ආබාධයක් හේතුවෙන් ඉන්දියාවට එරෙහි එක්දින හා විස්සයි 20 තරගාවලියට සහභාගී වීමට කුසල් ජනිත් පෙරේරාට නොහැකි වනු ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටිනවා.
කුසල් ජනිත් පෙරේරා පුහුණුවීමකදී දකුණු උරහිසේ ආබාධයකට ලක්ව ඇති බවත් එහෙයින් මෙලෙස ඔහුව කණ්ඩායමට ඇතුලත් නොකිරීමට සිදුව ඇති බවත් එම නිවේදනයේ දැක්වෙනවා.
එමෙන්ම ඊයේ (15) පැවති පුහුණු සැසියකදී වේග පන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දුගේ වම් වළලුකර ආබාධයකට ලක්වූ බවත් එය පාර්ශ්වීය අස්ථි බිඳීමක් බවත් එම නිවේදනයේ දැක්වෙනවා.
එබැවින්, ඉන්දියානු සංචාරයේ එක්දින තරගාවලිය සඳහා ඔහුද සහභාගී නොවනු ඇති බවයි පැවසෙන්නේ.
