29 C
Colombo
Friday, June 2, 2023

15 හැවිරිදි දැරියව ලිංගික කටයුතු සඳහා යොදාගත් බව කියන මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ උපසභාපතිවරයා රිමාන්ඩ්

- Advertisement -

15 හැවිරිදි දැරියක් අන්තර්ජාලය ඔස්සේ ලිංගික කටයුතු සදහා අලෙවි කිරීමේ සිද්ධියට අදාළව එම දැරිය ලිංගික කටයුතු සඳහා යොදා ගත් බව කියන මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා ඇතුළු තිදෙනකු පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා ඇතුළු 3 දෙනා ලබන 15 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කළා.

ඊයේ (30) අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයාට අමතරව ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු සහ දැරිය අලෙවි කිරීම සඳහා සහය දුන් තවත් පුද්ගලයෙකුද සිටිනවා.

තවත් කාන්තාවක එලෙස අලෙවි කිරීම සඳහා රැගෙන විත් සිටි අවස්ථාවේදී දැරිය අලෙවි කිරීම සඳහා සහය දුන් පුද්ගලයා මෝටර් රථය ද සමඟින් වැල්ලවත්තේදී අත්අඩංගුවට ගෙන තිබුණා.

ගල්කිස්සේදී 15 හැවිරිදි දැරියක අන්තර්ජාලය හරහා ලිංගික කටයුතුවලට අලෙවි කිරීම, මිලදී ගත් හා ඊට අනුබල දීම සම්බන්ධයෙන් මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 21 ක්.

මීට පෙර දැරිය මිලදී ගත් හා ඊට අනුබල දුන් පුද්ගලයින් 17 දෙනෙකු අත්අඩංගුවට ගෙන ගත් අතර එලෙස අත්අඩංගුවට ගත් පිරිස අතර දැරියගේ මව, දැරිය ලිංගික කටයුතු සඳහා අලෙවි කළ පුද්ගලයාගේ අනියම් බිරිඳ, චීවරධාරියෙක්, දැරිය යම් යම් පුද්ගලයින් වෙත සැපයූ ත්‍රිරෝද රථයක රියැදුරෙක් සහ මෝටර් රථ රියැදුරෙක් ද වනවා.

ඊට අමතරව දැරිය අලෙවි කිරීම සඳහා අන්තර්ජාලයට වෙළඳදැන්වීමක් නිර්මාණය කළ පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගත් පිරිස අතර වනවා.


RECENT ARTICLES - SINHALA

සිරකරුවන් පිරිසකට ජනපති සමාව

පොසොන් පුර පසළොස්වක පොහොය වෙනුවෙන් බන්ධනාගාරගත සිරකරුවන් පිරිසකට ජනාධිපති සමාව පිරිනමා තිබෙනවා. ඒ අනුව පොසොන් පොහොය දින වනවිට බන්ධනාගාරගතව...

IMF නියෝජිත පිරිස වරාය නගරයේ චාරිකාවක

ශ්‍රී ලංකාවේ නිල සංචාරක නිරත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස අද (01) පෙරවරුවේ වරාය නගරයේ සහ වරාය පර්යන්තවල චාරිකාවකට එක් වී තිබෙනවා.

අබුඩාබි නැවේ ඉංජිනේරුවා මුහුදට වැටී මරුට

ගාල්ල ධීවර වරායේ නැංගුරම්ලා තිබූ අබුඩාබි රාජ්‍යයට අයත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවක ප්‍රධාන ඉංජිනේරුවරයා එම නෞකාවේ ඉහළ මහලේ සිටියදී අද(01) අළුයම මුහුදට ඇද...

RECENT ARTICLES - ENGLISH

“Don’t panic, there is no fuel shortage”: Kanchana

0
Power and Energy Minister, Kanchana Wijesekara, has issued a reassuring message to the public regarding concerns about fuel shortages. He urges everyone...

Several state institutions gazetted under Finance Ministry

A gazette notification has been issued bringing several state-owned institutions including the Colombo Lotus Tower Management Company, Sri Lanka Cement Corporation, State...

Breaking: SLVlog owner arrested by CID

0
Owner of the SLVlog Bruno Diwakara was arrested by the CID a short while ago. Diwakara was summoned to...