27.5 C
Colombo
Sunday, April 28, 2024

මෛත්‍රී, ජනපති ගෝඨා මුණගැසුනේ පාස්කු චෝදනාවලින් ගැළවෙන්නද ?

- Advertisement -

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු එම පක්ෂයේ නියෝජිතයන් ඊයේ (26) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී පැය 02කට ආසන්න කාලයක් විශේෂ සාකච්ඡාවක නිරත වුණා.

තමන්ද සාමාජිකයෙකු වන වත්මන් ආණ්ඩුවේ රැදීසිටීමේදි තම පක්ෂයට විදින්නට සිදුවී ඇති ගැටළු පිළිබද මෙම සාකච්ඡාවේදි දිර්ඝ වශයෙන් සාකච්ඡා කළ බව පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍යයට ප්‍රකාශ කළා.

ඔහු වැඩිදුරටත් සදහන් කර තිබුනේ රජයෙන් ඉවත්වීමේ බලාපොරොත්තුවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නොමැති බවයි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසුපෙළ මන්ත්‍රීවරුන් පසුගිය සමයේ දිගින් දිගටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පල නොකියා පලා බෙදී වතාවරණයක වුවද අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව විපක්ෂය ගෙනා විශ්වාසභංගයේදි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවදුරටත් ආණ්ඩු පක්ෂයේ හිටගැනීම විපක්ෂයේ උපහාසයටද හේතුවුණා.

ඇසට අසුවන මානයේ පවතින මෙවැනි දේශපාලනමය වතාවරණයක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඊයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවුවද, තිරය පිටුපස වෙනත් කතාවක් ඇත්ද යන්න සැක මතුවන්නේ පාස්කු ප්‍රහාරයේ චූදිතයන්ට නීතිය ක්‍රියාත්මක කරන ලෙස බලකරමින් අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියන් ඇතුළු කතෝලික සභාව ඉකුත්දා ජනාධිපතිවරයාට පිටු 19කින් යුත් ලිපියක් යොමුකර ඇති පසුබිමක හිටපු ජනපති මෛත්‍රී වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂ හමුවීම තුළයි.

ඉකුත් ජුලි මස 12 වනදා ජනාධිපතිවරයාට යැවු අදාළ ලිපිය තුළ අගරදගුරු හිමියන් ප්‍රමුඛ කතෝලික සභාව ජනාධිපතිවරයාගෙන් ප්‍රබලව ප්‍රශ්න ක‍ර තිබුනේ පාස්කු ප්‍රහාරය පිළිබද විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ වාර්තාව ජනාධිපතිවරයාට ලැබි මේ වන විට 05 මසක් ගතවී ඇති පසුබිමක කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම පමා කරන්නේ සහ අතපසු කරන්නේ කුමන කරුණක් නිසාද යන්නයි.

එලෙස ක්‍රියාත්මක කිරීම පමා කර ඇති නිර්දේශ අතර පළමු සහ ප්‍රබලතම නිර්දේශය බවට අගරදගරු හිමියන් ප්‍රමුඛ කතෝලික සභාව ජනාධිපති ගෝඨාභය රාජපක්ට මතක් කර දී තිබුණේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ රටේ විධායක ජනාධිපතිවරයා, ආරක්ෂක අමාත්‍යවරයා, මහජන සාමය භාර අමාත්‍යවරයා සහ සේනාධිනායකයා ලෙස කටයුතු කරමින් ප්‍රහාරය වලක්වා ගැනීමට අපොහොසත් වූ හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමයි.

අදාළ ලිපිය තුළ හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව ජනාධිපති කොමිසම් අවසන් වාර්තාවේ සදහන් නිර්දේශ උපුටා දැක්වීමක්ද සිදුකර තිබුණා.

