28.9 C
Colombo
Friday, April 26, 2024

සතොස වෙළෙඳ සැල් 300කට අලුතෙන් මත්පැන් බලපත්‍ර

- Advertisement -

දිවයින පුරා සතොස වෙළෙඳ සැල් 300කට පමණ මත්පැන් අලෙවි බලපත්‍ර නිකුත් කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබෙනවා.

ඒ අනුව සුරාබදු නිවේදන 902 ඛාණ්ඩය සපුරා ඇති සියලු සතොස වෙළෙඳ සැල් සඳහා කඩිනමින් මත්පැන් බලපත්‍ර ලබාදීම සම්බන්ධයෙන් මේ වන විට කටයුතු සම්පාදනය වෙමින් පවතින බවයි.

කෙසේ වෙතත් මත්පැන් බලපත්‍ර ඉල්ලුම් කළ ඇතැම් සතොස ආයතන අදාළ සුදුසුකම් සපුරා නොතිබීම හා මහජන විරෝධතා හේතුවෙන් මෙම බලපත්‍ර නිකුත් කිරීමේදී ගැටළුකාරී තත්ත්වයක් මතුව තිබෙනවා.

දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරන්නේ සියලු සුදුසුකම් සපුරා නොමැති ඇතැම් සතොස වෙළෙඳ සැල් සඳහා ද මෙම බලපත්‍ර ලබාදීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇති බවයි.

සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයා අදාළ බලපත්‍ර අනුමත කිරීමෙන් පසු සතොස ආයතනවල මත්පැන් අලෙවි කිරීමේ මධ්‍යස්ථාන විවෘත කිරීමට නියමිතව තිබෙනවා.

කෙසේ වෙතත් මේ වන විට දිවයින පුරා සුරාබදු දෙපාර්තමේන්තුවේ මත්පැන් අලෙවි කිරීමේ බලපත්‍ර 6000ක් පමණ නිකුත් කර ඇති බව සඳහන්.

RECENT ARTICLES - SINHALA

ජයශ්‍රී ට එරෙහි නඩුවට දින නියම කෙරේ

අරුණ ලියාන් මහතා සිය බුද්ධිමය දේපළ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ජයලත් සහෝදරයින්ට එරෙහිව ගොනු කර ඇති නඩුව ගරු වාණිජ මහාධිකරණය ඉදිරියේ අද (26) දින...

කළුතර පොලිස් නිළධාරින් බලා සිටියදී පිරිසක් කාන්තාවකට ආයුධ වලින් පහරදිලා

කළුතර නාගොඩ රෝහලේ ප්‍රධාන දොරටුව අසල පොලිස් නිලධාරීන් සහ ආරක්ෂක නිලධාරීන් බලා සිටියදී රෝහලට පැමිණි කාන්තාවකට තියුණු ආයුධවලින් පහර දී තිබෙනවා. පහරදීම සිදුකර ඇත්තේ කළුතර,...

ඇල්ල – වැල්ලවාය මාර්ගයත් නායයාමේ අවදානම් තත්ත්වයක

ඇල්ල, කරදගොල්ල, දහය කණුව ප්‍රදේශයේ මේ වන විට නායයෑමක් සක්‍රීය වී තිබෙනවා. ඇල්ල - වැල්ලවාය මාර්ගයටද බලපෑම් ඇතිවිය හැකි බැවින් රියැදුරන් ඒ පිළිබඳව සැළකිලිමත් වීම...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...