25 C
Colombo
Sunday, December 10, 2023

තමන්ගේ ඉඩමද හන්තාන රක්ෂිතයට අයත් එකක්යැයි කිරිඇල්ලගේ දියණිය පිළිගනියි

- Advertisement -

පසුගිය කාලයේ ආන්දෝලනයට ලක්වූ තමන්ගේ ඉඩම හන්තාන රක්ෂිතයට අයත් ඉඩමක් බවට පසුගිය ආණ්ඩුවේ හිටපු ඇමැතිවරයකු වූ ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ දියණිය වන නීතිඥ චමින්ද්‍රාණි කිරිඇල්ල මහත්මිය පිළිගනු ලැබූවා.

ඒ ඊයේ (19) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී හන්තාන රක්ෂිතයට අයත් ඉඩමක් ඉකුත් 2020 වසරේදී එළි පෙහෙළි කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

සමඟි ජන බලවේගයේ කාන්තා සංගමය වන සමඟි වනිතා පෙරමුණ විසින් මේ මාධ්‍ය හමුව පැවැත්වූ අතර සිංහරාජ වනාන්තරය එළි පෙහෙළි කරන ලද බවට රූපවාහිනී වැඩසටහනකට එක් වෙමින් ප්‍රකාශයක් කිරීම හේතුවෙන් තර්ජනයට ලක්ව ඇතැයි කියන භාග්‍යා අබේරත්න නමැති තරුණියට සහාය වීම සඳහා මේ මාධ්‍ය හමුව සංවිධාන කර තිබුණා.

මේ මාධ්‍ය හමුවට භාග්‍යා අබේරත්න ද සහභාගි වන බවට මාධ්‍ය දැනුම්වත් කර තිබුණද ඇය මේ අවස්ථාවට සහභාගි වූයේ නැහැ.

අදාළ ඉඩම මීට වසර 30 කට පෙර තමාගේ පියා නීතිඥවරයෙක් ලෙස කටයුතු කරන සමයේ මිලදී ගත් එකක් බවත් 2010 ගැසට් පත්‍රයක් මඟින් හන්තාන රක්ෂිතයට ගැසට් කර පසු එය රක්ෂිතයට අයත්ව ඇති බවත් නීතිඥ චමින්ද්‍රාණි කිරිඇල්ල මහත්මිය මාධ්‍ය හමුවේ පවසා සිටියා.

තමන් මෙම ඉඩමේ කිසිදු ගසකට හානි නොකල බවත් ඉඩමට ඇතුළුවීමට මාර්ගයක් සකසා ගැනීමට උස්ව වැවී තිබූ මානා පඳුරු අයින් කිරීම පමණක් සිදුකල බවත් ඇය වැඩිදුරටත් සදහන් කළා.

කෙසේ වෙතත් අදාල ඉඩමට සිදුව ඇති හානිය පිළිබද වීඩියෝවක් මීට පෙර අප Channel 19 යුටියුබ් නාලිකාව හරහා විකාශය කළා.

එම වීඩියෝව පහතින්,

RECENT ARTICLES - SINHALA

පාරිභෝගිකයින් 80% කගේ විදුලි සැපයුම යථා තත්වයට

මේ වන විට ප්‍රදේශ රැසක විදුලි සැපයුම යථා තත්ත්වයට පත්කර ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. එම මණ්ඩලය සඳහන් කළේ දිවයින පුරා විදුලිය විසන්ධි වූ ප්‍රදේශවලින්...

Breaking : නොරොච්චෝලෙත් බිඳ වැටිලා

නොරොච්චෝලේ බලාගාරයේ පළමු ජනන අක්‍රීය වී තිබෙනවා. ඒ අනුව එහි තුන්වන ජනන යන්ත්‍රය පද්ධතියට එක්කිරීමට පියවර ගත් බව ලංකා විදුලිබල මණ්ඩල‍ය ප්‍රකාශ කළා.

විදුලි සැපයුම ගැන විදුලිබල මණ්ඩල‍යෙන් දැනුම් දීමක්

ජාතික විදුලිබල පද්ධතිය යළි සමතුලිත කර තිබෙනවා. ලංකා විදුලිබල මණ්ඩල‍ය ප්‍රකාශ කළේ ඒ අනුව, 20% ක පිරිසකගේ විදුලිය සැපයුම මේ වන විට යථාතත්ත්වය⁣ට පත් කර...

POPULAR ARTICLES

පුත්තලමේ සනත් නිශාන්තගෙන් විශේෂ ප්‍රකාශයක්

තමන්ට පැනවූ පාර්ලිමේන්තු තහනම සම්බන්ධයෙන් අද (08) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පවසනවා. දින 14 කාලයක් සඳහා තමන්ට...

සුරාසල් විවෘතව තබන වේලාවේ වෙනසක්

දෙසැම්බර් මස 09 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි සුරාසල් විවෘත කරන හා වසනු ලබන වෙලාව සංශෝධනය කර තිබෙනවා. සුරාබදු ආඥා පනතේ 52 වැනි අධිකාරියේ 32-1...

රට පුරා විදුලිය විසන්ධි වෙයි

මේ වන විට ලංකාව පුරා හදිසි විදුලිය බිඳ වැටීමක් සිදුව ඇති බව විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්න මහතා  පවසනවා. පද්ධතියේ ඇතිවී තිබෙන දෝෂයක්...