එහි දැක්වුනේ ” 2019 අප්‍රේල් මස 04 දිනට පෙර කරුණු පිළිබද සලකා බැලීමේදි ජනාධිපති සිරිසේන සිය රාජකාරි සහ වගකීම් පැහැර හැර ඇති බවත් මෙම අසාර්තකත්වය හුදෙක් සිවිල් නොසැලකිලිමත් බව ඉක්මවා යන පරීක්ෂණ කොමිෂන් සභාවේ අදහසයි. එබැවින් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේනට සාපරාධි වගකීමක් ඇති බවත් දණ්ඩ නීති සංග්‍රාහයේ සුදුසු විධිවිධාන යටතේ ජනාධිපති සිරිසේනට එරෙහිව අපරාධ නඩු පැවරීම නීතිපතිවරයා විසින් සලකා බැලීම කළ යුතු බවට පරීක්ෂණ කොමිසම නිර්දේශ කරයි ” යනුවෙනි.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සහ ඉන් අනතුරුව ඒ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන විශ්ලේෂණාත්මකව අධ්‍යනය කිරීමේදි පෙනියන ප්‍රධාන කරුණක් වන්නේ ප්‍රහාර වළක්වා ගැනීම පිළිබද කිසිදු වගකීමක් ගැනීමට අකමැති වූ හිටපු ජනාධිපතිවරයා එහි වගකීම හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු පිට පමණක් පටවා අත සෝදාගැනීමට උත්සහා කළ බවයි.

ප්‍රහාරයෙන් පසු ප්‍රසිද්ධ මාධ්‍ය ඉදිරියේ දිගින් දිගටම තමන්ට වගකීමක් නැතැයි කී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂිදීමේදිද ප්‍රකාශ කළේ ප්‍රහාරය පිළිබද ලද පෙර දැනුවත් කිරීමේ බුද්ධි තොරතුර පිළිබද තමන් කිසිවක් දැන නොසිටි බවයි.

කෙසේ වෙතත් කොමිසමේදි වෙනත් වගඋත්තරකාර පාර්ශවවල නීතිඥයින් සිදුකළ හරස් ප්‍රශ්න විමසීම් හමුවේ හිටපු ජනාධිපතිවරයා නොසන්සුන්තාවයකට පත්වීම හා පරස්පර ප්‍රකශ සිදුකිරීම තුළ පාස්කු ප්‍රහාරය සිදුවන අවස්ථාවේ හිටපු ජනාධිපතිවරයා සිංගප්පුරුව බලා ගොස් සිටියේ රෝගයකට ප්‍රතිකාර ගැනීමටද, නැතහොත් සාමාන්‍ය විනෝද චාරිකාවකටද යන්න පිළිබදවත් සැක මතුවුණා.

එමෙන්ම ප්‍රහාරය පිළිබද ඊට පෙර අප්‍රේල් 04 වනදා මෙරට රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂවරයාට ලද තොරතුර පිළිබද ප්‍රහාරය වනතෙක් තමන් නොදැන සිටි බව හිටපු ජනපති සිරිසේන දිගින් දිගටම පැවසුවද, රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා ප්‍රහාරය වූ දිනයේ උදෑසන 7.59ටත් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන සිංගප්පුරුවේ සිටි හිටපු ජනාධිපතිවරයාට දුරකතන ඇමතුමක් ලබාගෙන ඇති බව ජනාධිපති කොමිසම හමුවේ හෙළිදරව් වුණා.

එම කරුණු මත පදනම්ව නිශ්චිත නිගමනයකට පැමිණි ජනාධිපති කොමිසම සිය අවසන් වාර්තාවේ දක්වා තිබුනේ ත්‍රස්ත ප්‍රහාරය පිළිබද ලද පෙර දැනුවත් කිරීමේ බුද්ධි තොරතුර ප්‍රහාරයට පෙර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දැන සිට ඇති බවයි.

