පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට සමගි බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒකමතිකව තීරණය කළ බව එම පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසනවා.
විනය කමිටුවේ නිර්දේශය මත කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒකමතිකව මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
ඩයනා ගමගේ මහත්මිය රජයට පක්ෂපාතීව කටයුතු කිරීම සම්බන්ධව පසුගිය සමයේ පක්ෂය විසින් විනය පරීක්ෂණයක් සිදු කළා.