28.9 C
Colombo
Saturday, April 27, 2024

කොවිඩ් පැණිය ගන්න 5000කට අධික පිරිසක් – පැණි පොකුරක් ඇති වේ දැයි සෞඛ්‍ය අංශ බියෙන්

- Advertisement -

කොවිඩ් 19 වෛරසය සඳහා දේශීය ඔසුවක් සොයා ගත් බව පවසන ඩී.එම්. ධම්මික බණ්ඩාර මහතාගේ කොරෝනා පැණිය ලබා ගැනීම සඳහා 5000 කට ආසන්න පිරිසක් කෑගල්ල, හෙට්ටිමුල්ල, උඩුමාගම පිහිටි ඔහුගේ නිවස ඉදිරිපිටට පැමිණ ඇති බව කෑගල්ල පොලිසියේ නිලධාරියෙකු පැවසීය.‍

කොවිඩ් සුව කරනවා යැයි පවසන අදාල ඖෂධය ලබා ගැනීම සඳහා දෙසැම්බර් 08 දින අලුයම සිට මෙම පිරිස පැමිණෙමින් සිටින බවත් පිරිස් මේ ආකාරයෙන් එක්රැස් වීම නිසා ප්‍රදේශයේ විශාල තදබදයක් ඇති වී ඇති බවත් එම නිලධාරියා පැවසීය.

කෙසේ වෙතත් එම තදබදය පාලනය කිරීමට කෑගල්ල පොලිස් කොට්ඨාශයේ පොලිස් නිලධාරීන් 200කට අධික පිරිසක් යොදවා ඇති බවත් අදාල පැණිය ලබා ගැනීම සඳහා කොවිඩ් ආසාදිතයන්ද පැමිණ ඇති බවට ලැබුණු තොරතුරු මත ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ද එම ස්ථානයට කැඳවා ඇති බවත් ඒ මහතා පැවසීය.

මේ ආකාරයෙන් කොවිඩ් ආසාදිතයන්ද මෙම පිරිස් අතරට පැමිණිම නිසා විශාල අවධානමක් උද්ගත වී ඇති බවත් ඔහු පැවසීය.

කෙසේ වෙතත් අප මේ පිළිබඳව කළ විමසුමකදී කෑගල්ල ප්‍රදේශයේ සෞඛ්‍ය නිලධාරීන් කිහිපදෙනෙක්ම පැවසූවේ පරීක්ෂණ මට්ටමේ ඇති අදාල පැණිය ලබා ගැනීමට පැමිණෙන පිරිස් අතර කොවිඩ් වෛරසය ව්‍යාප්ත වීමේ විශාල ඉඩකඩක් ඇති බවත් බොහෝ පිරිස් නිරෝධායන නීතී කඩ කරමින් මුඛ ආවාරණ පවා නොපැළඳගෙන සිටින බවය. මේ හරහා කොරෝනා පැණි පොකුරක් බිහිවීමට ඉඩ ඇති බවත් අදාල සෞඛ්‍ය නිලධාරීන් පවසයි.

RECENT ARTICLES - SINHALA

හරක් කටා අධිකරණයෙන් තවත් සහන ඉල්ලලා

මේ දිනවල දැඩි රස්නයක් පවතින නිසා තමා රඳවා සිටින කුටියේ සිටීමට අපහසු බැවින් තමාට විදුලි පංකාවක් ලබාදෙන්නැයි ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරමකරුවකු වන නඳුන් චින්තක නොහොත්...

ජයශ්‍රී ට එරෙහි නඩුවට දින නියම කෙරේ

අරුණ ලියාන් මහතා සිය බුද්ධිමය දේපළ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ජයලත් සහෝදරයින්ට එරෙහිව ගොනු කර ඇති නඩුව ගරු වාණිජ මහාධිකරණය ඉදිරියේ අද (26) දින...

කළුතර පොලිස් නිළධාරින් බලා සිටියදී පිරිසක් කාන්තාවකට ආයුධ වලින් පහරදිලා

කළුතර නාගොඩ රෝහලේ ප්‍රධාන දොරටුව අසල පොලිස් නිලධාරීන් සහ ආරක්ෂක නිලධාරීන් බලා සිටියදී රෝහලට පැමිණි කාන්තාවකට තියුණු ආයුධවලින් පහර දී තිබෙනවා. පහරදීම සිදුකර ඇත්තේ කළුතර,...

POPULAR ARTICLES

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් ගැන සුසිල්ගෙන් දැනුම් දිමක්

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් සඳහා 60,000ක් ඉල්ලුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. එහි කටයුතු ලබන සතිය වන විට අරඹන බවත් විද්‍යාපීඨ...