26.7 C
Colombo
Friday, November 1, 2024

ලංකාවට එමින් සිටියදී පාලමේ ගැටුණු නැවේ සිටි පිරිස ගැන තවත් තොරතුරු

- Advertisement -

අමෙරිකාවේ බැල්ටිමෝ වරායේ සිට ශ්‍රී ලංකාව බලා එමින් සිටියදී පාලමක ගැටුණු නැවේ කාර්ය මණ්ඩලයට කිසිදු අනතුරක් සිදුව නොමැති බව වාර්තා වෙනවා.

එම නැවෙහි කාර්ය මණ්ඩලය ලෙස ඉන්දීය ජාතිකයින් 22ක් කටයුතු කර ඇති අතර, ඔවුන් තවමත් එම නැවෙන් ඉවත්වී නොමැති බව සඳහන්.

Patapsco ගංගාව හරහා එම පාලම ඉදිකර තිබුණේ 1977 දීයි.

“Dali” නම් සිංගප්පුරු ධජය යටතේ සේවයට යොදවා තිබුණු එම නෞකාව අමෙරිකාවේ වේලාවෙන් උදෑසන 1.30ට පමණ පාලමෙහි ප්‍රධාන කණුවක ගැටී තිබුණා.

ඒ හේතුවෙන් එම පාලම ගඟට කඩා වැටුණු අතර පාලම මතින් ගමන් කරමින් තිබූ වාහන 7ක් පමණ ගඟට වැටී තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
 
ගිනි නිවන දෙපාර්තමේන්තුව පවසන්නේ 20 දෙනෙක් පමණ ගඟට වැටී ඇතැයි අනුමාන කරන බවයි.

ගඟට වැටී සිටි දෙදෙනෙක් සහන කණ්ඩායම් විසින් බේරාගෙන තිබුණු අතර ඉන් එක් අයෙකුගේ තත්ත්වය බරපතළ බව වාර්තා වනවා.

තවත් 7 දෙනෙක් ගිලුණු වාහන තුළ සිටිතැයි අනුමාන කෙරෙන අතර, සොනාර් තාක්ෂණය භාවිතයෙන් ඒ බව සහන කණ්ඩායම් විසින් තහවුරු කරගෙන තිබෙනවා.

මේ වනවිට වරාය අසල තදබදයක් වර්ධනය වෙමින් තිබෙන බවද සඳහන්.


RECENT ARTICLES - SINHALA

NPP රජය ඇමතිකමක් දුන්නොත් අධ්‍යනය කරලා බලනවා – සුමන්දිරන්

ජාතික ජනබලවේගයේ රජයක අමාත්‍ය තනතුරක් සඳහා ඇරයුමක් ලැබුණහොත් ඒ පිළිබඳව අධ්‍යනය කළ යුතු බව දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතීඥ එම්.ඒ සුමන්දිරන්...

ලොහාන් රත්වත්තේ රිමාන්ඩ්

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා නොවැම්බර් 07 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ , ඔහු අද (31) පස්වරුවේ නුගේගොඩ අතිරේක මහේස්ත්‍රාත් සංජය ලක්මාල්...

පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් ලොහාන්ට අමාත්‍ය ධූරයක්

0
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා බත්තරමුල්ල සුහුරුපාය ගොඩනැගිල්ලේ පිහිටි පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ අද (31) ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැදවා තිබුණා. එහිදී මාධ්‍යවේදීන් මේ වන...

POPULAR ARTICLES

2024 සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන දිනය ගැන දැනුම් දිමක්

ලබන වසරේ නියමිත දින ගණනට පාසල් පැවැත්වීමේ හැකියාව නැතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. එම අමාත්‍යාංශය පැවසුවේ ලබන වසරේ යෙදෙන රජයේ නිවාඩු දිනයන් හා පාසල් වර්ෂය ජනවාරි...

ඇල්පිටියෙන් හමු වූ රු මිලියන 50ක අම්බර්

ශ්‍රී ලංකාව අවට ගැඹුරු මුහුදේ වෙසෙන තල්මසුන් මරා ඔවුන්ගේ තල්ලෙන් ලබා ගන්නා අම්බර් තොගයක් රුපියල් මිලියන 50ක මුදලකට විකිණීමට උත්සාහ කළ සැකකරුවන් පිරිසක් ඇල්පිටිය...

Breaking: ඉන්ධන මිල වෙනස් වෙන හැටි මෙන්න

මාසික ඉන්ධන මිල සංශෝධනය අනුව අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන...