28.9 C
Colombo
Saturday, April 27, 2024

රුපියල 33%කින් කඩා වැටේ

- Advertisement -

මෙරර විනිමය අනුපාතිකයේ කැපී පෙනෙන ඉහළ යාමක් 2022 මාර්තු මාසයේ සිට නිරීක්ෂණය විය.

ඒ, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විනිමය අනුපාතිකයට ඉහළ නම්‍යශීලීභාවයක් ලබා දීම හේතුවෙන්.

2022 වසරේ මුල් මාස දෙක තුළ ශ්‍රී ලංකා රුපියල පුළුල් ලෙස ස්ථාවරව තබා ගත් නමුත්, 2022 වසරේ මාර්තු මස පළමු සතියේ දී විනිමය අනුපාතිකයට ඉහළ නම්‍යශීලීභාවයක් ලබා දීමට මහ බැංකුව ගත් තීරණයේ ප්‍රතිපලයක් ලෙස, එය සැලකිය යුතු ලෙස අවප්‍රමාණය වී ඇත.

ඒ අනුව, 2022 වසරේ අප්‍රේල් 01 දක්වා වූ කාලය තුළ දී ශ්‍රී ලංකා රුපියල, එ.ජ. ඩොලරයට සාපේක්ෂව සියයට 33.0ක අවප්‍රමාණය වීමක් වාර්තා කර තිබෙනවා.

අනෙකුත් විදේශ ව්‍යවහාර මුදල්වල හැසිරීම පිළිබිඹු කරමින්, 2022 වසරේ අප්‍රේල් 01වන දින දක්වා කාලය තුළ දී ශ්‍රී ලංකා රුපියල, යුරෝ, ස්ටර්ලින් පවුම්, ජපන් යෙන්, ඉන්දියානු රුපියල සහ ඔ්ස්ට්‍රේලියානු ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණය විය.

RECENT ARTICLES - SINHALA

බැසිල් හදිසියේ ඉන්දීය මහ කොමසාරිස් හමුවෙයි

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඊයේ (26) ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා හමුවී සාකච්ඡා කර තිබෙනවා. x පණිවුඩයක් නිකුත් කරමින් මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය...

හරක් කටා අධිකරණයෙන් තවත් සහන ඉල්ලලා

මේ දිනවල දැඩි රස්නයක් පවතින නිසා තමා රඳවා සිටින කුටියේ සිටීමට අපහසු බැවින් තමාට විදුලි පංකාවක් ලබාදෙන්නැයි ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරමකරුවකු වන නඳුන් චින්තක නොහොත්...

ජයශ්‍රී ට එරෙහි නඩුවට දින නියම කෙරේ

අරුණ ලියාන් මහතා සිය බුද්ධිමය දේපළ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ජයලත් සහෝදරයින්ට එරෙහිව ගොනු කර ඇති නඩුව ගරු වාණිජ මහාධිකරණය ඉදිරියේ අද (26) දින...

POPULAR ARTICLES

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් ගැන සුසිල්ගෙන් දැනුම් දිමක්

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් සඳහා 60,000ක් ඉල්ලුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. එහි කටයුතු ලබන සතිය වන විට අරඹන බවත් විද්‍යාපීඨ...