මෙවැනි වාතාවරණයක් තුළ කාදිනල් හිමිපාණන් ප්‍රහාරයට දෙවසරක් සැපිරුණු මෙම වසරේ පාස්කු ඉරුදින ” හිටපු ජනාධිපති තුමා ඇදුම් ඇදගෙනද දේශපානය කරන්නේ ” යනුවෙන් ප්‍රසිද්ධියේ හිටපු ජනපති මෛත්‍රීව විවේචනය කළේය.

එමෙන්ම අනිත් අතට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කරවීමට නිල නොවන මට්ටමින් ප්‍රචාරණ කටයුතු භාරව කටයුතු කළ කාදිනල් හිමියන් වර්තමානය වන විට බලාපොරොත්තු සුන් වී ආණ්ඩුව ප්‍රසිද්ධියේ විවේචනය කරන තත්ත්වයට පැමිණ තිබේ

ප්‍රහාරයට දෙවසරක් සපිරුණු මෙම වසරේ අප්‍රේල් මාසයෙන් පසු කාදිනල් හිමියන් සහභාගි වූ බොහෝ ප්‍රවෘත්ති සාකච්ඡාවලදි ජනපති ගෝඨාභය ප්‍රමුඛ ආණ්ඩුව බරපතල ලෙස විවේචනය කළද ප්‍රසිද්ධ මාධ්‍යයේ සංස්කරණයන්ට ලක්වු එ එම අදහස් සමාජ ගතවූයේ ඇල් වතුර බවට පත්වීමෙන් පසුය.

එසේම කාදිනල් හිමියන් ප්‍රමුඛ කතෝලික ඉකුත් අප්‍රේල් මාසයේ පැවැත්වු කළු ඉරිදාවේ සිට දිගින් දිගටම යුක්තිය ඉල්ලා කරන හඩනැගීම හේතුවෙන් අධිකරණ ඇමති අලි සබ්‍රි පාස්කු ප්‍රහාරයේ සියලු වගකිවයුත්තන්ට ජුලි මාසය අගදි නඩු පවරා අවසන් කරනවා යැයි ප්‍රකාශයක් නිකුත් කර ඇත.

එවැනි වටපිටාවක් තුළ හිටපු ජනපති මෛත්‍රී වත්මන් ජනපති ගෝඨාභය හමුවීම හුදු නිදහස් පක්ෂයට එල්ලවන කෙනෙහෙළිකම් ගැන කතා කිරීමට පමණක් සිදුවු හමුවක් නොව ඉන් එහාට තමන්ගේ පෞද්ගලික ආරක්ෂාව වෙනුවෙන් සිදුවු හමුවක් බව පෙනීයයි.

ප්‍රශ්නය වන්නේ මෛත්‍රී ගෝඨාභය හමුවීමම නොවේ. වර්තමානය වන විට ජනතාව අතර දැඩි පිළිකුළකට පත්ව සිටින ගෝඨාභය රජය පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඇසට පෙනෙනා මට්ටමින් හෝ නීතිය ක්‍රියාත්මක කිරීමකින් තොරව එයද තම ගිණුමට බැර කරගන්න දගලන්නේ මන්ද යන්නයි.

භාහිරි බැලුවිට එයට පිළිතුරක් නොමැතිවුවත් දේශපාලනික කෝණයෙන් බැලුවිට මෛත්‍රීට එරෙහිව ගෝඨාභය නීතිය ක්‍රියාත්මක නොකරන්නේ මන්දැයි මනාව පැහැදිලිවෙයි.

එනම් පොහොට්ටුව කොපමණ අවලාද, මඩ ප්‍රහාර එල්ල කළද, වර්තමානය වන විටත් වත්මන් ආණ්ඩුවේ 2/3 ක බලය රැදී ඇත්තේ මෛත්‍රී අත වීමයි. වෙනත් විදිහකට කිවහොත් වත්මන් ආණ්ඩුව මහා වංශෙන් පංපෝරි ගසනා 2/3 කේ බලය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සතුව රැදී ඇති අතර මෛත්‍රීට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළහොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් කැඩීයනවා නියතයි.

