28.2 C
Colombo
Saturday, April 27, 2024

ඉදිරියේදීත් ජනප්‍රිය නොවන තීන්දු ගන්නවා..! – ජනපති

- Advertisement -

ගෝලීය ආර්ථික අභියෝග ජය ගනිමින් රට සමෘද්ධිය කරා ගෙන යාමට ඉදිරියේදී ද ජනප්‍රිය නො වන තීන්දු තීරණ රැසකට එළැඹීමට සිදු වනු ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

එම තීරණ විවේචනයට ලක්වුව ද නුදුරු අනාගතයේදී ම එහි ප්‍රතිලාභ රටටත්, ජනතාවටත් හිමි වනු ඇති බවයි ජනාධිපතිතුමා කියා සිටියි.

කෙටිකාලීන අර්බුද ජය ගත් පසු ආර්ථික සහන උදා කර ගත හැකි වනු ඇති අතර, රට ගැන සිතා අවබෝධයෙන් කටයුතු කරන ලෙස තමා සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බවයි ජනාධිපතිවරයා පවසන්නේ.

බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ (26) පස්වරුවේ පැවති “ජනාධිපති අපනයන සම්මාන උළෙල” අමතමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර සිටියා.

1981 වසරේදී අපනයන සංවර්ධන මණ්ඩලය විසින් “ජනාධිපති අපනයන සම්මාන උළෙල” ආරම්භ කෙරුණු අතර, මෙවර පැවැත්වූයේ එහි 24 වන සම්මාන උළෙලයි.

ශ්‍රී ලංකාව තුළදී අපනයනකරුවෙකුට ලැබිය හැකි ඉහළ ම සහ අද්විතීය ම සම්මානය මෙය වන අතර අපනයන ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය සඳහා වැඩි ම දායකත්වයක් ලබා දී ඇති අපනයනකරුවන් වෙනුවෙන් ජනාධිපති සම්මාන  ප්‍රදානය කෙරේ.

2019/20 හා 2020/21 මූල්‍ය වර්ෂයන්ට අදාළව මෙරට විශිෂ්ට අපනයන සමාගම් 63ක් මෙවර සම්මානයට පාත්‍ර විය. සම්මානලාභීන් තෝරා ගැනීම විශ්‍රාම ලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුගේ සභාපතීත්වයෙන් යුත් විනිශ්චය මණ්ඩලයක් මඟින් සිදු කෙරිණ.

කොවිඩ් – 19 වසංගත තත්ත්වය යටතේ අපනයන ක්ෂේත්‍රයේ රැඳී සිටීම සඳහා අපනයනකරුවන් විසින් දරන ලද පරිශ්‍රමය, කැපවීම සහ නො පසුබට උත්සාහය ජනාධිපතිතුමාගේ ඇගයීමට ලක් විය. නිෂ්පාදන විවිධාංගීකරණය සඳහා හොඳ ම අපනයනකරු, නැඟී එන වෙළෙඳපොළවල ක්‍රියාකාරී අපනයනකරු සහ වසරේ නැඟී එන අපනයනකරු වැනි නව සම්මාන කිහිපයක් මෙවර ජනාධිපති අපනයන සම්මාන උළෙලට හඳුන්වා දී තිබීම විශේෂත්වයකි.

නිෂ්පාදන සේවා ආංශික සම්මාන සඳහා “හොඳ ම අපනයනකරුවා” තෝරා ගැනීමේදී අපනයන ආදායමට අමතරව නිර්ණායක කිහිපයක් එක් කර තිබිණ. අපනයන සඳහා අගය එකතු කිරීම, රැකියා උත්පාදනය, වෙළෙඳපොළ විවිධාංගීකරණය, අපනයන ආදායමේ වර්ධනය වැනි නිර්ණායක ඒ අතර වේ.

ජනාධිපතිතුමා අතින් සම්මාන 24ක් ප්‍රදානය කෙරිණ. 

