28.2 C
Colombo
Tuesday, May 14, 2024

කෙහෙළියගේ පුතුට සෞඛ්‍ය අමාත්‍යංශයේ තනතුරක්

- Advertisement -

නව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත් රඹුක්වැල්ල හට සෞඛ්‍ය අමාත්‍යංශයේ තනතුරක් හිමිව තිබෙනවා.

ඒ අනුව, සෞඛ්‍ය අමාත්‍යවරයාගේ පුද්ගලික ලේකම්වරයා ලෙස ඔහු පසුගියදා වැඩ භාරගත්තා.

කෙසේ නමුත්, රමිත් රඹුක්වැල්ලගේ පසුගිය ක්‍රියාකලාපය හේතුවෙන් මෙම පත්වීම සම්බන්ධව සමාජයෙන් විවිධ විරෝධතා මතුවෙමින් පවතිනවා.

2013 වසරේ ගුවන් යානයකදී බීමත්ව හැසිරුණු බවට රමිත් රඹුක්වැල්ලට චෝදනා එල්ල විය.

රමිත රඹුක්වැල්ල ශ්‍රී ලංකා ක්‍රිකට් ‘ඒ’ කණ්ඩායම නියෝජනය කළ සමයේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය නිමවා ශ්‍රී ලංකාවට පැමිණෙමින් සිටියදී ගුවන් යානයේ දොර විවෘත කිරීමට උත්සහ කිරීම සමාජයේ මහත් ආන්දෝලනයට තුඩු දුන්නා. පසුව ඔහු විනය පරීක්‍ෂණයකටද ලක්වූ අතර ඒ සම්බන්ධයෙන් සමාවද ඉල්ලා සිටියා.

එම අවස්ථාවේදී සිහිනෙන් ඇවිදිමින් සිටි තමන් වැරදීමකින් වැසිකිළි දොර යයි සිතා ගුවන් යානා දොර විවෘත කිරීමට උත්සාහ දැරූ බව රඹුක්වැල්ල පැවසුවද ඔහු බීමතින් සිටි විලාසයක් පෙනුණු බවත් බ්‍රිටිෂ් එයාර්වේස් ගුවන් සේවකයන් පැමිණ සන්සුන් කරනතුරු රමිත් රඹුක්වැල්ල විනාඩි දෙකක් පමණ දොර අගුල තදින් අදිමින් සිටි බවත් සිද්ධිය සියැසින් දුටුවන් පවසා ඇති බව BBC පුවත් සේවය වාර්තා කරන ලදි.

එමෙන්ම, 2018 මාර්තු මස 09වනදා රමිත රඹුක්වැල්ල අත්අඩංගුවට පත්වූයේ බීමත්ව රිය අනතුරක් කිරීම ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන්.

පසුව අධිකරනයේදී නොසැලකිළිමත් ලෙස රිය පැදවීම සහ රිය අනතුරක් වැළැක්වීමට පියවර නොගැනීම යන චෝදනා 2කට ඔහු වරද පිළිගත් නමුත් බීමත්ව රිය පැදවීම යන චෝදනාවට වරද පිලිගත්තේ නෑ.

කෙසේ නමුත් අධිකරණය නියෝග කළේ රමිත් රඹුක්වැල්ල නුගේගොඩ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය වෙත යොමුකර කායික හා මානසික සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාවක් අධීකරණයට ඉදිරිපත් කරන ලෙසයි.

තවද අනතුරෙන් තුවාල වූ සරසවි සිසුන් දෙදෙනා රඹුක්වැල්ලගෙන් වන්දි මුදලක් අපේක්ෂා නොකරන බවට අධ්කරණයේදී පැවසූ නිසා ම සිසුන් දෙදෙනාව අදාල නඩු කටයුත්තෙන් මුදා හැරීමට අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කළා

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කර සිටියේ එය ලෝකයේ සිදුවූ පළමු රිය අනතුර නොවන බවයි.

ramith_accident

RECENT ARTICLES - SINHALA

බටේ මාරු වෙලා ඉන්ධන අපතේ ගිහින්-දයාසිරි

තෙල් සංස්ථාවේ ජෙට්.කේ.වන් ඉන්ධනවලට වැරදි බටයක් ගැසීම හේතුවෙන් ඉන්ධන ලීටර් 60,000ක් අපතේ ගොස් තිබෙන බව කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද...

පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා අවලංගු කිරීමේ තීරණයක්

පළාත් පාලන මැතිවරණය සඳහා ලබාගත් නාමයෝජනා අවලංගු කිරීමට ඊයේ (13) පැවැති අමාත්‍ය මණ්ඩල හමුවේදී සාකච්ඡා වූ බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. ඒ මහතා සඳහන්...

LTTEයට පනවා තිබූ තහනම ගැන ඉන්දියාවෙන් තීරණයක්

ඉන්දිය රජය LTTE කොටි ත්‍රස්ත සංවිධානයට එරෙහිව පනවා තිබූ තහනම තවත් වසර 5කින් දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා. එරට ස්වදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින්...

POPULAR ARTICLES

යුධ පිටියක් වු කටුගස්තොට

කටුගස්තොට නගරය ආසන්නයේ විවෘත කිරීමට නියමිතව තිබූ මත්ස්‍ය වෙළෙඳ සැළකට කඩා වැදුණු අවිගත් කණ්ඩායමක් ගොඩනැගිල්ලට සහ වාහන දෙකකට පහර දී දැඩි අලාභහානි සිදුකර තිබෙන...

නෙළුම් කුළුණෙන් පැන්න විදේශිකයෙක් වහලය උඩට වැටිලා

කොළඹ, නෙළුම් කුළුණේ බේස් පැනීමේ ඉසව්ව (Base Jump) අත්විඳිමින් සිටි විදේශිකයෙකු එම ඉසව්ව අතරතුර දී ඉන් ඇද වැටීමෙන් තුවාල ලබා තිබෙනවා. විදේශිකයාගේ පැරෂුටය විවෘත වීම...

ගෝඨාට පැනලා යන්න උදව් කළේ ජනතාවගේම හොඳට – මොහොමඩ් නෂීඩ්

පසුගිය අරගලය සමයේ මහජන විරෝධය මැද රටින් පළා ගිය එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සහ ඔහුගේ බිරිඳට මාලදිවයින් රාජ්‍ය තුළ තාවකාලික රැකවරණය සැපයීමට තමා කටයුතු...