26 C
Colombo
Friday, December 8, 2023

මැතිව් අබේසිංහගෙන් ජාතික වාර්තාවක්

- Advertisement -

19 වන ආසියානු ක්‍රීඩා උළෙලේ ඊයේ (28) පැවැති තරඟවලදී නව ජාතික වාර්තාවක් පිහිටුවීමට පිහිනුම් ක්‍රීඩක මැතිව් අබේසිංහ සමත් වී තිබෙනවා.

ඒ, මීටර් 50 සමනල ආර පිහිනුම් ඉසව්ව තත්පර 24.58 කින් නිම කරමින්.

කෙසේවෙතත්, ඔහුට එම තරඟ ඉසව්වෙන් 6 වැනි ස්ථානය හිමිව තිබුණා.

 මේ වන විට සත්කාරක චීනය පදක්කම් සටහනේ පෙරමුණ ගෙන සිටි අතර එක් රිදී පදක්කමක් දිනූ ශ්‍රී ලංකාව පදක්කම් සටහනේ 25 වන ස්ථානයේ රැදී සිටින බව වාර්තා වෙනවා.

මේ අතර, ශ්‍රී ලංකාව පදක්කම් පිලිබද බලාපොරොත්තු තබාගෙන සිටින මලල ක්‍රීඩා ඉසව්වල මූලික වටයේ තරඟ අද ආරම්භ වෙනවා.

ඒ අනුව, ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් වන නදීෂා රාමනායක, කාලිංග කුමාරගේ සහ අරුණ දර්ශන අද තරඟ බිමට පිවිසීමට නියමිතයි.

මෙම ක්‍රීඩකයින් තිදෙනාම මීටර් 400 ඉසව්ව නියෝජනය කරන අතර, නදීෂා රාමනායක සහභාගී වන කාන්තා මූලික වටයේ දෙවැනි තරඟය මෙරට වේලාවෙන් පස්වරු 4.38ට ආරම්භ වෙනවා.

කාලිංග කුමාරගේ මීටර් 400 පිරිමි මූලික වටය පස්වරු 5.10 ට ආරම්භ වන පළමු තරඟය වන අතර අරුණ දර්ශන එම ඉසව්වේ මූලික වටයේ තෙවැනි තරඟයට සහභාගී වීමට නියමිතයි

RECENT ARTICLES - SINHALA

වැටුප් වැඩි කරන්න ඔින වැඩ කරන ජනතාවගේ-මහින්ද රාජපක්ෂ

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩි කළ යුත්තේ වැඩ කරන ජනතාවගේ වැටුප් වැඩි කිරීමෙන් අනතුරුව බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසුවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා...

හැටන්-කොළඹ මාර්ගයට පස් කන්දක් කඩාවැටී ගමනා ගමනයට බාධා

දියගල ප්‍රදේශයෙන් පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගයේ රථවාහන ධාවනය මේ වනවිට සම්පූර්ණයෙන් අවහිර වී තිබෙනවා. හැකිතාක් විකල්ප මාර්ග භාවිත කරන ලෙසට පොලීසිය ජනතාවගෙන්...

ජාතික රෝහලේ රුධිර පරික්ෂණ ඇන සිටීමෙන් රෝගින් දැඩි අපහසුතාවයට

කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශයේ රුධිර පරීක්‍ෂ දින තුනක් තිස්සේ නතර වී තිබීමෙන් රෝගීන් දැඩි අපහසුතාවට පත්ව ඇති බව සෞඛ්‍ය වෘත්තිය සමිති පවසනවා. වෘත්තිය...

POPULAR ARTICLES

කටුනායක ගුවන් තොටුපොළට ජපාන රජයෙන් වාහන තොගයක්

ජපාන රජය විසින් කටුනායක ගුවන් තොටුපොළ වෙත ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5 කට අධික වටිනාකමකින් යුතු වාහන තොගයක් අද (05) දින උදෑසන ජල හා මුදවා ගැනීම්...

ලංකා විදුලිබල මණ්ඩලයෙන් විශේෂ නිවේදනයක් 

විදුලි පාරිභෝගිකයන් ලක්ෂ 50කට රතු බිල් යැවීම සම්බන්ධයෙන් පළවූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන්ව ඇත්තේ, විදුලිය පාරිභෝජනය...

දික්කසාදය ගැන විශේෂ අධිකරණ තීන්දුවක්

ශ්‍රී ලංකාවේ දී විවාහ වූ යුවළක් විදෙස් රටක අධිකරණයකින් දික්කසාද වූ විට මෙරටදී එම දික්කසාදය වලංගු බවට අභියාචනාධිකරණය තීන්දු කර තිබෙනවා. ඒ අනුව විදේශයක දී...