පසුගිය වසරේ සිට ක්‍රියාත්මක වූ ඇතැම් ආනයන සීමා වැනි ප්‍රතිපත්තිමය මැදිහත්වීම්වල වාසිදායක ප්‍රතිලාභ අද රටට හිමි ව තිබේ. එමඟින් නව දේශීය කර්මාන්ත සංවර්ධනය සඳහා අවකාශ නිර්මාණය කර ඇත. මෙම නව කර්මාන්ත පෝෂණය කරමින් කෙටිකාලීන ලාභ ඉපැයීම වෙනුවට ගෝලීය වශයෙන් තරගකාරී විය හැකි ගුණාත්මක නිෂ්පාදන බිහි කිරීමට කර්මාන්තකරුවන් ක්‍රියා කළ යුතු බව සඳහන් කළ ජනාධිපතිවරයා, ඒ සඳහා ශ්‍රී ලංකාව සතුව සුවිශේෂී හැකියාවක් පවතින බව සඳහන් කළේය.

හරිත කෘෂි නිෂ්පාදන සහ පිරිසැකසුම්කරණය ක්ෂේත්‍ර සඳහා ආයෝජනයට සුවිශේෂී අවස්ථා ඇති අතර මෙම නිෂ්පාදන සඳහා නව අපනයන වෙළෙඳපොළ අවස්ථා පවතියි. ශ්‍රී ලංකාව තුළ අගය එකතු කළ භාණ්ඩ ගෝලීය වෙළෙඳපොළට අපනයනය කළ හොත් තවත් බොහෝ අපනයන ආර්ථික වටිනාකමක් රට තුළ නිර්මාණය කර ගත හැකි බව ද ජනාධිපතිවරයා පෙන්වා දෙන ලදි.

අපනයන ක්ෂේත්‍රයේ පවතින ගැටලු  කඩිනමින් විසඳන බවට සහතික වූ ජනාධිපතිතුමා, අපනයන ක්ෂේත්‍රයේ ඉලක්ක යථාර්ථයක් කර ගැනීම සඳහා රජය සහ පෞද්ගලික අංශය අත්වැල් බැඳගෙන ක්‍රියා කළ යුතු බව ද පැවසීය.

ලබන වසරේ සිට පැහැදිලි අපනයන සංවර්ධන සැලැස්මක් යටතේ අපනයන ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය වෙනුවෙන් පියවර ගන්නා බව වෙළෙඳ අමාත්‍ය, බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.

ගෙවෙමින් පවතින කාලය තුළ ගෝලීය ආර්ථික අර්බුද හමුවේ අභියෝග රැසක් මැද අපනයන ක්ෂේත්‍රයේ නියැලි පිරිස ඉටු කරන මෙහෙය රටේ ආර්ථිකය ආරක්ෂා කිරීමට ඉවහල් වී ඇති බව පෙන්වා දුන් ඇමතිවරයා අපනයනකරුවන් සියලු දෙනාට ප්‍රණාමය පුද කරන බව ද කියා සිටියේය.

කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරු, අමාත්‍යාංශ ලේකම්වරු සහ රාජ්‍ය නිලධාරීහු, වෙළෙඳ සහ අපනයන ක්ෂේත්‍රයේ ආයෝජකයෝ ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක් ව සිටියහ.

RECENT ARTICLES - SINHALA

ජයශ්‍රී ට එරෙහි නඩුවට දින නියම කෙරේ

අරුණ ලියාන් මහතා සිය බුද්ධිමය දේපළ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ජයලත් සහෝදරයින්ට එරෙහිව ගොනු කර ඇති නඩුව ගරු වාණිජ මහාධිකරණය ඉදිරියේ අද (26) දින...

කළුතර පොලිස් නිළධාරින් බලා සිටියදී පිරිසක් කාන්තාවකට ආයුධ වලින් පහරදිලා

කළුතර නාගොඩ රෝහලේ ප්‍රධාන දොරටුව අසල පොලිස් නිලධාරීන් සහ ආරක්ෂක නිලධාරීන් බලා සිටියදී රෝහලට පැමිණි කාන්තාවකට තියුණු ආයුධවලින් පහර දී තිබෙනවා. පහරදීම සිදුකර ඇත්තේ කළුතර,...

ඇල්ල – වැල්ලවාය මාර්ගයත් නායයාමේ අවදානම් තත්ත්වයක

ඇල්ල, කරදගොල්ල, දහය කණුව ප්‍රදේශයේ මේ වන විට නායයෑමක් සක්‍රීය වී තිබෙනවා. ඇල්ල - වැල්ලවාය මාර්ගයටද බලපෑම් ඇතිවිය හැකි බැවින් රියැදුරන් ඒ පිළිබඳව සැළකිලිමත් වීම...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...