28.2 C
Colombo
Saturday, April 27, 2024

මුලු ලොවම අගය කරන මෝදිගේ විදෙස් පිළිවෙත

- Advertisement -

මුළු ලෝකයම කොවිඩ්-19 වසංගතයට ඉතා බැරෑරුම් ලෙස මුහුණ දී සිටින මොහොතකදී ඉන්දීය එන්නත් නිෂ්පාදකයින් සඳහා අමුද්‍රව්‍ය මත ආරක්ෂක නිෂ්පාදන පනත නොපැනවීමෙන් ඉන්දියාවට විශේෂ සහනයක් ලබා දීමට අමෙරිකාව කටයුතු කරනු ලැබුවේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ රාජ්‍ය තාන්ත්‍රිකභාවය හේතුවෙන් බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස් ජයශංකර් පවසනවා.

එම සහනය හේතුවෙන් ඉන්දියාවට සිය කොවිඩ් එන්නත් නිෂ්පාදනය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට හැකිවූ බවත් මේ නිසා කොවිඩ් උවදුරෙන් ඉන්දිය ජනතාව ආරක්ෂා කර ගැනීමට හැකිවූ බවත් විදේශ කටයුතු අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
විදේශ අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශයත් සමග නරේන්ද්‍ර මෝදිගේ විදෙස් පිළිවෙත බොහෝ දෙනාගේ අවධානයට යොමු වුණා.
මෑත කාලීන භූ දේශපාලනික සංදර්භය සලකා බැලීමේදී ලොව පස්වැනි විශාලතම ආර්ථිකයට හිමිකම් කියන රට මෙහෙයවන නරේන්ද්‍ර මෝදිට ලෝක නායකයන් අතරේ මනා පිළිගැනීමක් හිමිව තිබෙනවා.

නරේන්ද්‍ර මෝඩි ඉන්දීය විදේශ ප්‍රතිපත්තියේ මුහුණුවර සුවිශේෂි පරිවර්තනයකට භාජනය කර ඇති අතර ලෝකය අද ඉන්දීය සහයේ වලංගු මුද්‍රාව අපේක්ෂා කරමින් සිටිනවා.
මේ වසරේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියේදී රටවල් 10 ක් ලෝකයට එන්නත් ලබා දීම සහ ඔවුන්ගේ ආහාර සුරක්ෂිතතා අර්බුදය සමඟ සාර්ථකව කටයුතු කිරීමට උපකාර කිරීම සම්බන්ධයෙන් ඉන්දියාවට ස්තූතිවන්ත වූයේ ඉන්දියාව ප්‍රමුඛ ගෝලීය බලවතෙකු ලෙස ප්‍රශංසාවට ද ලක් කරමින්.

එපමණක් නොව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වූ විදේශ අමාත්‍ය එස් ජයිශංකර්ට ඉස්පාසුවක් නෙවූයේ සැසිවාරයට සහභාගී වු රටවල් අතුරිින් 100 කට වැඩි ගණනක නියෝජිතයන්ට ඔහු හමුවීමට අවශ්‍යව තිබූ බැවිනුයි.
එම අනවරත රැස්වීම්වලට හේතුව ආචාර්ය එස්. ජයශංකර් විසින් පැහැදිලි කරන ලද ආකාරයට, ඉන්දියාව යනු කණ්ඩායම් අතර පාලමක් ලෙස ක්‍රියා කළ හැකි ස්ථාවර බලවේගයක් බවට අද ලෝකයේ විශ්වාසයක් ගොඩ නැගී තිබීමයි.

