25 C
Colombo
Tuesday, April 30, 2024

වමේ දේශපාලනය බෝඩ් ලෑල්ලක් විතරයි  – නිමල්

- Advertisement -

ලෝකයේ කිසිදු රටක මේ වනවිට වමේ දේශපාලනයක් නොමැති බවත් එය හුදෙක් බෝඩ් ලෑල්ලකට පමණක් සීමා වී ඇති බවත් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා.

සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ 108 වන ජන්ම දින සංවත්සර උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළකර සිටියා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා,

“කිරි හට්ටියට දෙන මුදල්වලට සංවිධායකකම දුන්නේ නෑ. ශක්තිමත් සංවිධායකයෝ හෙව්වා, පාරේ ගියපු රස්තියාදුකාරයෝ අරගෙන සංවිධායකකම දුන්නේ නෑ. එහෙමයි එතුමිය පක්ෂය ආරක්ෂා කළේ. එතුමිය ගැහැණියකට වඩා පිරිමියෙක් වගේ. අන්න ඒ වගේ පිරිමි නායකත්වයක් අපිට අවශ්‍යයි මේ පක්ෂය ඉදිරියට ගෙනියන්න. එතුමිය එක්ක වැඩකටයුතු කරන්නට අපිට ඉතාම ආසයි. අපිට විශ්වාසයක් තියෙනවා. උදේ නැගිටිනකොට අපේ සංවිධායකකම් ඉවත්කරලා නෑ කවදාවත්. පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කළා. එදා අනුර බණ්ඩාරනායක තමන්ගේ පුතාගේ ඒ තහනම් කිරීමේ ලිපිය අත්සන් කරන්න මමයි එතුමිය ළඟට අරන් ගියේ. මැතිණිය විනාඩි දෙකක් ඔළුවට අත තියාගෙන ඉඳලා අත්සන් කරලා දුන්නා. ඒකාධිපති වුණේ නෑ. පක්ෂයේ ව්‍යවස්ථාව වෙනස්කරගෙන මට වැඩි බලතල ඕන කියලා ගන්න ගියේ නෑ. ඒ නිසා එතුමියට කවුරුත් ආදරය කළා. දැන් මේ ලෝකයේ වාම දේශපාලනයක් නෑ. රුසියාවේ වාම දේශපාලනයක් තියෙනවා ද?, චීනයේ වාම දේශපාලනයක් තියෙනවා ද ? අද කියුබාවට ජාතික දිනය පවත්වන්න තෙල් ටිකක් හොයාගන්න නෑ.වෙනිසියුලාවටත් එහෙමයි. ඒ නිසා මේ වාම දේශපාලනය හුදෙක් බෝඩ් ලෑල්ලක විතරයි. අපේ මේ ප්‍රතිපත්තියක් තියෙනවා කියලා ඒක බදාගෙන ඉඳලා හරියන්නේ නෑ. අපි අලුතින් හිතන්නට ඕන.

RECENT ARTICLES - SINHALA

නිදහස් පක්ෂය නිදහස් වෙලා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය අද (29) පෙරවරුවේ පොලිස් ස්ථානීය පරික්ෂණ නිලධාරීන් විසින් විමර්ශන කටයුතු සඳහා විවෘත කරනු ලැබ තිබෙනවා. වැදගත් ලිපිගොනු කිහිපයක් අස්ථානගතවීම හේතුවෙන්...

ෆවුසිට නොතිසි

0
හිටපු ආපදා කළමනාකරණ අමාත්‍ය ඒ. එච්. එම්. ෆවුසි මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව මැයි මස 22 වනදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය...

මෙරට ශ්‍රම බලකාය ගැන අනාවරණයක්

පසුගිය වසරේ දී මෙරට ශ්‍රම බළකාය පහත ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත්කළ නවතම වාර්තාවකින් පෙන්නුම් කර තිබෙනවා. ඒ අනුව 2022 වසරේ දී...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

රනිල් අවුරුදු කුමාරියන්ට තෑගි දෙන්න ගිහිල්ලා

මැද කොළඹ - සුදුවැල්ල බක්මහ උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වී තිබෙනවා. මෙම වාර්ෂික බක්මහ උළෙල සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත්...