මූලික වටයේ තරඟයට එක් වුණු අරුණ දර්ශන තත්ත්පර 46.07ක කාලයක් වාර්තා කරමින් තරඟය නිමා කළේ තෙවැනියා ලෙසයි .

ඒ අනුව දෙදෙනාම අද පැවැත්වෙන මීටර් 400 පිරිමි අවසන් තරඟයට සුදුසුකම් ලබා තිබෙනවා.

2006 වසරෙන් අනතුරුව ආසියානූ ක්‍රීඩා උළෙලක ජවන හා පිටිය තරඟ අංශ සඳහා ශ්‍රී ලංකාව කිසිදු පදක්කමක් දිනා ගෙන නැහැ.

ඒ අනුව, අද දින පිටියට පිවිසෙන ශ්‍රී ලාංකික කෙටි දුර ධාවන ක්‍රීඩකයන් තිදෙනාටම පදක්කමක් දිනා ගත හැකි වුවහොත් ඔවුන්ට ශ්‍රී ලාංකික මලල ක්‍රීඩා අංශය තුළ ඉතිහාසගත වීමට හැකි වනු ඇති.

මින් පෙර දෝහා හි පැවති ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව ලෝකඩ පදක්කම් දෙකක් දිනා ගැනීමට සමත් වී තිබුණා.

කාන්තා මීටර් 200 ඉසව්වෙන් සුසන්තිකා ජයසිංහ සහ පිරිමි මීටර් 4×400 ඉසව්වෙන් සුගත් තිලකරත්නගේ නායකත්වයෙන් යුතුව රොහාන් ප්‍රදීප් කුමාර, ප්‍රසන්න අමරසේකර සහ රංග විමලවංශ යන කණ්ඩායම ආසියානු ක්‍රීඩා උළෙලකදී ශ්‍රී ලංකාව වෙනුවෙන් අවසන් වරට ජවන හා පිටිය පදක්කම් දිනූ ක්‍රීඩකයින් වෙනවා.

RECENT ARTICLES - SINHALA

වැටුප් වැඩි කරන්න ඔින වැඩ කරන ජනතාවගේ-මහින්ද රාජපක්ෂ

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩි කළ යුත්තේ වැඩ කරන ජනතාවගේ වැටුප් වැඩි කිරීමෙන් අනතුරුව බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසුවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා...

හැටන්-කොළඹ මාර්ගයට පස් කන්දක් කඩාවැටී ගමනා ගමනයට බාධා

දියගල ප්‍රදේශයෙන් පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගයේ රථවාහන ධාවනය මේ වනවිට සම්පූර්ණයෙන් අවහිර වී තිබෙනවා. හැකිතාක් විකල්ප මාර්ග භාවිත කරන ලෙසට පොලීසිය ජනතාවගෙන්...

ජාතික රෝහලේ රුධිර පරික්ෂණ ඇන සිටීමෙන් රෝගින් දැඩි අපහසුතාවයට

කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශයේ රුධිර පරීක්‍ෂ දින තුනක් තිස්සේ නතර වී තිබීමෙන් රෝගීන් දැඩි අපහසුතාවට පත්ව ඇති බව සෞඛ්‍ය වෘත්තිය සමිති පවසනවා. වෘත්තිය...

POPULAR ARTICLES

කටුනායක ගුවන් තොටුපොළට ජපාන රජයෙන් වාහන තොගයක්

ජපාන රජය විසින් කටුනායක ගුවන් තොටුපොළ වෙත ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5 කට අධික වටිනාකමකින් යුතු වාහන තොගයක් අද (05) දින උදෑසන ජල හා මුදවා ගැනීම්...

ලංකා විදුලිබල මණ්ඩලයෙන් විශේෂ නිවේදනයක් 

විදුලි පාරිභෝගිකයන් ලක්ෂ 50කට රතු බිල් යැවීම සම්බන්ධයෙන් පළවූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන්ව ඇත්තේ, විදුලිය පාරිභෝජනය...

දික්කසාදය ගැන විශේෂ අධිකරණ තීන්දුවක්

ශ්‍රී ලංකාවේ දී විවාහ වූ යුවළක් විදෙස් රටක අධිකරණයකින් දික්කසාද වූ විට මෙරටදී එම දික්කසාදය වලංගු බවට අභියාචනාධිකරණය තීන්දු කර තිබෙනවා. ඒ අනුව විදේශයක දී...