28.9 C
Colombo
Friday, April 26, 2024

කෘෂිකර්ම ඇමතිගෙන් නාමල් මිලියන 500ක් ඉල්ලයි

- Advertisement -

සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා විසින් රුපියල් මිලියන 500 ක වන්දි මුදලක් ලබාදෙන ලෙස ඉල්ලමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා වෙත එන්තරවාසියක් යවා තිබෙනවා.

ඒ, ගොවි විරෝධතා සම්බන්ධයෙන් පසුගියදා සිදුකළ ප්‍රකාශයක් හේතුවෙන් සිය කීර්තිනාමයට හානි සිදුව ඇති බව පවසමින්.

නීතිඥ සුනිල් වටගල මහතා හරහා යවා ඇති මෙම එන්තරවාසියෙන් නාමල් කරුණාරත්න මහතා දැනුම් දෙන්නේ දින 14 ක් ඇතුළත වන්දි මුදල ගෙවීමට කටයුතු කරන ලෙසයි. එ‍සේ නොමැති වුවහොත් නීතිමය පියවර ගන්නා බවද දන්වා තිබෙනවා.

මහ කන්නය සඳහා පොහොර ඉල්ලා ගොවීන් පාරට බැස්සවීම සිදු කරන්නේ ජනතා විමුක්ති පෙරමුණ බවත් ඒ වෙනුවෙන් නාමල් කරුණාරත්න මහතා ඇතුළු ජවිපෙන නායකයන්, පොහොර සමාගම්වලින් මුදල් ලබාගෙන ඇති බවත් මහින්දානන්ද අළුත්ගමගේ මහතා පවසා තිබිණි.

එම ප්‍රකාශය පසුගිය 17 වැනිදා මාධ්‍ය මගින් වාර්තා කර තිබිණි.

RECENT ARTICLES - SINHALA

ජයශ්‍රී ට එරෙහි නඩුවට දින නියම කෙරේ

අරුණ ලියාන් මහතා සිය බුද්ධිමය දේපළ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ජයලත් සහෝදරයින්ට එරෙහිව ගොනු කර ඇති නඩුව ගරු වාණිජ මහාධිකරණය ඉදිරියේ අද (26) දින...

කළුතර පොලිස් නිළධාරින් බලා සිටියදී පිරිසක් කාන්තාවකට ආයුධ වලින් පහරදිලා

කළුතර නාගොඩ රෝහලේ ප්‍රධාන දොරටුව අසල පොලිස් නිලධාරීන් සහ ආරක්ෂක නිලධාරීන් බලා සිටියදී රෝහලට පැමිණි කාන්තාවකට තියුණු ආයුධවලින් පහර දී තිබෙනවා. පහරදීම සිදුකර ඇත්තේ කළුතර,...

ඇල්ල – වැල්ලවාය මාර්ගයත් නායයාමේ අවදානම් තත්ත්වයක

ඇල්ල, කරදගොල්ල, දහය කණුව ප්‍රදේශයේ මේ වන විට නායයෑමක් සක්‍රීය වී තිබෙනවා. ඇල්ල - වැල්ලවාය මාර්ගයටද බලපෑම් ඇතිවිය හැකි බැවින් රියැදුරන් ඒ පිළිබඳව සැළකිලිමත් වීම...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...