33 C
Colombo
Thursday, May 2, 2024

වසර 34කට පසුව කොටු වූ ඝාතකයා

- Advertisement -

වසර 34ක් පුරා අධිකරණය මඟහැර සැඟවී සිටි අපරාධකරුවෙකු ඊයේ (18) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, 68 හැවිරිදි කොළඹගේ සරත්චන්ද්‍ර සුමනසේකර නොහොත් නන්දන සුමනසේකර නමැති අයෙක්.

1989 වසරේ දී විදුලිබල මණ්ඩල මූලස්ථානයේ සේවයේ නිරතව සිටි ඉංජිනේරුවකු වන ආචාර්ය ඩබ්. අමරසිරි නමැති අයෙකු ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන වරදකරු ඔහු වන බව සඳහන් වනවා.

මූලික විමර්ශනවල දී අනාවරණ වී තිබුණේ මිය ගිය තැනැත්තාව අතුරුගිරිය පොලිස් වසමේ පනාගොඩ ඇඹුල්ගම පාරේ වැලිපිල්ලෑව ශ්‍රී සුමන මාවතේ නිවෙසකට ගෙන්වාගෙන ඝාතනය කර තිබූ බවයි.

ඉන් අනතුරුව මරණකරුගේ සිරුර කොටස්වලට කපා බැරලයක බහා වළ දමා තිබුණේ, 1989 වසරේ ජනවාරි 13දා.

මෙම ආරවුල අනියම් ප්‍රේම සම්බන්ධයක් මුල් කරගෙන ඇති වූ බව සඳහන්.

ඝාතනයට ලක් වූ ඉංජිනේරුවා සමඟ අනියම් සම්බන්ධයක් පවත්වමින් සිටි අත්අඩංගුවටගත් නන්දන සුමනසේකරගේ බිරිඳ එකල අවුරුදු 32ක කාන්තාවක්.

විදුලිබල මණ්ඩලයේ ඉංග්‍රීසි ලඝු ලේඛිකාවක ලෙස ඇය එකල සේවය කර ඇත්තේ ඝාතනයට ලක් වූ ඉංජිනේරුවා සමඟයි.

ලංගම වේලා සටහන්කරුවකු ලෙස සේවයේ නිරතව සිට පූගොඩදී ඊයේ අත්අඩංගුවට පත් සිය සැමියා සමඟ ඇය පදිංචිව සිට ඇත්තේ වැලිපිල්ලෑව ශ්‍රී සුමන මාවතේ පිහිටා තිබූ නිවසකයි.

අනියම් ඇසුර දැනගැනීමට ලැබීමෙන් පසු ඔහු විසින් තම බිරිඳ මාර්ගයෙන් අනියම් සැමියා වූ විදුලි ඉංජිනේරුවා නිවෙසට ගෙන්වාගෙන හිසට මෝල්ග‍සකින් පහර දී, පසුව ගෙල කපා, සිරුරද කොටස්වලට වෙන් කර බැරලයක බහා තිබෙනවා.

මේ සඳහා ඔහු සිය බිරිඳගේ සහාය ද ලබාගෙන තිබෙන බවයි සඳහන් වන්නේ.

ඉංජිනේරුවා මරා දමා පලා ගොස් සිටි යුවළ පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබෙන අතර ඉන් අනතුරුව පැවැති නඩු විභාගයකින් හෝමාගම මහාධිකරණය විසින් 1990 වසරේදී මරණ දඬුවම පනවා ඇති බවයි වාර්තා වන්නේ.

ඒ වනවිට මෙම යුවළ ඇප ලබා අධිකරණ මඟහැර සිට තිබෙනවා.

පසුව ඔවුන් වෙනත් නම්වලින් ඔවුන් පෙනී සිට ඇති අතර බිරිය පසුගිය පෙබරවාරියේදී අත්අඩංගුවට ගෙන ඇත්තේ පාණදුර අළුබෝමුල්ල ප්‍රදේශයේ දීයි.

ප්‍රධාන සැකකරු පූගොඩ මණ්ඩාවල ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ආයතනයක ආරක්ෂක නිලධාරියකු ලෙස සේවයේ නිරතව තිබෙනවා.

දුරකතන ජාල විශ්ලේෂණයකින් අනතුරුව මොවුන් මෙලෙස කොටු කරගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් සමත්වී තිබුණා.

RECENT ARTICLES - SINHALA

වැඩි කළ වතු කම්කරුවන්ගෙ වැටුපට කණ කොකා හඩන ලකුණු

වතු කම්කරුවෙකුගේ වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් කම්කරු අමාත්‍යංශය මගින් පසුගිය 30 වැනිදා දින නිකුත් කර ඇති අංක 2382/04 අති විශේෂ ගැසට් පත්‍රයේ සදහන් කර...

සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින්ට දැනුම් දීමක්

ලබන 6 වනදා සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින විභාග අපේක්ෂයන් සඳහා පමණක් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව අනිද්දා (04)  විවෘතව තැබෙන බව එම දෙපාර්තමේන්තුව පවසනවා. එම...

මැණික්හින්න රෝහලේ වෛද්‍යවරයාට ඇප

මැණික්හින්න රෝහලේ පසුගිය 28 වනදා ඇති වූ ගැටුමෙන් අනතුරුව පොලීසිය විසින් අත්ඩංගුවට ගනු ලැබූ වෛද්‍යවරයා මත මුදා හැර තිබෙනවා. මැණික්හින්න රෝහලට හදිසි රෝගී තත්ත්වකයට ප්‍රතිකාර...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...