රුසියාවේ ඇන්ඩෘ රෙබ්ලෙව්ෆ් මොන්ටි කාර්ලෝ මාස්ටර්ස් කිරුළ දිනා ගැනීමට සමත් වුණා.
ඔහු අතින් පරාජයට පත් වූයේ ඩෙන්මාර්කයේ 19 හැවිරිදි හෝල්ගර් රූනයි.
තරගයේ ලකුණු සටහන දැක්වුණේ 5-7 6-2 7-5 ලෙසයි.
ලොව ශ්‍රේණිගත කිරීම්හි 9 වැනි ස්ථානයේ සිටින රෙබ්ලෙව්ෆ් ATP මාස්ටර්ස් 1000 කිරුළක් දිනූ පළමු අවස්ථාව මෙයයි.
ඔහු මීට පෙර අවස්ථා 2කදී ATP මාස්ටර්ස් 1000 අවසන් තරගයට සුදුසුකම් ලැබුවත් එම අවස්ථා දෙකේදීම අනුශූරතාවයෙන් සැනසෙන්නට සිදුවුණා.