සිය අනාගතය වෙනුවෙන් බැසිල් නොනවත්වා විමල්ට සහ ගම්මන්පිලට මාරුවෙන් මාරුවට පහරදෙන බැවින් නියමිත මොහොත පැමිණි විට විමල් ගම්මන්පිල පොහොට්ටුව බායි කියනවා නිසැකය. එවැනි තත්ත්වයක් තුළ මෛත්‍රී ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තරහා කර ගැනීමෙන් ආණ්ඩුව අස්ථාවර වනවාට බැසිල්,මහින්ද හෝ ගෝඨා කිසිසේත්ම කැමති නැත.

එබැවින් ගෝඨාභය රාජපක්ෂ රජය යටතේ මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමක් සිදුවන්නේ නැත. මෛත්‍රීට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමකින් තොරව පූජිත හේමසිරි පමණක් සිරකිරීමෙන් පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉටුවන්නේද නැත.

අවසානයේ ගත්කළ කාදිනල් හිමියන් පසුගිය ජනාධිපතිවරණයේදි පාස්කුවට යුක්තියේ නාමයෙන් ගෝඨාභයගේ දෝලාව ඔසවාගෙන ගියද අදවන විට ගෝඨාභය කාදිනල්ව පයිසයකටවත් ගණන් ගන්නේ නැත.

නමුත් කාදිනල් පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉල්ලා ජනපතිට යැවු ලිපිය තුළ සාදනීය ප්‍රතිචාරයක් දැක්වීමට කල්දී ඇත්තේ මසක කාලයකට පමණි.
එනම් ජුලි 12 වන දින සිට අගෝස්තු 12 වන දිනය දක්වා පමණි.

ඒ කියන්නේ කොරෝනා, ඉන්ධන මිල, ගුරු වර්ධන සියල්ල යටගොස් පාස්කුවේ මිනි ළගදීම යළි ගොඩ ඒමට නියමිතයි.

යුක්තිය වෙනුවෙන් කාදිනල් ගන්නා ඉදිරි පියවරත්,
මෛත්‍රීට එරෙහිව නීතිය ක්‍රියාත්මක වේද යන්නත්,
ජනපති ගෝඨාභයගේ ආණ්ඩුවේ ඊළග නාගැනීම පාස්කු ප්‍රහාරයට යුක්තියද යන්නද ළගදීම යළි ඔබට මට දැකගැනීමට පුළුවන්…

RECENT ARTICLES - SINHALA

නිලධාරි හිඟයෙන් විගණනයත් කොටඋඩ

නිලධාරීන්ගේ උග්‍ර හිඟයෙන් ජාතික විගණන කාර්යාලයේ විගණන විමර්ශනවලට දැඩි බලපෑම් මතුව තිබෙන බව වාර්තා වනවා. විගණන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 2400ක් සිටිය යුතු තැන දැනට සිටින්නේ 1400ක් බවයි වාර්තා වන්නේ....

විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්යමණ්ඩලවල වැටුප් විෂමතා ගැන තීරණයක්

රාජ්‍ය විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්යමණ්ඩලවල වැටුප් විෂමතාවය ඉවත් කිරීම හා දීමනා සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශ අමාත්‍ය අනුකමිටුවට ඉදිරිපත් කිරීමට නියමිත බව අධ්‍යාපන...

ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ලොක්කෙක් නිකුත් කළ ලිපියක් එළියට

ඖෂධ නියාමන අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂවරයා සහ එම අධ්‍යක්ෂ මණ්ඩලය පසුගිය කාලසීමාව තුළ ගෙන්වූ ඖෂධ සම්බන්ධයෙන් වගකීමක් නොදරන බවට ලිපියක් නිකුත් කර ඇති බව...

POPULAR ARTICLES

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් ගැන සුසිල්ගෙන් දැනුම් දිමක්

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් සඳහා 60,000ක් ඉල්ලුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. එහි කටයුතු ලබන සතිය වන විට අරඹන බවත් විද්‍යාපීඨ...