28 C
Colombo
Friday, May 3, 2024

තැන තැන සිදුවන ඝාතන

- Advertisement -

මාර්ගයකදී පිහියකින් සහ කතුරකින් ඇන පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ, පුද්ගලික ආරවුලක් මත ඊයේ (14) 37 හැවිරිදි පුද්ගලයෙකුව මෙලෙස ඝාතනය කර ඇති බවයි.

ඇලයාපත්තුව පොලිස් වසමේ තිබ්බටුවාගම විහාරස්ථානයට යන මාර්ගයේදී මෙම ඝාතනය සිදුකර තිබුණා.

මේ අතර අද (15) අලුයම හක්මන පොලිස් වසමේ කහටගහකොරටුව ප්‍රදේශයේදී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා.

මරණකරු වයස අවුරුදු 21 ක් වූ කහටගහකොරටුව, හක්මන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මරණකරුට ඔහුගේ බාප්පා විසින් පැරණි අමනාපයක් මත තියුණු ආයුධයකින් පහරදීමෙන් පසු බරපතල තුවාල ලබා ඇල්ලේවෙල රෝහලට ඇතුලත් කර ඇති අත​ර වැඩිදුර ප්‍රතිකාර සඳහා කඹුරුපිටිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.

පොලීසිය පවසන්නේ, ඝාතනය සිදු කල සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් තිබෙන බවයි.

ඒ අනු​ව මෘත ශරීරය කඹුරුපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අත​ර සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා හක්මන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

මේ අතර සේරුනුවර මහවැලිගම ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් ඇන 41 හැවිරි​දි පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.

මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා ත්‍රීකුණාමලය රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති බව පොලීසිය සඳහන් ක​ළා.

එමෙන්​ම ඝාතනය සිදුකල සැකකරු වයස අවුරුදු 30 ක් වූ සුමේධංකරපුර, සේරුනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට හඳුනා ගෙන ඇති අතර අත්අඩංගුවට ගැනීම සඳහා සේරුනුවර පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

RECENT ARTICLES - SINHALA

හෙටින් ඇරඹේන පාසල් නිවාඩුව

රජයේ අනුමත සිංහල, දෙමළ සහ මුස්ලිම් පාසල්වල 2024 පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙටින් (03) අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව පළමු වාරයේ...

බස් ගාස්තු සංශෝධනය වීමක් නැහැ

ඉන්ධන මිල අඩු වුවත් බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පැවසුවේ පසුගිය 30...

අපිත් රැළිය පාරේ ගත්තනම් සෙනඟ පෙන්නන්න තිබුණා-නාමල්

මැයි රැළිය පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද මහා මාර්ගයක් තෝරා ගත්තා නම් සෙනඟ පෙන්වීමට හැකියාව තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...