26 C
Colombo
Monday, April 29, 2024

Breaking: බෘෘනෝට ඇප. නටාෂා යළි රිමාන්ඩ්

- Advertisement -

බුදු දහමට අපහාස වන අයුරින් ප්‍රකාශ සිදු කළ සිද්ධියට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ජයනි නතාෂා එදිරිසූරිය හට ආධාර අනුබල ලබාදුන් චෝදනාව මත රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි බෲනෝ දිවාකර යන අයට අද (21) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප නියම කළා.

ඒ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් සහ රුපියල් 50,000 ක මුදල් ඇපයක් මතයි.

කෙසේවෙතත් බෞද්ධ දර්ශනයට හා සංස්කෘතියට අපහාස වන අයුරින් ප්‍රකාශයක් සිදු කිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිනී නතාෂා එදිරිසූරිය ලබන මස 5 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

නටාෂා එදිරිසූරිය යන අය අද ඇප ඉල්ලීමක් ඉදිරිපත් කර තිබුණද කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ විසින් අදාළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබුණා.

එමෙන්ම ආගමික සහජීවනයට බාධා වන අයුරින් ප්‍රකාශ නිකුත් කළ පූජ්‍ය රාජාංගනයේ සද්ධාරතන හිමියන් ද ලබන මස 5 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටද කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ අද නියෝග කරනු ලැබුවා.

RECENT ARTICLES - SINHALA

හත්දහසකට හිමිවු පොදු සමාව

නිවාඩු ලබා නොගෙන සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයින් 7,000කට අධික පිරිසක් පොදු සමා කාලයේ පළමු සතිය තුළ ඉවත් කර තිබෙනවා. අප්‍රේල් මස 20...

සංවර්ධන නිලධාරීන් හෙට ලෙඩවෙයි

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සංවර්ධන නිලධාරීන් හෙට (29) වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයකට එළඹීමට තීරණය කර තිබෙනවා. අද (28) මහනුවර පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් සංවර්ධන...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

රනිල් අවුරුදු කුමාරියන්ට තෑගි දෙන්න ගිහිල්ලා

මැද කොළඹ - සුදුවැල්ල බක්මහ උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වී තිබෙනවා. මෙම වාර්ෂික බක්මහ උළෙල සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත්...