ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේ ඉන්දියාව වෙනුවෙන් ප්‍රථම රන් පදක්කම දිනා ගැනීමට නීරාජ් චොප්රා සමත් විය.
ඒ හංගේරියාවේ බුඩාපෙස්ට් හි පැවැත්වෙන ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේදී හෙල්ල විසිකිරීමේ රන් පදක්කම දිනා ගැනීමට හැකි වීමත් සමඟයි.
ඒ අනුව ලෝක මලල ක්‍රීඩා කිරුළක් හිමිකරගත් පළමු ඉන්දියානුවා වන්නේ නීරාජ් චොප්රා බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
එම ඉසව්වේ ඔලිම්පික් ශූරයා ද වන චොප්රා මීටර් 88.17ක් දුර හෙල්ලය විසිකරමින් එම ඉසව්වේ රන් පදක්කම හිමිකරගත් අතර රිදී පදක්කම පාකිස්තානයේ අර්ශාද් නදීම් හිමිකරගත්තේ මීටර් 87.82ක් දුරට හෙල්ලය විසිකරමින් දිනා ගත්තා.
ලෝක මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේදී මීට පෙර ඉන්දියාව වෙනුවෙන් පදක්කමක් දිනාගත්තේ කාන්තා දුර පැනීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනාගත් අන්ජු බොබී ජෝර්ජ් 2003 වසරේදී.