28.9 C
Colombo
Saturday, April 27, 2024

නන්දලාල් කබ්රාල්ටත් වඩා මුදල් අච්චු ගැහුවා..! – ගම්මන්පිල

- Advertisement -

තමන් ගේ පූර්වගාමීන් දැවැන්ත ලෙස මුදල් අච්චු ගැසීම නිසා රටේ උද්ධමනය ඇතිවී ආර්ථික අර්බූදය තීව්‍ර වූ බව නන්දලාල් වීරසේකර සිය තනතුර බාර ගැනීමේ දී පැවසූ නමුත් මේ වන විට ඉතිහාසයේ වැඩිම මුදල් ප්‍රමාණයක් අච්චු ගැසූ මහ බැංකු අධිපතිවරයා බවට ඔහු පත්වී ඇති බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල පවසනවා.

තවදුරටත් ඒ පිළිබඳව සංඛ්‍යාත්මකව පැහැදිලි කළ උදය ගම්මන්පිල.

“මහාචාර්ය ඩබ්. ඩී. ලක්ෂ්මන් මහතා මහ බැංකු අධිපති ධූරයේ සිටිය දී 2020.03.13 සිට 2021.09.14 දක්වා කාලය 551 තුළ රුපියල් බිලියන 1260 ක භාණ්ඩාගාර බිල්පත් නිකුත් කර තිබෙනවා. ජනතාවට තේරුම් යන ආකාරයෙන් කිවහොත් දිනකට රුපියල් බිලියන 2.18 බැගින් මුදල් අච්චු ගසා තිබෙනවා.

ඉන් පසු පැමිණියේ නිවාඩ් කබ්රාල් මහ බැංකු අධිපතිවරයා. ඒ මහතා 2021 සැප්තැම්බර් මස 15 වන දා සිට 2022 අප්‍රේල් මස 5 වන දා දක්වා දින 203ක කාලය තුළ රුපියල් බිලියන 446 ක නව භාණ්ඩාගාර බිල්පත් නිකුත් කර තිබෙනවා. එනම් ඒ මහතා දිනකට රුපියල් බිලියන 2.2 බැගින් මුදල් අච්චු ගසා තිබෙනවා. ලක්ෂ්මන් මහතාගේ වාර්තාව කබ්රාල් මහතා දශම ගණනකින් වැඩියෙන් සිදු කරා.

ඉන්පසු පැමිණියේ මුදල් අච්චු ගැසීම පිළිබඳ ආදීනව මාධ්‍ය පුරා පැවසූ නන්දලාල් වීරසේකරයි. එයා 2022 අප්‍රේල් මස 6 වනදා සිට සැප්තැම්බර් 30 වන දා දක්වා දින 175 ක කාලය තුළ රුපියල් බිලියන 590 ක නව භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරා. එනම් වීරසිංහ මහතාගේ කාලය තුළ දිනකට බිලියන 3.37 ක මුදල් අච්චු ගසා තිබෙනවා. එනම් කබ්රාල් මහතාගේ වාර්තාව නන්දලාල් මහතා විසින් බිඳ දමන්නේ 55% කි ඉහළ දැමීමකින්.

කබ්රාල් මහතා ගේ මහ බැංකු අධිපති ධුරය කාලයේදී දී ඩොලර් මිලියන ගණනින් ණය ගෙව්වා. මුදල් අවශ්‍යතාවය පරිදි මුදල් අච්චු ගැසූවා. ණය ගෙවීමට ද නොමැති මෙම කාලයේ මුදල් අච්චු ගසන්නේ කුමකටදැයි සියල්ලටම ප්‍රශ්නයක්. අද ආණ්ඩුවේ ආදායම කඩා වැටුණත් වැටුප්, විශ්‍රාම වැටුප, සමෘද්ධිය වැනි සහනාධාර ගෙවිය යුතුයි. ආණ්ඩුවට ඒ සඳහා මුදල් නොමැති නම් මුදල් අච්චු ගැසීමෙන් හෝ ගෙවිය යුතුය යන්න සත්‍යයි.”

ලංකාවේ ආර්ථිකය කඩා වැටීමට ප්‍රධාන හේතුවක් වන්නේ විශාල රාජ්‍ය අංශයක් නඩත්තු කිරීමයි. ජනාධිපතිවරයා කෙසේ පැවසුව ද මෙය අයවැය තුළ නව ආයතන එකොළහක් අඳුන්වා දී ඇති බව පවසන ගම්මන්පිල මෙලෙස නව ආයතන හඳුන්වා දීමෙන් ඒවාට අවශ්‍ය අධ්‍යක්ෂකවරුන්, වාහන, කාර්ය මණ්ඩල සියල්ල සඳහා අළුතින් වියදම් කිරීමට සිදුවන බව පෙන්වා දෙනවා.

මේ සියල්ල සමඟ රටේ ආදායමට වඩා වියදම දිනෙන් දින ඉහළ යන බව වැඩිදුරටත් උදය ගම්මන්පිල පවසනවා.

RECENT ARTICLES - SINHALA

හරක් කටා අධිකරණයෙන් තවත් සහන ඉල්ලලා

මේ දිනවල දැඩි රස්නයක් පවතින නිසා තමා රඳවා සිටින කුටියේ සිටීමට අපහසු බැවින් තමාට විදුලි පංකාවක් ලබාදෙන්නැයි ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරමකරුවකු වන නඳුන් චින්තක නොහොත්...

ජයශ්‍රී ට එරෙහි නඩුවට දින නියම කෙරේ

අරුණ ලියාන් මහතා සිය බුද්ධිමය දේපළ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ජයලත් සහෝදරයින්ට එරෙහිව ගොනු කර ඇති නඩුව ගරු වාණිජ මහාධිකරණය ඉදිරියේ අද (26) දින...

කළුතර පොලිස් නිළධාරින් බලා සිටියදී පිරිසක් කාන්තාවකට ආයුධ වලින් පහරදිලා

කළුතර නාගොඩ රෝහලේ ප්‍රධාන දොරටුව අසල පොලිස් නිලධාරීන් සහ ආරක්ෂක නිලධාරීන් බලා සිටියදී රෝහලට පැමිණි කාන්තාවකට තියුණු ආයුධවලින් පහර දී තිබෙනවා. පහරදීම සිදුකර ඇත්තේ කළුතර,...

POPULAR ARTICLES

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් ගැන සුසිල්ගෙන් දැනුම් දිමක්

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් සඳහා 60,000ක් ඉල්ලුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. එහි කටයුතු ලබන සතිය වන විට අරඹන බවත් විද්‍යාපීඨ...