27.9 C
Colombo
Saturday, April 27, 2024

කෙහෙළිය කිව්වේ බොරු. මම ඔලිම්පික් ගියේ පුද්ගලික මුදලින් – රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ

- Advertisement -

ඔලිම්පික් තරඟ නැරඹීම සඳහා තමන් ජපානයේ ටෝකියෝ නුවර බලා ගියේ කිසිදු අනුග්‍රාහකයෙකුගේ මුදලින් නොව තම පෞද්ගලික මුදලින් බව පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා සඳහන් කරන්නේ පසුගියදා කැබිනට් ප්‍රවෘත්ති සාකච්ඡාවේදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා තමන් ඇතුළු පිරිස ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගීවීම සම්බන්ධයෙන් සිදුකල ප්‍රකාශය නිවැරදි නොවන බවයි.

තමන් හට විදේශගතවීමට අවශ්‍ය ගුවන් ටිකට්පත් හා ජපානයේ රැදී සිටින කාලය තුළදී වැයවන වියදම් තමා පෞද්ගලිකව දරාගන්නා බවත් කිසිදු මොහොතක රජයේ මුදල් හෝ පුද්ගලික ආයතනයක අනුග්‍රාහක මුදල් වියදම් නොකළ බවත් රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා නිවේදනයෙන් පෙන්වා දී තිබෙනවා.

එබැවින් රජයේ මුදල් වියදම් කර හෝ වෙනත් ආයතනයක අනුග්‍රාහකත්වය යටතේ රට සවාරි යනවා යැයි සමාජය තුළ මතයක් ඇති කිරීමට කවුරුන් හෝ ගන්නා උත්සහය නිශ්ඵල බවත් එවැනි චෝදනා සම්පූර්ණයෙන්ම බැහැර කරන බවත් නිවේදනයේ සදහන්.


RECENT ARTICLES - SINHALA

ජයශ්‍රී ට එරෙහි නඩුවට දින නියම කෙරේ

අරුණ ලියාන් මහතා සිය බුද්ධිමය දේපළ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ජයලත් සහෝදරයින්ට එරෙහිව ගොනු කර ඇති නඩුව ගරු වාණිජ මහාධිකරණය ඉදිරියේ අද (26) දින...

කළුතර පොලිස් නිළධාරින් බලා සිටියදී පිරිසක් කාන්තාවකට ආයුධ වලින් පහරදිලා

කළුතර නාගොඩ රෝහලේ ප්‍රධාන දොරටුව අසල පොලිස් නිලධාරීන් සහ ආරක්ෂක නිලධාරීන් බලා සිටියදී රෝහලට පැමිණි කාන්තාවකට තියුණු ආයුධවලින් පහර දී තිබෙනවා. පහරදීම සිදුකර ඇත්තේ කළුතර,...

ඇල්ල – වැල්ලවාය මාර්ගයත් නායයාමේ අවදානම් තත්ත්වයක

ඇල්ල, කරදගොල්ල, දහය කණුව ප්‍රදේශයේ මේ වන විට නායයෑමක් සක්‍රීය වී තිබෙනවා. ඇල්ල - වැල්ලවාය මාර්ගයටද බලපෑම් ඇතිවිය හැකි බැවින් රියැදුරන් ඒ පිළිබඳව සැළකිලිමත් වීම...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් ගැන සුසිල්ගෙන් දැනුම් දිමක්

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් සඳහා 60,000ක් ඉල්ලුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. එහි කටයුතු ලබන සතිය වන විට අරඹන බවත් විද්‍යාපීඨ...