28.2 C
Colombo
Saturday, April 27, 2024

මිලින්ද මොරගොඩ ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ලෙස වැඩ භාරගනියි

- Advertisement -

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස මිලින්ද මොරගොඩ මහතා ඊයේ (30) එම ධුරයේ වැඩ භාරගත්තා.

විදේශ සබඳතා අමාත්‍යාංශය විසින් පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවට මිලින්ද මොරගොඩ මහතාගේ නම යවනු ලැබුවේ පසුගිය වසරේ අගෝස්තු මාසයේයි.

ඒ අනුව ඔහුව එම ධූරයට පත්කර වසරකට ආසන්න කාලයක් ගතවීමෙන් පසුව මොරගොඩ මහතා එහි වැඩ භාරගැනීම විශේෂත්වයක්.

මීට පෙර එම ධූරයේ හිටපු ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා කටයුතු කළා.

එක්සත් ජාතික පක්ෂයෙන් 2001 වසරේදී පාර්ලිමේන්තුවට පිවිසි මොරගොඩ මහතා අමාත්‍ය ධුර කිහිපයක් හෙබ වූ අතර පාත් ෆයින්ඩර් ආයතනයේ නිර්මාතෘවරයා ද වනවා.

මොරගොඩ මහතා මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති වශයෙන් සිටියදී ඔහුගේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයකු ලෙස ද කටයුතු කළා.

RECENT ARTICLES - SINHALA

ජයශ්‍රී ට එරෙහි නඩුවට දින නියම කෙරේ

අරුණ ලියාන් මහතා සිය බුද්ධිමය දේපළ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ජයලත් සහෝදරයින්ට එරෙහිව ගොනු කර ඇති නඩුව ගරු වාණිජ මහාධිකරණය ඉදිරියේ අද (26) දින...

කළුතර පොලිස් නිළධාරින් බලා සිටියදී පිරිසක් කාන්තාවකට ආයුධ වලින් පහරදිලා

කළුතර නාගොඩ රෝහලේ ප්‍රධාන දොරටුව අසල පොලිස් නිලධාරීන් සහ ආරක්ෂක නිලධාරීන් බලා සිටියදී රෝහලට පැමිණි කාන්තාවකට තියුණු ආයුධවලින් පහර දී තිබෙනවා. පහරදීම සිදුකර ඇත්තේ කළුතර,...

ඇල්ල – වැල්ලවාය මාර්ගයත් නායයාමේ අවදානම් තත්ත්වයක

ඇල්ල, කරදගොල්ල, දහය කණුව ප්‍රදේශයේ මේ වන විට නායයෑමක් සක්‍රීය වී තිබෙනවා. ඇල්ල - වැල්ලවාය මාර්ගයටද බලපෑම් ඇතිවිය හැකි බැවින් රියැදුරන් ඒ පිළිබඳව සැළකිලිමත් වීම...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...