30.2 C
Colombo
Friday, April 26, 2024

එක්කෙනෙක් වෙනුවෙන් නීති නවන්න බෑ – ඇමති නාමල්

- Advertisement -

ජාත්‍යන්තර පිටියෙන් සමු ගැනීමට ගත් තීරණය සම්බන්ධයෙන් නැවත සිතා බලන්නැයි තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා භානුක රාජපක්ෂගෙන් ඉල්ලා සිටිනවා.

ඒ, භානුක රාජපක්ෂගේ සමු ගැනීම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින්.

ඔහු තවමත් තරුණ ක්‍රීඩකයෙකු බැවින් තවත් දිගු කාලයක් රට වෙනුවෙන් ක්‍රීඩා කිරීම සඳහා අවස්ථාව තිබෙන බවයි ක්‍රීඩා ඇමතිවරයා සඳහන් කරන්නේ.

අදාල නිවේදනය පහලින්,

ඕනෑම ක්‍රීඩයකයකුට ක්‍රීඩාව මෙන්ම ක්‍රීඩා ජීවිතය ද අභියෝගාත්මකය. මේ සියලුදෙනා වෘත්තිමය ක්‍රීඩකයන් වේ. ඒ නිසා වෘත්තිමය ක්‍රීඩකයන් හැමවිටම එම වෘත්තිමය තත්ත්වයත් රැක ගැනීමටත් එය ආරක්ෂා කිරීමටත් බැඳී සිටියි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ස්වාධීන ආයතනයක් ලෙස ක්‍රියාත්මක වේ. ඊට ගරු කරමින් ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුව උදෙසා අරවින්ද ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුතු ක්‍රිකට් තාක්ෂණික උපදේශක කමිටුවක් පත් කිරීමට අපි පසුගිය කාලයේ දී ක්‍රියා කළෙමු.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව හා ක්‍රිකට් තාක්ෂණික උපදේශක කමිටුවේ තීන්දුවක් ලෙස හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක මහේල ජයවර්ධන ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු උපදේශකවරයකු ලෙස ද පත් කෙරිණි. ඔහුගේ සේවය මේ වනවිට වයස අවුරුදු 19 පහළ ලෝක කුසලානය තරගාවලියේ දී අපගේ යොවුන් ක්‍රීඩකයන් වෙනුවෙන් ද ලබා ගනිමින් තිබේ.

මේ අයුරින් ක්‍රිකට් ක්‍රීඩාව දියණුව උදෙසා මේ වනවිට දිගු කාලීන සැලැස්මක් සකස් කර ඇති අතර එය තාක්ෂණික වැඩපිළිවෙලකින් ද සමන්විතය. එය ක්‍රමවත්ව ඉදිරියට යාම තුළින් කෙටි කාලීන ජයග්‍රහණයන්ට වඩා කලක් පවතින ජයග්‍රාහී මාවතක් උදාවනු ඇති බව මාගේ විශ්වාසයයි.

වෘත්තිමය බැඳීම්වලට ගරු කරමින් ක්‍රීඩකයන්ට සිය පෞද්ගලික හේතුමත ක්‍රීඩා කණ්ඩායමකින් ඉවත්ව යාමට පූර්ණ අයිතියක් තිබේ. එවැනි අවස්ථාවක එසේ ඉවත්ව යාමට ගන්නා තීන්දුව ක්‍රීඩකයාගේ තීන්දුවක් විය යුතුය.

ඇතැම් විට මෙවැනි තීන්දුවකට පරිපාලනය සමඟ ඇතිවන ගැටලුවක් හේතුවී ඇත්නම් හෝ යම් අසාධාරණයක් සිදුව ඇත්නම් ඒ සඳහා මැදිහත්වීමට අවස්ථාවක් ඇත.

එසේ වුවද එක් ක්‍රීඩකයකු හෝ කිහිපදෙනෙකු පමණක් මුල්කරගෙන සමස්ත ව්‍යුහයම හෝ සමස්ත නීති පද්ධතියම වෙනස් කිරීමේ හැකියාවක් නැත. එවැනි මැදිහත්වීම් කළ විට සිදුවන්නේ සමස්ත ක්‍රියාවලියම කඩා වැටීමයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රිකට් ක්‍රිඩාවේ ජයග්‍රහණ උදෙසා සැලැස්මකට අනුව ක්‍රියාත්මක වනු දැකීම ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන මා ඇතුළු සියලුම ක්‍රීඩාලෝලීන්ගේ අපේක්ෂාවයි.

ක්‍රිකට් ක්‍රීඩාවේ මෙන්ම අනෙකුත් ක්‍රීඩාවන්හිදී ද ක්‍රීඩකයාගේ විනය මෙන්ම පරිපාලකයන්ගේ විනය සම්බන්ධයෙන් ද මා දැඩි ව සිටින බව සිහිපත් කළ යුතුය.

පසුගිය කාලයේ ඇතැම් ක්‍රීඩකයන්ගේ විනය විරෝධී හැසිරීම් හේතුවෙන් ඔවුන්ට දඬුවම් නියම කෙරිණි. ඔවුන්ට නැවත ක්‍රීඩාවේ නිරතවීමට අවස්ථාව ලැබුණේ අදාළ දඬුවම් කාලය තුළ එම තීන්දුවට ගරු කරමින් හැසිරීම නිසාය. එම ක්‍රීඩකයන් වුවද නැවත වතාවක් විනය විරෝධීව රටට අපකීර්තියක් ගෙනන අයුරින් කටයුතු කළහොත් ඔවුන්ට ජීවිතාන්තය දක්වා ක්‍රීඩා තහනමක් නියම කිරීම දක්වා වූ තීරණයකට එළැඹීමට වුවද මා මැලි නොවන බව සිහිපත් කරමි.

ඒ අනුව මින් පෙර දැරූ ප්‍රතිපත්තිවල කිසිදු වෙනසක් සිදුව නැති බව විශ්වාසයෙන් යුතුව ප්‍රකාශ කරමි.

RECENT ARTICLES - SINHALA

දේශපාලඥයා කියන්නේ මේ රටේ පුරවැසියෙක්-අමාත්‍ය ප්‍රසන්න

ඇතැම් රාජ්‍ය නිලධාරීන්ගේ වැරැදි තීන්දු තීරණ නිසා රජයටත් ජනතාවටත් විශාල පාඩු සිදු වෙන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා. නිලධාරින් සිදු කරන...

වෛද්‍ය කපිල වික්‍රමනායකගේ ඇප ඉල්ලීම ගැන නියෝගය ලබන සතියේ 

මහත් ආන්දෝලනයකට තුඩු දුන් ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදීගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින වෛද්‍ය සැපයීම අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක මහතාගේ...

රනිල්ගෙන් සල්ලි ගත්ත මන්ත්‍රීලා ගැන හොයලා බලනවා – සජබ

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක් ඉදිරිපත් කරන ලද විමධ්‍යගතා යෝජනාවලට ජනාධිපතිවරයා විසින් මුදල් වෙන් කිරීම සම්බන්ධයෙන් සොයා බලන බවට සමගි ජන බලවේග පක්ෂ මහලේකම්...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අරගලයේ වෙනස අපි පටන් ගන්න සුදානම්-නාමල්

අරගල සමයේ සටන් පාඨය බවට පත්වූ ක්‍රම වෙනසක් ඇති කිරීම සිය පක්ෂය තුළින්ම ආරම්භ කිරීමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු...