මෙවර එල්පීඑල් ක්‍රිකට් තරගාවලිය අගෝස්තු මස 01 වනදා සිට 21 වනදා දක්වා පැවැත්වීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව තරගාවලිය සමාරම්භ කරමින් පසුගිය වර ශූරයන් වූ ජැෆ්නා කින්ස් කණ්ඩායම සහ අනුශූරයන් වූ ගෝල් ග්ලැඩියේටස් කණ්ඩායම තරග වැදීමට නියමිත බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරන්නේ.
මෙවර තරගාවලියට ඇතුලත් සමස්ථ තරග ගණන 24 ක් වන අතර ඉන් තරග 20ක් පළමු වටයට අයත් වනවා. අවසන් වටයේ තරග 04ක් පැවැත්වීමට නියමිතයි.
මෙවර එල් පී එල් තරගාවලියේ අවසන් මහා තරගය අගෝස්තු මස 21 වනදා සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිත බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරන්නේ.