28.9 C
Colombo
Friday, April 26, 2024

බිබිලෙන් ඓතිහාසික ඊතලයක් හමුවුණා යැයි ප්‍රවෘත්තිවලට බොරු කියලා

- Advertisement -

මේ දිනවල සංවර්ධනය කෙරෙමින් තිබෙන බිබිල – බදුල්ල මාර්ගයේ තිබී ඓතිහාසික වටිනාකමකින් යුත් ඊතළයක් හමුවූ බවට ඊයේ (18) ස්වර්ණවාහිනී Live @ 8 ප්‍රවෘත්ති විකාශයේත් අද (19) මවුබිම පුවත්පතේත් තොරතුරු වාර්තා කර තිබුණා.
1818 ඌව වෙල්ලස්ස කැරැල්ලේදී එවකට ඌව සුදු ඒජන්තවරයාව සිටි සිල්වෙස්ටර් ඩග්ලස් විල්සන් නැමැති ඉංග්‍රීසි ජාතිකයාට මාරක හීයකින් විද මරා දැමූ මීගහපිටිය වළව්වේ හිටිහාමි මුදියන්සේ රටේරාලගේ පිළිරුව අසල මාර්ගයේ තිබී මෙම ඊතලය හමුවී ඇති බවයි අදාල මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
පසුව එය සොයාගත් මාර්ග සංවර්ධනයේ යෙදුණු සේවකයින් එම ඊතළය බිබිල – හෙවෙල්වෙල-උණගොල්ල රජමහා විහාරයේ විහාරාධිපති හිමියන් වෙත භාරදී තිබෙනවා.
කෙසේ වෙතත් අප මේ පිළිබදව කළ සොයා බැලීමේදී වාර්තාවූයේ කිලෝ ග්‍රෑම් එකක් පමණ බරැති එම ඓතිහාසික ඊතලය යැයි පැවසෙන දෙය දුරකථන රැහැන් භූගත කිරීමට යොදාගන්නා තඹ උපකරණයක් (Earth Rod) බවයි.
එම උපකරණයේ ඉහළ කෙළවර දුන්නක උඩ කොටසක හැඩය ගත්තද එය කිසිසේත්ම තියුණු මුහුණුවරක් ගන්නේ නැහැ.
අනෙක් අතට එය කිලෝග්‍රෑමයක පමණ බරකින් යුක්ත බැවින් කිසිසේත්ම ඊතලයක් ලෙස යොදා ගැනීමට හැකියාවක්ද පවතින්නේ නැහැ.


විවිධ දිගින් හා විෂ්කම්භයකින් යුත් මෙම උපකරණ අන්තර්ජාලය හරහාද මිලදී ගැනීමට හැකියාව පවතිනවා.
එම සබැදිය පහතින්,

https://offer.alibaba.com/cps/vn1u95hg?bm=cps&src=saf&url=https://m.alibaba.com/product/62182176619/Ground-Rod-Parts-Earth-Rod-Coupler.html

ඓතිහාසික ඊතලය ලෙස හදුන්වනු ලැබූ තඹ උපකරණය මේ වන විට උණගොල්ල රජමහා විහාරයේ මහජන ප්‍රදර්ශනය සදහා තැන්පත් කර තිබීමද විශේෂත්වයක්.

විද්යුත් හා මුද්‍රිත මාධ්‍යයන්හී පලවූ අදාල ප්‍රවෘත්ති පහළින්,

RECENT ARTICLES - SINHALA

ජයශ්‍රී ට එරෙහි නඩුවට දින නියම කෙරේ

අරුණ ලියාන් මහතා සිය බුද්ධිමය දේපළ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ජයලත් සහෝදරයින්ට එරෙහිව ගොනු කර ඇති නඩුව ගරු වාණිජ මහාධිකරණය ඉදිරියේ අද (26) දින...

කළුතර පොලිස් නිළධාරින් බලා සිටියදී පිරිසක් කාන්තාවකට ආයුධ වලින් පහරදිලා

කළුතර නාගොඩ රෝහලේ ප්‍රධාන දොරටුව අසල පොලිස් නිලධාරීන් සහ ආරක්ෂක නිලධාරීන් බලා සිටියදී රෝහලට පැමිණි කාන්තාවකට තියුණු ආයුධවලින් පහර දී තිබෙනවා. පහරදීම සිදුකර ඇත්තේ කළුතර,...

ඇල්ල – වැල්ලවාය මාර්ගයත් නායයාමේ අවදානම් තත්ත්වයක

ඇල්ල, කරදගොල්ල, දහය කණුව ප්‍රදේශයේ මේ වන විට නායයෑමක් සක්‍රීය වී තිබෙනවා. ඇල්ල - වැල්ලවාය මාර්ගයටද බලපෑම් ඇතිවිය හැකි බැවින් රියැදුරන් ඒ පිළිබඳව සැළකිලිමත් වීම...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...