28.9 C
Colombo
Saturday, April 27, 2024

නැව් මුහුද මැද තියා ගැනීමත් බිස්නස් එකක්.! – විමල් 

- Advertisement -

නැව් වලට ප්‍රමාද ගාස්තු ගෙවීමට සිදුව ඇත්තේ සැබැවින්ම ඩොලර් නොමැති නිසාද යන්න සොයා බැලිය යුතු බව උත්තර ලංකා සභාගයේ සභාපති, හිටපු අමාත්‍ය විමල් වීරවංශ පවසනවා.

ඒ, ඊයේ (19) දින සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවති “කරව්! නැත්නම් පලයව්!!” මහජන සමුළුව අමතමින්.

සැබෑ ගැටළුව ඩොලර් නොමැතිකමද නොඑසේ නම් 60% – 40% ලෙසින් ප්‍රමාද ගාඅස්තු බෙදා ගැනීමද යන්න පිළිබඳවත් සොයා බලන ලෙසට ඔහු ඉල්ලා සිටිනවා.

“සති කීපයක් ප්‍රමාද වෙලා ගාස්තු ගෙවන්නේ රටේ ඩොලර් පැටව් ගහලා ද? කවුරු හරි අපිට දුන්නා ද? නැව් වලට ගෙවන ප්‍රමාද ගාස්තුවත් 60-40ට බෙදෙන්නේ. 40 නැවට, 60මෙහෙට. මං ඒකයි කිව්වේ අම්මගෙ මිනිය තියාගෙන මේකලා බූරු ගහනවා” යැයි ඔහු පවසනවා.

එමෙන්ම, ඉහළම පුටුවල ඉන්න “ආදී රාජකීයන්” දෙදෙනාට පාසලේ ආදර්ශ පාඨය “උගනිව්! නැත පිටවව්!! මතක නම් අපි කියන “කරව්! නැත්නම් පලයවි!! යන්න වඩා හොඳින් තේරෙනු ඇති බවටත් විමල් වීරවංශ ජනපති රනිල්ට සහ අගමැතී දිනේෂ්ට අතීතය සිහිපත් කරමින් පවසා සිටියා.

මේ මොහොතේ ආණ්ඩුව විසින් ඉටු කළ යුතු මූලික වගකීම් ලෙස උත්තර ලංකා සභාගය විසින් හඳුනාගත් “විදේශ විනිමය කළු වෙළඳපළ පාලනය කිරීම සහ රුපියල ශක්තිමත් කිරීම; අඩු ආදායම්ලාභීන්ගේ ජීවන තත්ත්වය ආරක්ෂා කිරීම; අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපයුම් ජාලය පවත්වාගෙන යාම සහ මිල ස්ථායිතාව සහතික කිරීම;
දේශීය නිෂ්පාදන පද්ධතිය බිඳ වැටීම වළක්වා ගැනීම සහ ආරක්ෂා කිරීම;
අත්‍යවශ්‍ය ආනයන වියදම් සඳහා විදේශ විනිමය ලැබීම් සහතික කිරීම;
කුඩා නිෂ්පාදකයා සහ රැකියා වියුක්ත සහ අර්ධ රැකියා නියුක්ත තරුණ පරපුර ඇතුළු බහුතර ජනතාවට ආර්ථික ඉඩප්‍රස්ථා නිර්මාණය කිරීම මගින් ආර්ථික වර්ධනය අත්පත්කර ගැනීම සඳහා ආර්ථික මොඩලය තුළ පරිවර්තනයක් සිදුකිරීම; රටේ සමස්ත ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව සහතික කිරීම; රටේ බලශක්ති සුරක්ෂිතතාව තහවුරු කිරීම; බදු බර අසාධාරණ ලෙස සහ අවිචාරවත් ලෙස ජනතාව මත පැටවීම වෙනුවට බදු අයකිරීමේ යාන්ත්‍රණවල ප්‍රතිඵලදායකත්වය සහ කාර්යක්ෂමතාව සහතික කිරීම; රාජ්‍ය පාලනයට අදාළව මහජන විශ්වාසය තහවුරු කිරීම මගින් අර්බුදයෙන් ගොඩඒම සඳහා මහජන සහාය ලබා ගැනීම සහ රාජ්‍යයේ ස්වෛරීත්වයට එරෙහිව දියත් වන බාහිර කුමන්ත්‍රණ පරාජය කිරීම; IMF වන්දනාව වෙනුවට වාණිජ ණය තොගය විකිණීම සඳහා මිත්‍ර රටවල් සමඟ සාකච්ඡා කිරීම; අර්බුදය මුවාවෙන් ජාතික සම්පත් කොල්ලයකට ඉඩ ලබා නොදීම;” යන කරුණු මුල් කොට ගත් දොළොස් වැදෑරුම් යෝජනාවලිය ජනගත කිරීම එම සභාගයේ ජාතික විධායක සභික, ජාතික නිදහස් පෙරමුණේ ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් සිදු කළේය.

මෙම මහජන සමුළුව අමතා එහි නායක මණ්ඩලය වෙනුවෙන් සභාපති, ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ, ජාතික සංවිධායක, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර, නියෝජ්‍ය සභාපති, පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල, නියෝජ්‍ය සභාපති, ලංකා සමසමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම්, හිටපු අමාත්‍ය මහාචාර්ය තිස්ස විතාරණ, නියෝජ්‍ය ලේකම්, යුතුකම ජාතික සංවිධානයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග යන පිරිස හා අනුශාසක, විජය ධරණී ජාතික සභාවේ නායක පූජ්‍ය අතුරලියේ රතන හිමි අදහස් දක්වූහ.

RECENT ARTICLES - SINHALA

ජයශ්‍රී ට එරෙහි නඩුවට දින නියම කෙරේ

අරුණ ලියාන් මහතා සිය බුද්ධිමය දේපළ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ජයලත් සහෝදරයින්ට එරෙහිව ගොනු කර ඇති නඩුව ගරු වාණිජ මහාධිකරණය ඉදිරියේ අද (26) දින...

කළුතර පොලිස් නිළධාරින් බලා සිටියදී පිරිසක් කාන්තාවකට ආයුධ වලින් පහරදිලා

කළුතර නාගොඩ රෝහලේ ප්‍රධාන දොරටුව අසල පොලිස් නිලධාරීන් සහ ආරක්ෂක නිලධාරීන් බලා සිටියදී රෝහලට පැමිණි කාන්තාවකට තියුණු ආයුධවලින් පහර දී තිබෙනවා. පහරදීම සිදුකර ඇත්තේ කළුතර,...

ඇල්ල – වැල්ලවාය මාර්ගයත් නායයාමේ අවදානම් තත්ත්වයක

ඇල්ල, කරදගොල්ල, දහය කණුව ප්‍රදේශයේ මේ වන විට නායයෑමක් සක්‍රීය වී තිබෙනවා. ඇල්ල - වැල්ලවාය මාර්ගයටද බලපෑම් ඇතිවිය හැකි බැවින් රියැදුරන් ඒ පිළිබඳව සැළකිලිමත් වීම...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...