28.9 C
Colombo
Friday, June 20, 2025

අවුරුද්දේ අන්තිම දවසේ ආණ්ඩුව රුපියල් ලක්ෂ 66,500 ක් අච්චු ගහලා

- Advertisement -

2021 වසරේ අවසාන දිනයේදීත් ආණ්ඩුව රුපියල් ලක්ෂ 66,500 ක මුදල් නෝට්ටු මුද්‍රණය කර ඇති බව හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා සදහන් කරනවා.

ඒ අනුව 2021 ජනවාරි 01 දින සිට දෙසැම්බර් 31 දක්වා දින 365 තුළ ආණ්ඩුව අච්චු ගැසූ මුදල් ප්‍රමාණය රු. ලක්ෂ 6,783,300 ක් එනම්, රුපියල් බිලියන 678.33 ක් වනවා.

“ආණ්ඩුවේ සල්ලි අච්චු ගැසීම හරියට ‘Catch me if you can’ චිත්‍රපටියේ නත්තල් දවසේ රැ, රටට උත්සවශ්‍රීයෙන්   නත්තල සමරන විට, ප්‍රංශයේ ඉදන් හොර සල්ලි අච්චු ගැහුවා වගේ වැඩක්.  ලංකාවේ මිනිස්සු ගෑස්, කිරි, හාල් පෝලිම්වල ඉන්න අතරේ අවුරුද්දේ, අන්තිම දවසේ, අන්තිම පැයේ දී රු. ලක්ෂ 66,500 ක් අච්චු ගහලා තියෙනවා” යැයි හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා පවසනවා.

“කලින් දවසේ ඩොලර් මිලියන 1500 ක් රටට ආවා කියලා ඉලක්කම් විජ්ජාවක් පෙන්නපු ආණ්ඩුව පහුවදා, මෙහෙම සල්ලි අච්චු ගැසීමෙන් වෙන්නේ දැන් ගුවන්ගත වෙලා තියෙන බඩු මිල, රොකට් ගත වීමයි.  පසුගිය වසරට ආණ්ඩුව රු. ලක්ෂ හැට හත් ලක්ෂ අසූතුන් දහස් තුන්සීයක් (6,783,300)  ලංකා ඉතිහාසයේ කිසිම දවසක මෙහෙම සල්ලි අච්චු ගැහිල්ලක් වෙලා නෑ.
අද උද්ධමනය කියන්නේ ඉලක්කමක් විතරයි.  දවසට දෙතුන් සැරයක් බඩු ගණන් යනවා.  මේ තත්වය පාලනය කරන්න ආණ්ඩුව කිසිම පියවරක් ගන්නේ නෑ.  දවසෙන් දවස රටේ ආර්ථිකය බිඳ වැටෙනවා. කාබාසිනියා වෙනවා.  හැමදේටම ආණ්ඩුවට තියෙන පිළිතුර සල්ලි අච්චු ගැසීම විතරයි. වටිනාකමක් නැති සල්ලි කොළ අච්චු ගැහුවාම භාණ්ඩ මිල ඉහළ යනවා.  මේ අච්චු ගහන සල්ලි කොළ කන්න බෑ.  රටේ තියෙන සීමිත හාල්, ගෑස්, කිරි ටික ගන්න පෝලිමේ ඉන්න මිනිස්සු සංඛ්‍යාව දවසින් දවස වැඩිවෙනවා”

කෙසේ වෙතත් මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසන්නේ කෙතරම් මුදල් අච්චු ගැසුවද එය උද්ධමනයට බලනොපාන බවයි.


RECENT ARTICLES - SINHALA

අලුතින් පත්වූ බලංගොඩ NPP සභාපති ඉල්ලා අස්වෙලා

බලංගොඩ ප්‍රාදේශීය සභාවට ජාතික ජන බලවේගයෙන් තේරී පත්වූ රංජිත් උදය කුමාර මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඒ අනුව පුරප්පාඩු වූ සභාපති ධුරය සඳහා බලංගොඩ...

ධාවනයට නුසුදුසු වාහන ගැන තීරණයක්

හැටන් - මහනුවර ප්‍රධාන මාර්ගයේ ඊයේ (19) ධාවනය වූ ලංගම හා පෞද්ගලික බස් රථ ඇතුළු වාහන 44ක් තාවකාලිකව ධාවනයෙන් ඉවත් කිරිමට මෝටර් රථ දෙපාර්තමේන්තුවේ...

“අපි පිරිහුණ නිසා සජබේ පතිවත බිඳිලා” – හඳුන්නෙත්ති

ජාතික ජනබලවේගය විසින් පළාත් පාලන ආයතනවල බලය ලබා ගැනීමට ස්වාධීන කණ්ඩායම්වල සහය ලබා ගැනීම හේතුවෙන් සමගි ජන බලවේගයේ “පතිවත” බිඳී ඇති බව අමාත්‍ය සුනිල්...

POPULAR ARTICLES

අලුතින් පත්වූ බලංගොඩ NPP සභාපති ඉල්ලා අස්වෙලා

බලංගොඩ ප්‍රාදේශීය සභාවට ජාතික ජන බලවේගයෙන් තේරී පත්වූ රංජිත් උදය කුමාර මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඒ අනුව පුරප්පාඩු වූ සභාපති ධුරය සඳහා බලංගොඩ...

ඉරාන-ඊශ්‍රායල ගැටුමට ට්‍රම්ප් සම්බන්ධ විම ළඟදීම

ඉදිරි සති දෙක තුළ ඉරාන-ඊශ්‍රායල ගැටුමට සෘජුව  සම්බන්ධ වනවාද යන්න අමෙරිකාව තීරණය කරන බව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ජනපතිවරයා නිවේදනය කළේ, ඉරානය සමග සාකච්ඡා සඳහා...

ධාවනයට නුසුදුසු වාහන ගැන තීරණයක්

හැටන් - මහනුවර ප්‍රධාන මාර්ගයේ ඊයේ (19) ධාවනය වූ ලංගම හා පෞද්ගලික බස් රථ ඇතුළු වාහන 44ක් තාවකාලිකව ධාවනයෙන් ඉවත් කිරිමට මෝටර් රථ දෙපාර්තමේන්තුවේ...