ʺවැදගත්ම දෙය නම්, ඉන්දියාව ගෝලීය ආර්ථික පෙරළියට එරෙහිව වෙහෙස නොබලා සටන් කරන ආකාරය දැන ගැනීමට ලෝකයට අවශ්‍යයි. ඔවුන් සියල්ලන්ටම ඉන්දියාවෙන් පාඩම් ඉගෙන ගැනීමට අවශ්‍යයි.ʺ විදේශ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

ඉන්දියාවට හිමිව ඇති මෙම ප්‍රසාදය හා පිළිගැනීම හේතුවෙන් කොවිඩ් වසංගතය යම් තාක් දුරකට සමනය වූ මේ වසර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට අතිශය කාර්ය බහුල වූයේ G7 සමුලුව, ෂැංහයි සහයෝගීතා සමුලුව ඇතුලු බහුපාර්ශ්වික හා ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමට මේ වසරේ ගත වූ මාස 9 තුල විදේශ සංචාර 6ක් සිදු කළ යුතු වූ නිසාවෙනි.

මැයි 16 වැනි දින, ශ්‍රී ලංකාවේ වෙසක් ලෙසද හැඳින්වෙන ʺබුද්ධ පූර්ණිමාʺ නිමිත්තෙන් අගමැති මෝදි අසල්වැසි නේපාලයේ කෙටි සංචාරයක නිරත වුණා. ඉන්දීය අග්‍රමාත්‍යවරයා මායාදේවි කෝවිලට ගොස් බෞද්ධ සංස්කෘතිය හා උරුමයන් සඳහා ඉන්දියානු ජාත්‍යන්තර මධ්‍යස්ථානය ඉදිකිරීම සඳහා මුල්ගල තැබූ අතර, නේපාල අග්‍රාමාත්‍ය Sher Bahadur Deuba සහ අනෙකුත් නේපාල නායකයින් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවල නිරත වුණා. අගමැති මෝදිගේ සංචාරය ඉන්දීය-නේපාල සබඳතාවල කේන්ද්‍රස්ථානයට ආගමික හා සංස්කෘතික රාජ්‍ය තාන්ත්‍රිකත්වය ගෙනවිත් තිබෙනවා.

ඉන්දීය අගමැතිවරයා මේ වසරේ දෙවරක් ජපානයට ගිය අතර පළමු සංචාරය සිදු කළේ මැයි මස අගදී ඔස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීස්, එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් සහ ජපාන අගමැති ෆුමියෝ කිෂිඩා සමඟ සාකච්ඡා පැවැත්වූ QUAD ආරක්ෂක සංවාදයට (QSD) සහභාගී වීමටයි.

ටෝකියෝ හි පැවති QUAD සමුළුවේදී සිය ආරම්භක අදහස් දැක්වීමේදී අගමැති මෝදි පැවසුවේ චතුරස්‍රාකාර සන්ධානය “යහපත සඳහා වන බලවේගයක්” බවයි. සන්ධානයේ විශ්වාසය සහ අධිෂ්ඨානය ප්‍රජාතන්ත්‍රවාදී බලවේග ශක්තිමත් කරන බව මෝදි සඳහන් කළා.
මෝදි මහතා මේ වසරේ සහභාගී වූ වඩාත් වැදගත් සමුළුවලින් එකක් වූයේ ජුනි මාසයේ ජර්මනියේ පැවති G7 සමුළුවයි. අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමුළුවට සමගාමීව ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්, දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමෆෝසා සහ ඉන්දුනීසියානු ජනාධිපති ජෝකෝ විඩෝඩෝ සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා සිදු කළා.

සමුළුව අමතමින් මෝදි මහතා ප්‍රකාශ කළේ පිරිසිදු බලශක්ති ක්ෂේත්‍රය ඉන්දියාවේ ප්‍රධාන විෂය පථයක් ලෙස මතු වී ඇති බවත් සංවර්ධිත ආර්ථිකයන් මෙම ක්ෂේත්‍රයේ ආයෝජනය කළ යුතු බවයි. “බලශක්ති සඳහා ප්‍රවේශය ධනවතුන්ගේ වරප්‍රසාදයක් නොවිය යුතු අතර දුප්පතුන්ට ද බලශක්තියට සමාන අයිතියක් තිබිය යුතුයි,” යැයි අගමැති මෝදි එහිදී අවධාරණය කළා.
සාර්ථක ජර්මනියේ සංචාරයක් නිම කරමින් ජූනි 29 වැනි දින එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පැමිණි නරේන්ද්‍ර මෝදි ජනාධිපති ෂීක් මොහොමඩ් බින් සයීඩ් විසින් උණුසුම් ලෙස වැළඳ ගනු ලැබුවා. මැයි 13 වන දින අභාවප්‍රාප්ත වූ ජනාධිපති සයීඩ්ගේ පූර්වගාමියා වූ ෂෙයික් කලීෆා බින් සයීඩ්ගේ අභාවය පිළිබඳව ශෝකය පළකරමින්, ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ ජනාධිපති සයීඩ්ට අගමැතිවරයා සුබ පැතුම් එක් කළා.

