28.2 C
Colombo
Saturday, April 27, 2024

කටුගස්තොට ගින්න: පෙම්වතා ගිනි තැබුවා ද?

- Advertisement -

පෞද්ගලික ආරවුලක් හේතුවෙන් සිදු කළ ගිනි තැබීමකින් කටුගස්තොට මැණික්කුඹුර නිවසක තිදෙනෙකු මියගොස් ඇති බවට පොලිසිය සැක කරනවා.

පිටස්තර පුද්ගලයෙකු නිවසේ පිළිස්සී මියයා ගොස් තිබීම හා තවත් සැක සහිත අවස්ථා කිහිපයක් ඔස්සේ පරීක්ෂණ ක්‍රියාත්මක බවයි පොලිසිය පවසන්නේ.

අදාළ පුද්ගලයා විසින් අද අලුයම නිවසට ගිනි තැබීමෙන් එහි සිටි දියණිය, පියා සහ අදළ පුද්ගලයා ද මිය යන්නට ඇතැයි, පොලිසිය සැක පළ කරන අතර ගින්නෙන් 71 හැවිරිදි ඊශ්වරි දේවන් නම් පියා, 30 හැවිරිදි චන්ද්‍රවදනි නම් දියණිය සහ දියණියගේ පෙම්වතා බව කියන පුද්ගලයා ද මිය ගොස් තිබෙනවා.

එම නිවසේ සිටි රාණිවේලු රාජු නමැති 66 හැවිරිදි මව පිළිස්සුම් තුවාල ලබා මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

පොලිසිය සඳහන් කළේ, මියගිය 30 හැවිරිදි දියණියගේ පෙම්වතා එම ගිනිතැබීම කළ බවට පිළිස්සුම් තුවාල ලබා රෝහල්ගතව සිටින මව පොලිසියට ප්‍රකාශයක් ලබාදී ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

ජයශ්‍රී ට එරෙහි නඩුවට දින නියම කෙරේ

අරුණ ලියාන් මහතා සිය බුද්ධිමය දේපළ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ජයලත් සහෝදරයින්ට එරෙහිව ගොනු කර ඇති නඩුව ගරු වාණිජ මහාධිකරණය ඉදිරියේ අද (26) දින...

කළුතර පොලිස් නිළධාරින් බලා සිටියදී පිරිසක් කාන්තාවකට ආයුධ වලින් පහරදිලා

කළුතර නාගොඩ රෝහලේ ප්‍රධාන දොරටුව අසල පොලිස් නිලධාරීන් සහ ආරක්ෂක නිලධාරීන් බලා සිටියදී රෝහලට පැමිණි කාන්තාවකට තියුණු ආයුධවලින් පහර දී තිබෙනවා. පහරදීම සිදුකර ඇත්තේ කළුතර,...

ඇල්ල – වැල්ලවාය මාර්ගයත් නායයාමේ අවදානම් තත්ත්වයක

ඇල්ල, කරදගොල්ල, දහය කණුව ප්‍රදේශයේ මේ වන විට නායයෑමක් සක්‍රීය වී තිබෙනවා. ඇල්ල - වැල්ලවාය මාර්ගයටද බලපෑම් ඇතිවිය හැකි බැවින් රියැදුරන් ඒ පිළිබඳව සැළකිලිමත් වීම...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...