28.9 C
Colombo
Saturday, April 27, 2024

ඇෆ්ගනිස්තානයේ කාන්තා සිසුවියන් නොපෙනෙන අයුරින් පිරිමි සිසුන් මැදට රෙදි තිර එළයි

- Advertisement -

තලේබාන් පාලනය යටතේ ඇෆ්ගනිස්තානයේ විශ්ව විද්‍යාලයන්හි පිරිමි සහ කාන්තා සිසුන් එකම පන්ති කාමරයක් තුළ වෙන් කර අධ්‍යාපන ලබාදීමට පියවර ගෙන තිබේ.

තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්තානයේ බලය අල්ලා ගැනීමත් සමග එරට අධ්‍යාපන ආයතන වසා දැමුණු අතර ඒවා දැන් ක්‍රමයෙන් විවෘත කෙරෙමින් ඇත.

ඒ අනුව කාබුල්, කන්දහාර් සහ හේරාට් වැනි ප්‍රධාන නගරවල ඇතැම් විශ්ව විද්‍යාලවල අධ්‍යාපන කටයුතු යළි ආරම්භ කර ඇත්තේ තිරයක් හෝ තාවකාලික බිත්තියක් මගින් කාන්තා සහ පිරිමි සිසුන් වෙන්කරමිනි.

ඇතැම් විශ්ව විද්‍යාලවල කාන්තා සහ පිරිමි සිසුන්ට වෙන්වෙන්ව අධ්‍යාපනය ලබාදීමට ද පියවර ගෙන තිබේ.

කෙසේවෙතත්, එරට විශ්ව විද්‍යාල බලධාරීන් සහ සිසුසිසුවියන් මාධ්‍ය වෙත පවසා ඇත්තේ අධ්‍යාපන කටයුතුවල අනාගතය බෙහෙවින් අවිනිශ්චිත බවයි.

ඇෆ්ගනිස්තානයේ නව උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස තේරීපත්වී ඇති අබ්දුල් බාකි හක්කානි විසින් පවතින උපාධිවලට වටිනාකමක් නැති බවට කර ඇති ප්‍රකාශයක් ඇතුළු විවිධ ප්‍රකාශ මෙම තත්වයට හේතුවී තිබේ.

RECENT ARTICLES - SINHALA

බැසිල් හදිසියේ ඉන්දීය මහ කොමසාරිස් හමුවෙයි

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඊයේ (26) ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා හමුවී සාකච්ඡා කර තිබෙනවා. x පණිවුඩයක් නිකුත් කරමින් මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය...

හරක් කටා අධිකරණයෙන් තවත් සහන ඉල්ලලා

මේ දිනවල දැඩි රස්නයක් පවතින නිසා තමා රඳවා සිටින කුටියේ සිටීමට අපහසු බැවින් තමාට විදුලි පංකාවක් ලබාදෙන්නැයි ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරමකරුවකු වන නඳුන් චින්තක නොහොත්...

ජයශ්‍රී ට එරෙහි නඩුවට දින නියම කෙරේ

අරුණ ලියාන් මහතා සිය බුද්ධිමය දේපළ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ජයලත් සහෝදරයින්ට එරෙහිව ගොනු කර ඇති නඩුව ගරු වාණිජ මහාධිකරණය ඉදිරියේ අද (26) දින...

POPULAR ARTICLES

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් ගැන සුසිල්ගෙන් දැනුම් දිමක්

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් සඳහා 60,000ක් ඉල්ලුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. එහි කටයුතු ලබන සතිය වන විට අරඹන බවත් විද්‍යාපීඨ...