බන්ධනාගාර කළමනාකරණ සහ සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ලොහාන් රත්වත්ත මහතා අද (2) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දී ඇති බව ජනාධිපති කාර්යාලය නිවේදනය කරනවා.
මීට පෙර එම අමාත්‍ය ධූරය හිමිවූයේ විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය හටයි.
නමුත් මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාවයෙන් දිනකට පසු ඇයව ශ්‍රී ලංකාවේ COVID 19 තත්ත්වය කළමනාකරණය කිරීම සඳහා අළුතින් පිහිටුවන ලද රාජ්‍ය අමාත්‍ය ධුරයට පත්කළා.
නව අමාත්‍ය ධූරයට අමතරව ලොහාන් රත්වත්තේ මහතා මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා ලෙසද කටයුතු කරයි.

- “Don’t act childish”: EC hits back at DG Information
- Uninterrupted power supply during A/L : PUCSL’s new instruction to CEB
- චීනය ඉන්දියාව ජල යුද්ධයකට සූදානම් වේ
- ලෝකයේ සෞඛ්‍යට ඉන්දියාවෙනුත් හයියක්
- BREAKING – අද සහ හෙට විදුලි කප්පාදුව නවතී