සැප්තැම්බරයේදී, අගමැති මෝදි ෂැංහයි සහයෝගිතා සංවිධානයේ (SCO) සමුළුවට සහභාගී වීම සඳහා 15 සිට 16 දක්වා උස්බෙකිස්තානයේ දෙදින සංචාරයක නිරත වුණා. රුසියාව, චීනය, කිර්ගිස් ජනරජය, කසකස්තානය, ටජිකිස්තානය සහ උස්බෙකිස්තානය යන රටවල ජනාධිපතිවරුන් විසින් 2001 වසරේ ෂැංහයි හි පැවති සමුළුවකදී ෂැංහයි සහයෝගීතා සංවිධානය ආරම්භ කරනු ලැබුවා.
අග්‍රාමාත්‍ය මෝදි සමුලුවට සමගාමීව උස්බෙකිස්තාන ජනාධිපති Shavkat Mirziyoyev සහ රුසියානු ජනාධිපති Vladimir Putin සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවල නිරත වුණා. රුසියානු ජනාධිපතිවරයා සමඟ පැවති හමුවේදී නායකයින් දෙපළ ද්විපාර්ශ්වික, කලාපීය සහ අනෙකුත් ගෝලීය ගැටළු වලට අමතරව දැනට පවතින යුද්ධය පිළිබඳව සාකච්ඡා කළ බව වාර්තා වුණා. අගමැති මෝදි පුටින්ට පැවසුවේ මෙය තවදුරටත් යුද්ධයේ යුගයක් නොවන අතර මේ මොහොතේ ලෝකයේ ප්‍රධාන උත්සුකයන් ලෙස ආහාර, පොහොර සහ ඉන්ධන ආරක්ෂාව ඉහළ නංවා ඇති බවයි.

“අද යුගය යුද්ධයේ යුගයක් නොවන බව මම දනිමි, මම මේ ගැන ඔබට දුරකථනයෙන් කතා කළෙමි,” මෝදි පුටින්ට පැවසූ බව ඉන්දීය අග්‍රාමත්‍ය කාර්යාලය නිවේදනය කර සිටියා.
පුටින් පිළිතුරු දුන්නේ යුද්ධය පිළිබඳ මෝදිගේ කනස්සල්ල තමාට වැටහෙන බවයි. “යුක්රේනයේ ගැටුම සම්බන්ධයෙන් ඔබගේ ස්ථාවරය ගැන මම දනිමි. ඔබගේ උත්සුකයන් ගැන මම දනිමි. මේ සියල්ල හැකි ඉක්මනින් අවසන් කිරීමට අපට අවශ්‍යය. එහි සිදුවන දේ පිළිබඳව අපි ඔබව දැනුවත් කරන්නෙමු,” පුටින් උපුටා දක්වමින් කියා තිබුණා.

අග්‍රාමාත්‍ය මෝදිගේ මෑතකාලීන සංචාරය සිදුවූයේ ජපානයේ හිටපු අගමැති ෂින්සෝ අබේගේ රාජ්‍ය අවමංගල්‍යයට සහභාගී වීමට සැප්තැම්බර් 27 වන දින ජපානයට ය. මේ වසරේ ඔහු ජපානයට ගිය දෙවැනි අවස්ථාව මෙයයි. අවමංග්‍ය උත්සවයට පෙරාතුව මෝදි මහතා ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා හමුවූ අතර නායකයින් දෙපළ ඉන්දියා-ජපාන විශේෂ උපායමාර්ගික සහ ගෝලීය හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කිරීමට ඇති කැපවීම යළිත් තහවුරු කළා.

