26 C
Colombo
Saturday, May 18, 2024

අගමැති ධූරය නිසා සජබය දෙකඩවන ලකුණු

- Advertisement -

පවත්නා දේශපාලන අර්බුදය හමුවේ අග්‍රාමාත්‍ය ධූරය සම්බන්ධයෙන් සමගි ජනබලවේගය පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සෘජු තීරණයක් නොගැනීමේ තත්ත්වය හේතුවෙන් එම පක්ෂයේ මන්ත්‍රීවරුන් රැසක් මේ වන විට දැඩි කණස්සල්ලට පත්ව තිබෙනවා.

දිනෙන් දින රට දේශපාලනිකව අරාජික වෙමින් පවතින මොහොතක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් කල්මරමින් සිටීම මෙරට ජනතාවට සිදුකරන දැඩි අසාධාරණයක් බව එම පක්ෂයේ මන්ත්‍රීවරයෙකු News19 වෙත පවසා සිටියා.

මේ හේතුවෙන් තමන් ඇතුළු කණ්ඩායමක් දැඩි කළකිරීමට පත්ව සිටින බවත් ඉදිරියේදී දැඩි දේශපාලන තීන්දුවක් ගැනීමට සූදානමෙන් සිටින බවත් ඔහු සඳහන් කළා.

සජිත් ප්‍රේමදාස මහතා අග්‍රාමාත්‍ය ධූරය ලබාගැනීමට කැමැත්තෙන් පසුවුවද බියකින්ද පසුවන බැවින් දෙපැත්තට වැනෙන සුළු භාවයක් පෙන්නුම් කිරීම මේ සියලු ගැටළුවලට හේතුවී ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර රනිල් වික්‍රමසිංහ මහතාද විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහය ලැබෙන්නේ නම් අග්‍රාමාත්‍ය ධූරය භාරගැනීමට සූදානමින් පසුවන බව වාර්තා වනවා.

කෙසේවෙතත් රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුවක් පිහිටවනු ලැබුවහොත් සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක්ද නව රජයට එක්වීමට සූදානමින් සිටින බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් රනිල් වික්‍රමසිංහ යළි බලයට පැමිණියහොත් රාජපක්ෂවරුන්ගේ දූෂණ හා අක්‍රමිකතා සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා බව විපක්ෂයේ ඇතැම් පාර්ශව පවසනවා.

ඔහු අග්‍රාමාත්‍යවරයාව සිටි යහපාලන රජය සමයේද රාජපක්ෂවරුන් සම්බන්ධයෙන් ඉතා ලිහිල් ක්‍රියාමාර්ග ගත් අතර ශිරන්ති රාජපක්ෂගේ සිරිලිය නඩුව, විමල් වීරවංශයේ පාස්පෝට් නඩුව ඇතුළු සිදුවීම් රැසකට බලපෑම් කර යට ගැසූ බව එක්සත් ජාතික පක්ෂයෙන් වෙන්වී ගිය මන්ත්‍රීවරුන් ප්‍රසිද්ධියේම චෝදනා එල්ල කළා.

පසුව ගෝඨාභය රාජපක්ෂගේ වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව එකල පතුරු ගැසූ මහබැංකු බැදුම්කර සිදුවීමට අදාළව වුවද රනිල් වික්‍රමසිංහ මහතාට හෝ එවක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට එරෙහිව කිසිදු නෛතික ක්‍රියාමාර්ගයක් නොගැනීම විශේෂත්වයක්.


RECENT ARTICLES - SINHALA

ඇඳුමක් නිසා පොලීසියෙන් පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහර දීලා

ශ්‍රී ලංකා පොලීසියේ ලාංඡනය සහිත කමිසයක් පැළඳ සිටිම මුල් කරගනිමින් පොලිස් නිලධාරීන් පිරිසක් පුද්ගලයෙකුට පහරදී තිබෙනවා. පහරකෑමට ලක්වූයේ වසර 17ක් පොලිස් සේවයේ නියුතුව වැඩ තහනම්...

ට්‍රාන්ස්ෆෝමරයක් අසලින් නාඳුනන මළ සිරුරක් හමුවෙයි

ගම්පහ - ඉහළ යාගොඩ ප්‍රදේශයේ විදුලි ට්‍රාන්ස්ෆෝමරයක් අසල වැටී සිටි නාදුනන පුද්ගලයකුගේ මළ සිරුරක් පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා. වයස අවුරුදු 30 ක් පමණ වන බවට...

බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් 26කට තුවාල

කෑගල්ල - අවිස්සාවේල්ල මාර්ගයේ කෝට්ටපොල ප්‍රදේශයේදී පුද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුවී තිබෙනවා. එම අනතුරින් පුද්ගලයින් 26 දෙනෙකු තුවාල ලබා ඇති අතර...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

ලාල් කාන්ත ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට තහනම් නියෝගයක්

මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් වෘත්තිය සමිති නායකයින් කිහිපදෙනෙකු ඇතුළු පිරිසකට තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. කේ ඩී ලාල්කාන්ත, මහින්ද ජයසිංහ, රන්ජන් ජයලාල් ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට එරෙහිව...