28.2 C
Colombo
Saturday, April 27, 2024

දරුවනේ, සාමාන්‍යපෙළ එක් කඩයිමක් පමණයි

- Advertisement -

2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ඊයේ රාත්‍රියේ නිකුත් විය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබා තිබෙනවා.

කොව්ඩ් වසංගත තත්වයත් සමඟ පාසල් නොයා නිවසේ සෙඉට අධ්‍යන කටයුතු කරන දරුවන් මෙවැනි ප්‍රතිඵලයක් ලබා ගැණීම ගැන තමා ඉතා සතුටු වන බවයි ඔහු පවසන්නේ.

එමෙන්ම, විභාගයෙන් සමත් වීමට නොහැකි වූ දරුවන් දුක් නොවිය යුතු බවත් සාමාන්‍ය පෙළ යනු එක් කඩයිම් විභාගයක් පමණක් බව සිහියේ තබාගත යුතු බවත් ඔහු අවධාරණය කර සිටිනවා.

එම සම්පූර්ණ සටහන පහතින්.

“ප්‍රතිඵලය ඉංග්‍රීසි හෝඩියට බාර නොදෙමු.”

අපි දන්න ඉතිහාසයේ තිබුණ ඉතාමත්ම කටුක, අභියෝගාත්මකම සාමාන්‍යපෙළ විභාගයේ ප්‍රතිඵල අද නිකුත් වුණා.මේ රටේ ලක්ෂ ගානක් දුවා දරුවෝ එක්ක මගේ ආදරණීය දියණියත් ඒ විභාගයට පෙනී සිටියා.මේ අභියෝගාත්මක වෙලාවේ මගේ දුව ලබා ගත් සතුටුදායක ප්‍රතිඵලය මට මෙන්ම මගේ පවුලේ සැමට ඉමහත් සතුටක් ගෙන දුන්නා.

මේ රටේ පාසල් යන දරුවෝ අවුරුදු දෙකක් තිස්සේ ඉන්නේ තමන්ගේ ගෙවල්වල.ගොඩක් දරුවන්ට තමන්ගේ පන්තිභාර ගුරුවරයාවත් ඒ කාලය තුල දකින්න ලැබුණේ නෑ.

ඒ තරමටම කොරෝනා වෛරසය විශාල ව්‍යසනයක් වුණා.

අපේ රටට තවමත් ආගන්තුක වෙච්ච ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමය ඇතුලේ මොනතරම් දරුවෝ,මොනතරම් දෙමව්පියෝ අසරණ මොනාද?.

වයස අවුරුදු 18ට අඩු පවුල්වලින් 66%ක ප්‍රතිශතයකට අන්තර්ජාල පහසුකම් නැති රටක…පාරුවෙන් ගිහින් බස් එකට ගොඩවෙලා තවත් හැතැප්ම ගානක් ගිහින් ඉන්ටනෙට් හොයන දරුවෝ ඉන්න රටක මෙවර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීපූ දරුවෝ ගත්ත ප්‍රතිඵලය මටනම් විශ්මයක්.

මේ විභාගයෙන් සමත් වුණත් අසමත් වුණත් මම ඒ සියලු දරුවන්ව වීරයන් විදියට දකිනවා.

ඒ වෙනුවෙන් අප්‍රමාණ කැප වුණු සියලුම දරුවන් වගේම,ඒ දරුවන්ගේ දෙමවුපියොත් මේ වෙලාවේ මට මතක් වෙනවා.

ඇත්තටම මේ විභාගය සමත් වීම එක්තරා ජයග්‍රහණයක් තමයි.හැබැයි,ජීවිතයේ ඉරනම් කතාව සේරම ලියවිලා තියෙන්නෙ මේ විභාගයෙන් ලබන ප්‍රතිඵලය මත නෙවෙයි කියන එක අපි කවුරුත් දන්නවා.

කාට හෝ හිතනවා නම් මේ තමන්ට යන්න තිබුණු එකම බස් එක මිස් වුණා කියලා,ඒ හැමෝගෙන්ම ආදරයෙන් ඉල්ලනවා,ඒ අදහස ඉවත් කරගන්න කියලා.මේක ජීවිතයේ එක්තරා කඩයිම් විභාගයක් පමණයි.ජීවිතය දිනන්න ඕනෑ තරම් දොරටු මේ ලෝකයේ විවෘත වෙලා තියෙනවා.

විශාල ව්‍යසනයක් මැද, ඔබ ගත්ත මේ අත්දැකීම ඔබේ ජීවිතය අලුත් මාවතකට හරවන අවස්ථාවක් කරගනිමු කියලා සාමාන්‍ය පෙළ ලියපු සියලු දුවා දරුවන්ගෙන් ආදරයෙන් ඉල්ලා සිටිනවා.

අප හැමගේ ජීවිතවලට යහපත නැවතත් ඉක්මනින්ම උදාවේවා !!

RECENT ARTICLES - SINHALA

ජයශ්‍රී ට එරෙහි නඩුවට දින නියම කෙරේ

අරුණ ලියාන් මහතා සිය බුද්ධිමය දේපළ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ජයලත් සහෝදරයින්ට එරෙහිව ගොනු කර ඇති නඩුව ගරු වාණිජ මහාධිකරණය ඉදිරියේ අද (26) දින...

කළුතර පොලිස් නිළධාරින් බලා සිටියදී පිරිසක් කාන්තාවකට ආයුධ වලින් පහරදිලා

කළුතර නාගොඩ රෝහලේ ප්‍රධාන දොරටුව අසල පොලිස් නිලධාරීන් සහ ආරක්ෂක නිලධාරීන් බලා සිටියදී රෝහලට පැමිණි කාන්තාවකට තියුණු ආයුධවලින් පහර දී තිබෙනවා. පහරදීම සිදුකර ඇත්තේ කළුතර,...

ඇල්ල – වැල්ලවාය මාර්ගයත් නායයාමේ අවදානම් තත්ත්වයක

ඇල්ල, කරදගොල්ල, දහය කණුව ප්‍රදේශයේ මේ වන විට නායයෑමක් සක්‍රීය වී තිබෙනවා. ඇල්ල - වැල්ලවාය මාර්ගයටද බලපෑම් ඇතිවිය හැකි බැවින් රියැදුරන් ඒ පිළිබඳව සැළකිලිමත් වීම...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...