යුරෝපය දැඩි ආර්ථික පසුබෑමක් උත්ප්‍රේරක කරන දැඩි බලශක්ති අර්බුදයකට මුහුණ දෙමින් සිටින්නේ බරපතල ආර්ථික අවපාතයක් නුදුරේදීම බලාපොරොත්තුවෙනි.
ඉන්දියාව ලෝකයේ වේගයෙන්ම වර්ධනය වන ආර්ථිකය වන අතර, එය 2026 වන විට ඩොලර් ට්‍රිලියන 5 ක ආර්ථිකයක් බවට පත්වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා. ඉන්දියාව මෑතකදී එක්සත් රාජධානිය අභිබවා ලොව පස්වන විශාලතම ආර්ථිකය බවටද පත් වුණා.

අද ඉන්දියාවේ විදේශ ප්‍රතිපත්තිය ශක්තිමත්ම මට්ටමක පවතින අතර ඉන්දියාව කිසිම කඳවුරකට අයත් නොවනවා සේම සෑම කඳවුරක්ම විශ්වාස කරනුයේ ඉන්දියාව ඔවුන්ගේකඳවුරට අයත් මිත්‍ර රටක් බවයි.

භූ දේශපාලනය නොදන්නා චායිවාලා ලෙස මැතිවරණ වේදිකාවේ දී පරිභවයට ලක් වූ නරේන්ද්‍ර මෝදි ඉන්දියාව සිය විදේශ ප්‍රතිපත්තියේ ස්වර්ණමය යුගයට ඔසවා තැබීමට සමත්ව සිටිනවා.
ඉන්දියාව තවදුරටත් පැරණි බටහිර බලවතුන්ගෙන් නියෝග භාර ගැනීම ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඒ වෙනුවට ඉන්දියාව වෙනත් රටවලට පාර පෙන්වමින් සිටී.

ඉන්දියාවේ විදේශ ප්‍රතිපත්තිය නිදහසින් පසු ඇති වූ ශක්තිමත්ම ප්‍රතිපත්තිය වන අතර එහි නායකත්වය දැරුවේ ඉන්දියාවේ ජාත්‍යන්තර සබඳතා බිමට තල්ලු කරනු ඇතැයි බොහෝ දෙනා පැවසූ පුද්ගලයෙක් වීම විශේෂත්වයක්.

RECENT ARTICLES - SINHALA

ජයශ්‍රී ට එරෙහි නඩුවට දින නියම කෙරේ

අරුණ ලියාන් මහතා සිය බුද්ධිමය දේපළ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ජයලත් සහෝදරයින්ට එරෙහිව ගොනු කර ඇති නඩුව ගරු වාණිජ මහාධිකරණය ඉදිරියේ අද (26) දින...

කළුතර පොලිස් නිළධාරින් බලා සිටියදී පිරිසක් කාන්තාවකට ආයුධ වලින් පහරදිලා

කළුතර නාගොඩ රෝහලේ ප්‍රධාන දොරටුව අසල පොලිස් නිලධාරීන් සහ ආරක්ෂක නිලධාරීන් බලා සිටියදී රෝහලට පැමිණි කාන්තාවකට තියුණු ආයුධවලින් පහර දී තිබෙනවා. පහරදීම සිදුකර ඇත්තේ කළුතර,...

ඇල්ල – වැල්ලවාය මාර්ගයත් නායයාමේ අවදානම් තත්ත්වයක

ඇල්ල, කරදගොල්ල, දහය කණුව ප්‍රදේශයේ මේ වන විට නායයෑමක් සක්‍රීය වී තිබෙනවා. ඇල්ල - වැල්ලවාය මාර්ගයටද බලපෑම් ඇතිවිය හැකි බැවින් රියැදුරන් ඒ පිළිබඳව සැළකිලිමත් වීම...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...