32 C
Colombo
Saturday, March 25, 2023

මහර බන්ධනාගාරයේ මියගිය රැඳවියන්ට වෙඩි තියලා තියෙන්නේ බන්ධනාගාර නිලධාරීන්

- Advertisement -

මහර බන්ධනාගාරය තුළ නොවැම්බර් 29 දින ඇතිවු ගැටුමේ දී වෙඩි වැදීමෙන් මියගිය රැඳවූවන්ට වෙඩි තැබීම සිදුකර ඇත්තේ බන්ධනාගාර නිලධාරින් පමණක් බව එම සිදුවීම සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ විද්වත් කමිටුවේ සාමාජික ජනාධිපති නීතිඥ යු.ආර් ද සිල්වා මහතා පවසයි.

විද්වත් කමිටුවේ වාර්තාව සම්බන්ධයෙන් ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ඔහු මේ බව පැවසූ අතර බන්ධනාගාරය තුළ පැවති අධික තදබදය මෙම නොසන්සුන්තාවයට ප්‍රමුඛව බලපා ඇති බවත් ඒ මහතා පැවසීය.

ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපති නීතිඥ යු.ආර් ද සිල්වා මහතා,

“බන්ධනාගාර තදබදය ඉතාම දරුණු ලෙස මෙයට බලපා තිබුණා. කොරෝනා බිය කියන එක ඇතිවෙලා තිබුණා. බාල වර්ගයේ ආහාර දීමක් තමයි සිදුවෙලා තිබුණේ. සමහර වෙලාවට හොදිවලට වතුර කලවම් කර දෙන්න සිදුවුණා කියන එක හෙළිදරව් වුණා. ඒ තත්ත්වය පැහැදිලි කර දීමටත් ඔවුන් බලධාරීන් සමග සාකච්ඡා කිරීමට ආපු අවස්ථාවේ දී  මේ ප්‍රශ්නය දුරදිග ගියේ. ඒ අතරතුර රැඳවියන් අතරත් තමන්ට විරසක තියෙන පුද්ගලයින් හමුවීම නිසා ගහ ගැනීම් සිදුවෙලා තිබුණා. බන්ධනාගාරය තුළ තිබුණ රෝහලට සමහර රැඳවියන් ගිහින් ඒ රෝහල කඩලා බිඳලා දාලා ඒවායේ තිබුණ පෙති අහුරු පිටින් අරගෙන තමන් බොන ගමන්ම අනිත් අයටත් බොන්න ලබා දීලා තිබුණා කියන එක සාක්ෂිවලින් හෙළිදරව් වුණා. ඒ තත්ත්වය උඩ ඔවුන් විකෘති තත්ත්වකට පත්වුණා ද කියන ප්‍රශ්නය මතුවෙනවා. රැඳවියන් 11 දෙනාම වෙඩි වැදී මියගොස් තිබෙන බවටත් බන්ධනාගාර නිලධාරීන් පමණයි වෙඩි තැබීම් සිදුකර තිබෙන්නේ. ඒ අය නීතියේ රාමුව තුළ වෙඩි තැබීම සිදුකළේ ද යන්න සෙවිය හැක්කේ, අධිකරණ වෛද්‍ය වාර්තා හා පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවලින් සහ රැඳවූවන්ගේ සාක්ෂිවලින් පමණයි.“

RECENT ARTICLES - SINHALA

ඇමති බන්දුලට හූ කියා ගිය පුද්ගලයෙක් පොලිස් අත්අඩංගුවට

0
ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් හෝමාගම පිටිපන හන්දිය ආසන්නයේ අභිනවයෙන් ඉදි කෙරෙන බුද්ධ මන්දිරයකට මුල්ගල් තබන අවස්ථාවේදී හූ...

ලැබෙන ආධාරවලින් හෝ රාජ්‍ය සේවක වැටුප් ගෙවනවා – අගමැති

0
මැතිවරණ කොමිසමේ සාමාජිකයන් ඉදිරි දිනවලදී කැඳවා සාකච්ඡා කිරීමට සූදානම් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. පළාත් පාලන ඡන්දය පැවැත්වීමට...

බැසිල් හදිසියේම ජනපති හමුවෙයි

0
බැසිල් රාජපක්ෂ මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය සතියේ ඉතා පෞද්ගලික මට්ටමේ සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වනවා.

RECENT ARTICLES - ENGLISH

‘Prophet’ Uebert Angel involved in gold smuggling scheme

0
One of Zimbabwe’s most influential diplomats, Uebert Angel, offered to use his status to launder millions of dollars through a gold-smuggling scheme,...

IMF agreement: President hasn’t tabled Letter of Intend, alleges Harsha

0
SJB MP Dr. Harsha de Silva alleged President Ranil Wickremesinghe has not tabled the Letter of Intent with regard to the IMF...

Andrew Tate to spend another month behind bars

0
Controversial influencer Andrew Tate and his brother Tristan will remain in custody in Romania for a fourth consecutive month, a court has...