27 C
Colombo
Monday, April 29, 2024

නව විදුලිබල පනත ළඟදීම

- Advertisement -

නව විදුලි ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පත ඉදිරි සති දෙක තුළ ගැසට් කර අප්‍රේල් අවසන් සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතුවල ප්‍රගතිය සමාලෝචනය කිරීමේ සාකච්ඡාවක් ප්‍රතිව්‍යුහගත කිරීමේ කාර්යංශයේ නිලධාරීන් ගේ සහභාගිත්වයෙන් පැවති අවස්ථාවේදීයි.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම දක්වා අවම දෙසතියක කාලයක් සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසුද දෙසතියක කාලයක් ඕනෑම පාර්ශ්වකරුවෙකුට හෝ පුද්ගලයෙකුට නව විදුලිබල පනත් කෙටුම්පත නිරීක්ෂණය කිරීමට සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සති දෙකක් තුල එහි නෛතික භාවය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝග කිරීමට අවස්ථාව හිමි වනවා

එමෙන්ම, සංවර්ධන නියෝජිත ආයතන සහ ක්ෂේත්‍රයේ පාර්ශවකරුවන් විසින් ඉදිරිපත් කළ යෝජනා ඇතුළත් කරමින් සහ දෙසැම්බර් මසදී ගැසට් මගින් ප්‍රසිද්ධ කරන ලද නව විදුලිබල පනත් කෙටුම්පතේ තිබූ සිංහල හා දමිළ පරිවර්තන වල අඩුපාඩු සියල්ල නීති කෙටුම්පත් සම්පාදක විසින් නිවැරදිකර තිබෙන බව සඳහන්

මේ අතර නව විදුලිබල පනත් කෙටුම්පත අධ්‍යයනය කර නීතිපති දෙපාර්තමේන්තුව විසින් ඔවුන්ගේ නිශ්කාෂණ සහතිකය ද ලබා දී තිබෙනවා

RECENT ARTICLES - SINHALA

හත්දහසකට හිමිවු පොදු සමාව

නිවාඩු ලබා නොගෙන සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයින් 7,000කට අධික පිරිසක් පොදු සමා කාලයේ පළමු සතිය තුළ ඉවත් කර තිබෙනවා. අප්‍රේල් මස 20...

සංවර්ධන නිලධාරීන් හෙට ලෙඩවෙයි

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සංවර්ධන නිලධාරීන් හෙට (29) වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයකට එළඹීමට තීරණය කර තිබෙනවා. අද (28) මහනුවර පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් සංවර්ධන...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

EPF ගැන රජය හදිසියේම ගත් තීරණය

සේවක අර්ථසාධක අරමුදල සඳහා ගෙවනු ලබන පොලී අනුපාතය සියයට 9 සිට සියයට 13 ක් දක්වා ඉහළ දැමීමට රජය තීරණය කර තිබෙනවා. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...