28.2 C
Colombo
Saturday, April 27, 2024

නව සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කෙරේ. ස්පා යළිත් වැසේ

- Advertisement -

සම්පූර්ණ රට වසා දැමීමකින් තොරව සෞඛ්‍ය මාර්ගෝපදේශ පමණක් යළි නිකුත් කිරීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව නව සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ මෙතෙක් ලිහිල් කර තිබූ ක්‍රියාකාරම් රැසක් යළි අත්හිටුවීමට කටයුතු කර ඇත.

නව සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව පෙර පාසල්, පාසල්, උපකාරක පන්ති හා විශ්ව විද්‍යාල යළි දැනුම්දෙන තුරු වසා තැබෙනවා.

එමෙන්ම විවාහ උත්සව පැවැත්වීම ඊයේ සිට තහනම් කර ඇති අතර කිසිදු සාදයක්, ඒකරාශීවීමක්, එළිමහන් හෝ ගෘහස්ත සාදයන් පැවැත්වීමද නව මාර්ගෝපදේශ අනුව තහනම් කර තිබෙනවා.

ව්‍යායාම මධ්‍යස්ථාන, ගෘහස්ත ක්‍රීඩාගාර, ළමා උද්‍යාන, සංගීත සංදර්ශන, සැණකෙළි, වෙරළ සාද සියල්ලම තහනම් කර ඇති අතර අද සිට සියලුම පිහිණුම් තටාකද වසා දැමීමට නියමිතයි.

පසුගිය දිනවල අවසර ලබාදුන් සම්බාහන මධ්‍යස්ථාන යළිත් වරක් වසාදමන ලෙසට නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මගින් උපදෙස් ලබාදී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ජයශ්‍රී ට එරෙහි නඩුවට දින නියම කෙරේ

අරුණ ලියාන් මහතා සිය බුද්ධිමය දේපළ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ජයලත් සහෝදරයින්ට එරෙහිව ගොනු කර ඇති නඩුව ගරු වාණිජ මහාධිකරණය ඉදිරියේ අද (26) දින...

කළුතර පොලිස් නිළධාරින් බලා සිටියදී පිරිසක් කාන්තාවකට ආයුධ වලින් පහරදිලා

කළුතර නාගොඩ රෝහලේ ප්‍රධාන දොරටුව අසල පොලිස් නිලධාරීන් සහ ආරක්ෂක නිලධාරීන් බලා සිටියදී රෝහලට පැමිණි කාන්තාවකට තියුණු ආයුධවලින් පහර දී තිබෙනවා. පහරදීම සිදුකර ඇත්තේ කළුතර,...

ඇල්ල – වැල්ලවාය මාර්ගයත් නායයාමේ අවදානම් තත්ත්වයක

ඇල්ල, කරදගොල්ල, දහය කණුව ප්‍රදේශයේ මේ වන විට නායයෑමක් සක්‍රීය වී තිබෙනවා. ඇල්ල - වැල්ලවාය මාර්ගයටද බලපෑම් ඇතිවිය හැකි බැවින් රියැදුරන් ඒ පිළිබඳව සැළකිලිමත් වීම...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...