ගුරු විදුහල්පති වැටුප් විෂමතාවය ඉවත් කිරීම සම්බන්ධයෙන් ඇමති අනුකමිටුව විසින් ඉදිරිපත් කර ඇති යෝජනාව පිළිබදව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ ගුරු වෘත්තිය සමිති කිහිපයක් අතර සාකච්ඡාවක් අධ්‍යාපන අමාත්‍යංශයේ දී අද (26) පැවැත්වුණා.
පැය දෙකකට ආසන්න කාලයක් සාකච්ඡා පැවති අතර මින් පෙර පැවැති සාකච්ඡා වලට සමගාමීව මෙම සාකච්ඡාව සාධනීය ආකාරයකට නිම වුණු බව වෘත්තීය සමිති ප්‍රකාශ කළා.
කැබිනට් මණ්ඩල තීරණ කිහිපයකදීම මෙම ගැටළුවට නිසි ආකාර විසඳුම් නොලැබුණු නමුත් ඉදිරි කැබිනට් මණ්ඩලයේදී මෙම ගැටලුව සම්බන්ධයෙන් යළිත් වරක් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ගුරු විදුහල්පතිවරු වැටුප් විෂමතා ගැටලුව සියලු විසඳුම් ලබාදෙන බව මෙහිදී අමාත්‍යවරයා පොරොන්දු වී තිබෙනවා.